"සිල්ලා" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
Created by translating the page "Silla"
 
No edit summary
1 පේළිය:
{{තොරතුරුකොටුව පුරාණ දේශය
'''Silla''' (57 BC<ref group="note">57 BC according to the Samguk Sagi; however Seth 2010 notes that "these dates are dutifully given in many textbooks and published materials in Korea today, but their basis is in myth; only Goguryeo may be traced back to a time period that is anywhere near its legendary founding."</ref> – 935 AD) ([[හංගුල්|Hangul]]<span>:</span>&nbsp;<span lang="ko-Hang">신라</span>
|native_name = 신라 (新羅)
[[Category:Articles containing Korean-language text|Category:Articles containing Korean-language text]]
|conventional_long_name = සිල්ලා
&#x3B;<span> </span>hanja<span>:</span>&nbsp;<span lang="ko-Hani">新羅</span>
|common_name = සිල්ලා
[[Category:Articles containing Korean-language text|Category:Articles containing Korean-language text]]
|continent = Asia
&#x3B;<span> </span>RR<span>:</span>&nbsp;''Silla'' {{IPA-ko|ɕʰilːa}}) was one of the [[කොරියාවේ රාජධානි තුන|Three Kingdoms of Korea]], and one of the world's longest sustained dynasties. Although it was founded by King Park Hyeokgeose, the dynasty was ruled by the Gyeongju Kim (김, 金) clan for most of its 992-year history. It began as a chiefdom in the Samhan confederacies, once allied with [[චීනය|China]], but Silla eventually conquered the other two kingdoms, Baekje in 660 and Goguryeo in 668. Thereafter, Unified Silla or Later Silla, as it is often referred to, occupied most of the Korean Peninsula, while the northern part re-emerged as Balhae, a successor-state of Goguryeo. After nearly 1000 years of rule, Silla fragmented into the brief Later Three Kingdoms, Silla, Hubaekje, and Taebong, handing over power to its successor dynasty Goryeo in 935.<ref>http://www.shilla.or.kr/shilla_culture/ Retrieved on 2008-03-08</ref>
|region = නැගෙනහිර ආසියාව
|country = දකුණු කොරියාව
|status =
|status_text =
|government_type = රාජාණ්ඩුව
|year_start = ක්‍රි.පූ. 57
|year_end = ක්‍රි.ව. 935
|life_span = ක්‍රි.පූ. 57–ක්‍රි.ව. 935
|event_start = ස්ථාපනය
|date_start =
|event_end = [[ගෝර්යෝ රාජවංශය]] විසින් අත්පත් කරගැනීම
|date_end =
|event1 = [[බුදු දහම]] හඳුන්වා දීම
|date_event1 = 530
|event2 = [[සිල්ලාහි ජින්හ්‍යුං|ජින්හ්‍යුං රජුගේ]] යුධ ව්‍යාපාර
|date_event2 = 551–585
|event3 = [[එක්සත් සිල්ලා]]
|date_event3 = 668–935
|event_pre =
|date_pre =
|p1 = ජින්හන් සංයුක්තය
|p2 = ගෝජොසොන්
|s1 = එක්සත් සිල්ලා
|flag_s1 = Seal of Silla.png
|image_coat = Seal of Silla.png
|coat_size =
|coat_alt =
|symbol =
|symbol_type = රාජකීය මුද්‍රාව
|image_map = History of Korea-576.png
|image_map_caption = පූර්ව-එක්සත් සිල්ලාව ක්‍රි.ව. 576දී එහි උච්චස්ථානයේ.
|capital = [[ග්යොංජු]] (සොරබොල්, හෙවත් ගුම්සොං)
|common_languages = [[සිල්ලා භාෂාව]]<br />([[පැරණි කොරියානු]] බසේ කොටසකි)
|religion = [[බුදු දහම]], [[කොන්ෆියුසියානුවාදය]], [[තාවෝවාදය]], [[කොරියානු යකැදුරුවාදය]]
|currency =
|title_leader = [[රජු]]
|leader1 = [[සිල්ලාහි බක් හ්යොක්ගොසේ|හ්යොක්ගොසේ]] (පළමු)
|year_leader1 = ක්‍රි.පූ. 57 – 4
|leader2 = [[සිල්ලාහි ජින්හ්‍යුං|ජින්හ්‍යුං]]
|year_leader2 = 540–576
|leader3 = [[සිල්ලාහි මුයොල්|මුයොල්]]
|year_leader3 = 654–661
|leader4 = [[සිල්ලාහි මුන්මු|මුන්මු]]
|year_leader4 = 661–681
|leader5 = [[සිල්ලාහි සින්මුන්|සින්මුන්]]
|year_leader5 = 681–692
|leader6 = [[සිල්ලාහි ග්යොංසුන්|ග්යොංසුන්]] (අවසන්)
|year_leader6 = 927–935
|today = {{ධජය|දකුණු කොරියාව}}<br />{{ධජය|උතුරු කොරියාව}}
|footnotes =
}}
{{තොරතුරුකොටුව කොරියානු නම
|hangul={{linktext|신|라}}
|hanja ={{linktext|新|羅}}
|rr=සිල්ලා
|mr=සිල්ලා
}}
 
'''සිල්ලා''' (ක්‍රි.පූ. 57<ref group="note">ක්‍රි.පූ. 57 ලෙස සඳහන් වන්නේ [[සම්ගුක් සගි]] ග්‍රන්ථයේ ය; කෙසේනමුත් සෙත් 2010 පවසන්නේ "මෙම දිනයන් වර්තමාන කොරියානු පෙළපොත් සහ නොයෙකුත් ප්‍රකාශනවල සඳහන් කර තිබුණත්, එහි පදනම මිත්‍යාවක් විය හැකි බවයි; ගොගුර්යෝව පමණක් කාල යුගයක් ලෙස සැලකිය හැක්කේ එහි පුරාවෘත්තමය ඇරඹුම හා සමීප බව සලකායි."</ref> – ක්‍රි.ව. 935) ({{Korean|신라|hanja=新羅|rr=සිල්ලා}} {{IPA-ko|ɕʰilːa}}) යනු [[කොරියාවේ තුන් රාජධානි|කොරියාවේ තුන් රාජධානිවලින්]] එකකි. එසේම එය ලොව වැඩිම කාලයක් පැවති [[රාජවංශය|රාජවංශවලින්]] එකක් ලෙස සැලකෙයි. මෙය [[සිල්ලාහි බක් හ්යොක්ගොසේ|පාක් හ්යොක්ගොසේ]] රජු විසින් පිහිටුවූව ද, වසර 992ක එහි ඉතිහාසය තුළ බොහෝකලක් රාජවංශයේ පාලනය ගෙනයන ලද්දේ [[ග්යොංජු]] [[කිම් (කොරියානු නම)|කිම්]] (김, 金) වංශය විසිනි. එය [[සම්හන්]] සංයුක්තයේ බල ප්‍රදේශයක් ලෙස ආරම්භ විය. වරක් [[චීනය]] සමග මිත්‍ර සම්බන්ධතා පවත්වා ගනිමින්, සිල්ලාව ක්‍රමයෙන් අනෙක් රාජධානි ද්විත්වය වූ [[බෙක්ජේ]] රාජ්‍යය 660දී සහ [[ගොගුර්යෝ]] රාජ්‍යය 668දී ද ආක්‍රමණය කරන ලදී. අනතුරුව බිහි වූ [[එක්සත් සිල්ලා|එක්සත් සිල්ලාව]] හෙවත් පසුකාලීන සිල්ලාවට [[කොරියානු අර්ධද්වීපය|කොරියානු අර්ධද්වීපයේ]] බොහෝ ප්‍රදේශ අයත් විය. උතුරු පෙදෙස [[බල්හේ]] ලෙස නැවත නැගී ආ අතර එය [[ගොගුර්යෝ|ගොගුර්යෝහි]] අනුප්‍රාප්තික රාජ්‍යයක් ලෙස සැලකේ. ආසන්න වශයෙන් වසර 1000ක පාලනයෙන් පසු සිල්ලාව [[පසුකාලීන තුන් රාජධානි]] වූ සිල්ලා, [[හුබෙක්ජේ]] සහ [[තේබොං]] ලෙස බිඳී ගිය අතර එය ඉන්පසුව 935දී බලයට එළැඹි [[ගෝර්යෝ]] රාජවංශයේ නැගීමට හේතු විය.<ref>http://www.shilla.or.kr/shilla_culture/ සම්ප්‍රවේෂණය 2008-03-08</ref>
== Name ==
 
== Notes නම==
මෙම රාජධානියේ උපතේ සිට එහි පරිණත වීම දක්වා, සිල්ලාව එහි දේශීය කොරියානු නාමය ඇසුරෙන් විවිධ [[හන්ජා]] නම්වලින් හඳුන්වා ඇත: 斯盧 (사로, '''සරෝ'''), 斯羅 (사라, '''සරා'''), 徐那(伐) (서나[벌], '''සොනා[බොල්]'''), 徐耶(伐) (서야[벌], '''සොයා[බොල්]'''), 徐羅(伐) (서라[벌], '''සොරා[බොල්]'''), සහ 徐伐 (서벌, '''සොබොල්''') ඒ අතර වේ. 503දී, [[සිල්ලාහි ජිජ්‍යුං|ජිජ්‍යුං රජු]] විසින් 新羅(신라) යන අක්ෂර ප්‍රමාණනය කර නූතන කොරියානු උච්චාරණය වූ "ෂිල්ලා" යන නාමය හඳුන්වා දෙන ලදී.
 
ශබ්දාර්ථය මත පදනම් වූ කල්පිතයක් අනුව (මේ පිළිබඳ විවිධ කල්පිත ඇත) ''සොරබොල්'' යන නාමය "අගනගරය" යන අරුතැති [[දකුණු කොරියාව|දකුණු කොරියාවේ]] නූතන අගනුවර වන ''සෝල්'' යන වදනෙහි සම්භවය වන්නට ඇතැයි සැලකේ. මෙම නගරය මීට කලින් [[හන්සොං]] (漢城) හෙවත් [[සෝල්|හන්යං]] (漢陽) ලෙස ද හඳුන්වා ඇත. සිල්ලා අගනගරයේ නාමය පසුකාලීන මධ්‍ය කොරියානු ස්වරූපය වන "රාජකීය අගනගරය" අරුතැති ''ස්යෝබ්‍යුල්'' (셔블) බවට ගත් වී, එය ''ස්යොල්'' (셔울) බවටත්, අවසානයේ නූතන කොරියානු බසින් ''සෝල්'' (서울) බවටත් පත්වන්නට ඇතැයි සැලකේ.
 
සිල්ලාහි නාමය හෝ එහි අගනුවර වූ සොර-බොල් යන වදන ඊසානදිග ආසියාව පුරා සිල්ලා ජනතාව හැඳින්වීමට භාවිතා වී ඇත. මෙය [[පැරණි ජපන්|පැරණි]] යමාටෝ ජපන් ජනයා '''[[:en:wiktionary:新羅|ෂිරාගි]]''' යන වදන ද, මධ්‍යකාලීන [[ජුර්චෙන් ජනයා|ජුර්චෙන්වරුන්]] සහ ඔවුන්ගේ පසුකාලීන පැවතෙන්නන් වූ [[මැංචු ජනයා|මැංචුවරුන්]] විසින් '''සෝලගෝ''' හෝ '''සොල්හෝ''' යන වදන් ද භාවිතා කර ඇත. නූතන [[මොංගෝලියානු භාෂාව|මොංගෝලියානු බසින්]], [[කොරියාව]] සහ [[කොරියානුවන්]] හඳුන්වන Солонгос ''සොලොංගොස්'', යන වදන ''සිල්ලා'' යන වදනින් ආභාසය ලැබූ "[[දේදුන්න]]" (солонго ''සොලොංගෝ'') අරුතැති වදනින් සම්භවය වන්නට ඇතැයි සැලකේ.
 
සිල්ලාව '''[[ග්යේරිම්]]''' (鷄林, 계림) ලෙස ද හඳුන්වයි. මෙහි සාහිත්‍යමය අරුත "කුකුළු වනාන්තරය" යන්නයි. මෙය සිල්ලා අගනුවර අසල වනාන්තරයක නමක් ඇසුරෙන් ඇතිවූවක් වන අතර, ජනප්‍රවාද අනුව රාජ්‍යයේ ආරම්භකයා බිහි වූයේ [[:en:cockatrice|කොක්ට්‍රිස්]] (කොරියානු. ''ග්යෝර්යොං'', 雞龍, 계룡, සාහිත්‍යමය "කුකුළු-මකරා") බිත්තරයකිනි.
 
==ඉතිහාසය==
[[File:Gold Diadem Ornament from Geumgwanchong.jpg|thumb|200px|left|මුල්කාලීන සිල්ලාවේ රන් ආභරණයක්.]]
{{කොරියාවේ ඉතිහාසය}}
විද්වතුන් විසින් සම්ප්‍රදායිකව සිල්ලා ඉතිහාසය යුග තුනකට බෙදනු ලබයි: මුල්කාලීන (ක්‍රි.පූ. 57–ක්‍රි.ව. 654), මධ්‍යම (654–780), සහ පසුකාලීන (780–935).
 
=== බලය හුවමාරු වීම ===
[[පාක් (කොරියානු වාසගම)|පාක්]] වංශය පරම්පරා තුනක් පුරා බලය හෙබවී ය. කුමන්ත්‍රණයක් මගින් [[සොක් (කොරියානු නම)|සොක්]] වංශය බලය සියතට ගන්නා ලදී. පළමු සොක් පාලකයා වූ, [[සිල්ලාහි තල්හේ|සිල්ලාහි තල්හේගේ]] සමයේ, සිල්ලාව තුළ [[කිම් (කොරියානු වාසගම)|කිම්]] වංශයේ පැවැත්ම පිළිබඳ කථාපුවතක් අනුව, [[හෝගොං|හෝගොංට]] හමු වූ රන් පැහැ මංජුසාවක් තුළ [[කිම් අල්ජි]] උපත ලැබූ බව පැවසේ. පාක් සහ සොක් වංශිකයන් බලය උදෙසා නිරතුරුවම සටනෙහි යෙදුණු අතර, ඔවුන් දෙවර්ගයම කිම් වංශය විසින් බලයෙන් පහකරන ලදී. පාක් සහ සොක් වංශික රදලයන්ගේ සහාය ඇතිව කිම් වංශිකයෝ පරම්පරා ගණනක් පුරා සිල්ලාව පාලනය කළහ. [[එක්සත් සිල්ලා|පසුකාලීන සිල්ලාවේ]] අවසන් පාලකයා වූ, [[සිල්ලාහි ග්යොංසුන්|ග්යොංසුන්]] රජු ද, කිම් වංශිකයෙකි.
 
===පදනම===
[[ප්‍රාක්-තුන් රාජධානි]] යුගයේ, මධ්‍යම සහ දකුණුදිග කොරියාවේ නගර-රාජ්‍ය [[සම්හන්]] නැමැති සංයුක්ත රාජ්‍ය තුනකට වර්ග කෙරිණි. සිල්ලාව සාමාජිකයන් 12 දෙනකුගෙන් යුත් [[ජින්හන්]] සංයුක්ත රාජ්‍යය තුළ ආරම්භ වූයේ '''සරෝ-ගුක්''' නැමැති කුඩා රාජ්‍යයක් ලෙසිනි. සරෝ-ගුක් රාජ්‍යය ගම්මාන හයකින් සහ වංශ හයකින් සමන්විත විය.
 
කොරියානු වාර්තා අනුව, සිල්ලාව පිහිටුවන ලද්දේ ක්‍රි.පූ. 57දී, [[සිල්ලාහි බක් හ්යොක්ගොසේ|පාක් හ්යොක්ගොසේ]] රජු විසින්, නූතන [[ග්යොංජු]] අවට ප්‍රදේශයේ ය. සුදු අශ්වයකු විසින් ලන ලද බිජුවකින් බිහි වූ බව පැවසෙන හ්යොක්ගොසේ, සිය 13වන වියේ දී සය වංශිකයන් විසින් ඔහුව රජු ලෙස තෝරාගෙන සරෝ (හෙවත් සොනා) රාජ්‍යය ස්ථාපනය කරන ලදී. ඔහු නූතන කොරියාවේ පවුල් නාම අතරින් වඩාත් බහුල නාමයක් වන, [[පාක් (කොරියානු වාසගම)|පාක්]] (박) වංශයේ ආරම්භකයා ලෙස ද සැලකෙයි.
 
[[සම්ගුක් සගි]] සහ [[බෙයි ෂි]] ග්‍රන්ථ අනුව පැවසෙන්නේ, පසුකලෙක [[ජින්හන් සංයුක්තය]] බවට පත් වූ, [[ලෙලෑං ආඥාභූමිය]] පිහිටි ප්‍රදේශය සිල්ලාවේ සැබෑ සම්භවය බවයි.<ref>''[[බෙයි ෂි]]列傳第八十二 四夷'', Original: 新罗者,其先本辰韩种也。地在高丽东南,居汉时乐浪地。辰韩亦曰秦韩。相传言秦世亡人避役来适,马韩割其 东界居之,以秦人,故名之曰秦韩。其言语名物,有似中国人。....其文字、甲兵,同于中国[https://zh.wikisource.org/wiki/%E5%8C%97%E5%8F%B2/%E5%8D%B7094 Link]</ref><ref>''[[සම්ගුක් සගි]]新羅本紀/卷1/赫居世 居西干'',Original:前此 中國之人 苦秦亂東來者衆 多處馬韓東 與辰韓雜居 至是寖盛 故馬韓忌之 有責焉 [https://zh.wikisource.org/wiki/%E4%B8%89%E5%9C%8B%E5%8F%B2%E8%A8%98/%E6%96%B0%E7%BE%85%E6%9C%AC%E7%B4%80/%E5%8D%B71/%E8%B5%AB%E5%B1%85%E4%B8%96_%E5%B1%85%E8%A5%BF%E5%B9%B2 Link]</ref><ref>''朝鮮王朝 李圭景 五洲衍文长笺散稿 卷三十五 三韩始末辨证说'',[https://zh.wikisource.org/zh/%E4%B8%89%E9%9F%A9%E5%A7%8B%E6%9C%AB%E8%BE%A8%E8%AF%81%E8%AF%B4 Link]</ref><ref>''[[ගු යන්වු]]日知錄 卷29'',Original:辰韩亦曰秦韩,相传言秦世亡人避役来适,马韩割其东界居之。以秦人故,名之曰秦韩。其言语名物有似中国人。[https://zh.wikisource.org/wiki/%E6%97%A5%E7%9F%A5%E9%8C%84/%E5%8D%B729 Link]</ref><ref>''[[බෙයි ෂි]] 卷94 新羅'',Original:相传言秦世亡人避役来适。[https://zh.wikisource.org/wiki/%E5%8C%97%E5%8F%B2/%E5%8D%B7094 Link]</ref><ref>''[[සම්ගුංන්‍යුසා]], Original: The History of the Later Han Dynasty writes, "An old person from Chenhan State said that some refugees came to Korea from the Chinese Empire of Qin, and Mahan gave them some land of her eastern border.</ref><ref>{{cite book|last1=හොරේෂ්|first1=එන්.|title=ඒෂියන් තෝට් ඔන් චයිනා'ස් චේන්ජිං රිලේෂන්ස්|date=2014|publisher=පැල්ග්‍රේව් මැක්මිපන්|isbn=978-1137299321|page=175}} "According to the Samguksagi entry for the 38th year of King Bak Hyeogeose of Silla, it is claimed that refugees from Qin settled in Jinhan, that is south-eastern Korea."</ref>
 
===මුල්කාලීන යුගය===
2වන සියවස වන විට, සිල්ලාව [[කොරියානු අර්ධද්වීපය|කොරියානු අර්ධද්වීපයේ]] අග්නිදිග පෙදෙසේ පැහැදිළි රාජ්‍යයක් ලෙස පැවතිණි. එය යාබද ජින්හන් සංයුක්තයේ රාජ්‍යවලට ද සිය බලපෑම පැතිර වූ නමුත්, 3වන සියවස තෙක්ම එය පැවතුණේ ලිහිල් සමූහාණ්ඩු රාජ්‍යයක බලවත් නගරයක් ලෙසයි.
 
බටහිරින්, 250 පමණ වනවිට [[බෙක්ජේ]] ජනපදය, [[මහන් සංයුක්තය]] ඉක්මවා යමින් රාජධානියක් බවට මධ්‍යගත විය. නිරිතදිගින්, [[බ්යොන්හන් සංයුක්තය|බ්යොන්හන්]] විස්ථාපනය කරමින් [[ගයා සංයුක්තය]] බිහි විය. උතුරුදිග කොරියාවේ, ක්‍රි.ව. 50දී පමණ බිහි වූ [[ගොගුර්යෝ]] රාජධානිය විසින් 313දී අවසාන චීන ආඥාභූමිය විනාශ කර සිය බලය වර්ධනය කරගන්නා ලදී.
 
===මධ්‍යගත රාජ්‍යයක ඉස්මතු වීම===
[[File:Korea-Silla Kingdom-Golden hat-01.jpg|thumb|180px|left|රන් ඇතුළු හිස්වැස්මක්. 5-6වන සියවස් සිල්ලාව.]]
කිම් වංශයේ [[සිල්ලාහි නේමුල්|නේමුල් රජු]] (356–402) බල-හුවමාරු සංසරණ ක්‍රමය අවසන් කරමින්, ප්‍රවේණි රාජාණ්ඩු ක්‍රමයක් ස්ථාපනය කළ අතර, රජුගේ නව රාජකීය නාමය ''මරිප්ගාන්'' ("හිස" හෝ "හිසකෙස්" යන අරුතැති ස්වදේශීය කොරියානු මූලයන් වූ ''මාරි'' හෝ ''මොරි'' සහ "මහා, ප්‍රධාන, බොහෝ, අනල්ප" වැනි අරුතැති දකුණුදිග කොරියාවේ පාලන කුමාරවරුන් භාවිතා කළ ''ගන්'' හෝ ''හන්'' යන වදන් ඇසුරෙන් සම්භවය වන්නට ඇත. මෙය මොංගොලියානු/තුර්කි [[ඛාන් (නාමය)|ඛාන්]] යන වදන සමග සම්බන්ධයක් ඇතැයි සිතිය හැක) 377දී, මෙම රාජ්‍යය චීනය වෙත දූතගමන් සිදු කළ අතර, [[ගොගුර්යෝ]] සමග සබඳතා යළි ස්ථාපිත කළහ.
 
බටහිරින් [[බෙක්ජේ]] සහ දකුණින් ජපානයෙන් එල්ල වූ පීඩනය නිසා,<ref>[http://muse.jhu.edu/login?auth=0&type=summary&url=/journals/korean_studies/v027/27.1allen.pdf]</ref> 4වන සියවසේ අගභාගයේ දී, සිල්ලාව [[ගොගුර්යෝ|ගොගුර්යෝව]] සමග මිත්‍ර සබඳතා පැවැත්වී ය. කෙසේනමුත්, ගොගුර්යෝව දකුණුදිගින් සිය රාජ්‍යය විශාල කරගැනීමට උත්සාහ දරමින් 427දී එහි අගනුවර [[ප්යොංග්යෑං]] වෙත ගෙන යන ලද අතර, [[සිල්ලාහි නුල්ජි|නුල්ජිහට]] බෙක්ජේ රාජ්‍යය සමග මිත්‍රවීමට සිදු විය.
 
[[සිල්ලාහි බොප්හ්‍යුං|බොප්හ්‍යුං රජ]] (514–540) සමයේ, සිල්ලාව පරිණත රාජ්‍යයක් බවට පත් වූ අතර, බෞද්ධාගම රාජ්‍ය ආගම බවට පත් විය. සිල්ලාව [[ගයා-සිල්ලා යුද්ධ|ගයා-සිල්ලා යුද්ධවල දී]], 532දී [[ගුම්ග්වන් ගයා|ගුම්ග්වන් ගයාව]] ඈඳාගත් අතර, 562දී [[දේගයා|දේගයාව]] ආක්‍රමණය කරමින් ගයා සංයුක්තය අවශෝෂණය කරගත් අතර, එහි සීමාවන් [[නක්දොං ගඟ|නක්දොං ගංගා]] ද්‍රෝණිය දක්වා ව්‍යාප්ත කළේ ය.
 
[[සිල්ලාහි ජින්හ්‍යුං|ජින්හ්‍යුං රජු]] (540–576) ශක්තිමත් යුධ හමුදාවක් ස්ථාපනය කළේ ය. සිල්ලාව, [[ගොගුර්යෝ|ගොගුර්යෝව]] [[හන් ගඟ (කොරියාව)|හන් ගංගාවෙන්]] ([[සෝල්]]) එපිටට පලවා හැරීම සඳහා [[බෙක්ජේ]] රාජ්‍යයට උපකාර කළේ ය. අනතුරුව වසර-120ක බෙක්ජේ-සිල්ලා සන්ධානය බිඳදමමින් සිල්ලා එව භූමියේ පාලනය 553දී බෙක්ජේ දේශයෙන් උදුරාගත්තේ ය. එසේම ජින්හ්‍යුං රජු [[හ්වාරං]] හමුදා ස්ථාපනය කළේ ය.
 
[[සිල්ලාහි ජින්දොක් රැජින|ජින්දොක් රැජිනගේ]] මරණින් පසු සිදු වූ "ශුද්ධ අස්ථි" (''[[අස්ථි ශ්‍රේණි ක්‍රමය|සොංගොල්]]'') ශ්‍රේණියේ අභාවයත් සමග මුල්කාලීන යුගය අවසන් විය.
 
===පසුකාලීන සිල්ලා===
{{Main|එක්සත් සිල්ලා}}
{{See also|උතුරු දකුණු රාජ්‍ය යුගය}}
[[File:Korea-Gyeongju.National.Museum-14.jpg|left|120px|thumb|සිල්ලාවෙන් හමු වූ කලානිර්මාණයක්.]]
{{Silla monarchs 1}}
[[:en:File:감은사지 동삼층석탑 사리장엄구 02.jpg|left|220px|thumb|7වන සියවසට අයත් සිල්ලාවෙන් හමු වූ කරඬුවක්.]]
7වන සියවසේ සිල්ලාව [[චීනය|චීන]] [[ටෑං රාජවංශය]] සමග මිත්‍ර සබඳතා පැවැත්වී ය. 660දී, [[සිල්ලාහි මුයොල්|මුයොල් රජු]] (654-661) යටතේ, සිල්ලාව බෙක්ජේ රාජ්‍යය ආක්‍රමණය කළේ ය. 668දී, [[සිල්ලාහි මුන්මු රජු|මුන්මු රජුගේ]] (මුයොල් රජුගේ අනුප්‍රාප්තිකයා) සහ සෙන්පති [[කිම් යු-ෂින්|කිම් යු-ෂින්ගේ]] මෙහෙයවීමෙන්, සිල්ලාව එහි උතුරින් ගොගුර්යෝව ආක්‍රමණය කළේ ය. සිල්ලාව ඉන් අනතුරුව දශකයක් පමණ කාලයක්, අර්ධද්වීපයේ ටෑං ජනාවාස පිහිටුවීමට තැත් කළ චීන හමුදා පන්නා දැමීමට උත්සාහ ගත්තේ ය. අවසානයේ උතුරින් නූතන ප්යොංග්යෑං දක්වා විහිදි එක්සත් රාජධානියක් පිහිටුවීඹට සමත් විය.<ref>''එන්සයික්ලොපීඩියා ඔෆ් වර්ල්ඩ් හිස්ට්‍රි'', වෙළුම II, පි.371 සිල්ලා ඩයිනාස්ටි, සංස්කරණය මාර්ෂා ඊ. එකර්මාන්, මයිකල් ජේ. ෂ්‍රෝඩර්, ජැනිස් ජේ. ටෙරී, ජියු-හ්වා ලෝ අප්ෂුර්, මාක් එෆ්. විටර්ස්, ISBN 978-0-8160-6386-4</ref> අභාවයට පත් ගොගුර්යෝ රාජ්‍යයේ උතුරු පෙදෙසේ [[බල්හේ]] නැමැති රාජ්‍යය බිහි විය.
 
සිල්ලාවේ මධ්‍ය යුගය ''[[අස්ථි ශ්‍රේණි පද්ධතිය|ජිංගොල්]]'' වංශවතුන්ගේ නැගීඒම පෙන්නුම් කරයි. සිල්ලාව විසින් අර්ධද්වීපය එක්සත් කිරීම නිසා ගොඩනැගුණු නව ධනය සහ ගෞරවය මේ සඳහා ඉවහල් වූ අතර, එක්සත් සමයේ මුල් කාලයේ හමුදා බලය ඇති වංශවතුන් කිහිප දෙනකු මෙහෙය වූ කැරලි සාර්ථකව මැඬපැවැත්වීමට රජුට හැකි විය. මෙමගින් රජුට බලවත් පවුල් සහ ප්‍රතිවාදීන් මධ්‍යම රජය යටතට ගැනීම පහසු විය. මීට අමතරව, 7වන සියවස අගභාගයේ සිට 8වන දියවස අගභාගය දක්වා සියවසක පමණ කෙටි කාලයක් සඳහා රජු වංශවත් නිලධාරීන්ගේ භූමි පදනම ඉවත්කර වේතන ගෙවීම් ක්‍රමයක් හෝ කාර්යාල භූමියක් (''ජික්ජොන්'', 직전, 職田) හඳුන්වා දීමට උත්සාහගත්තේ ය. මෙමගින් වංශවතුනට වැටුප් ලෙස ඉඩම් ප්‍රදානය කිරීමේ පැරණි ක්‍රමය (බදු ගම්මාන හෙවත් ''නෝග්‍යුප්'', 녹읍, 祿邑 ලෙස ද හඳුන්වයි) ප්‍රතිස්ථාපනය කිරීම අරමුණු කෙරිණි.
 
8වන සියවසේ අගභාගය වන විට, රාජකීයයන් සිය ආරක්ෂක වංශවතුන්ගේ බලය පිළිබඳ පරීක්ෂා කිරීමට අපොහොසත් විය. 8වන සියවසේ මැද සිට අගභාගය දක්වා කිම් වංශයේ ඇතැම් සාමාජිකයන් විසින් මෙහෙයවූ කැරලි හේතුවෙන් රාජකීය අධිකාරී බලය සීමා වන්නට විය. මේ අතරින් වඩාක් ප්‍රමුඛ වූයේ වසර තුනක් පුරා පැවති, [[කිම් දේගොං]] විසින් මෙහෙයවූ කැරැල්ලයි. රාජ්‍ය අධිකාරය හායනය වූ බවට වූ තවත් ප්‍රධාන සාක්ෂියක් ලෙස, 757දී කාර්යාල භූමි පද්ධතිය නිෂ්ප්‍රභ වීම සහ නිලධාරී වංශවතුන්ට වැටුප් වෙනුවට ඉඩම් ලබාදුන් පැරණි බදු ගම්මාන ක්‍රමය නැවත පිහිටුවීම යන සිදුවීම් දැක්විය හැක.
 
780දී [[සිල්ලාහි හ්යේගොං|හ්යේගොං රජු]] ඝාතනයත් සමග මධ්‍ය සිල්ලා යුගය අවසන් වූ අතර සිල්ලාවේ එක්සත් බවට හේතු වූ [[සිල්ලාහි මුයොල්|මුයොල් රජුගෙන්]] ඇරඹි රජ පෙළපතේ අවසානය සනිටුහන් විය. හ්යේගොංගේ මරණය දැඩි ලේ වැගිරීම් මතින් සිදු වූ අතර, මෙහි අවසන් ප්‍රතිඵලය ලෙස රාජධානියේ බොහෝ උසස් වංශවත් පවුල්වල දායකත්වයෙන් සිවිල් යුද්ධයත් ඇති විය. හ්යේගොංගේ මරණයත් සමග, සිල්ලාවේ ඉදිරි වර්ෂවල රජුගේ තනතුර ක්‍රමයෙන් බලය අතින් හීන වන්නට වූ අතර, බලවත් වංශවත් පවුල් මධ්‍යම රජයෙන් බැහැරව ස්වාධීන පාලනයක් ගෙනගියේ ය.
 
ඉන් අනතුරුවට සිල්ලාවේ රාජ්‍යත්වය [[සිල්ලාහි වොන්සොං|වොන්සොං රජුගේ]] (785–798) පවුල තුළ ස්ථාවර වූ අතර, කිම් පෙළපතේ විවධ පාර්ශ්ව අතර නොයෙකුත් විසංවාද ඇති විය.
 
එසේවුවද, මධ්‍ය සිල්ලා යුගය තුළ රාජ්‍යය එහි උච්චස්ථානයට පත් විය. එහිදී කෙටිකාලීනව රාජ්‍ය බලය ස්ථාපනය වූ අතර, චීන ආරේ නිලධාරී පද්ධතියක් ස්ථාපනයට උත්සාහ ගැනිණි.
 
===පරිහානිය සහ බිඳවැටීම===
[[File:King Kyungsoon of Silla 2.jpg|thumb|left|140px|alt=|සිල්ලාවේ අවසන් රජු, [[සිල්ලාහි ග්යොංසුන්|ග්යොංසුන් රජු]] (රාජ්‍ය. 927–935).]]
සිල්ලාවේ අවසන් සියවසේ සිල්ලා රාජ්‍යයෙන් අඩක් පමණම සිවිල් යුද්ධයක් ආසන්නයේ පැවතිණි. රජුගේ බලය ක්‍රමයෙන් තවත් හීන වූ අතර, බලවත් වංශාධිපති පවුල් අගනුවරින් සහ මාලිගයෙන් පිටත ප්‍රමුඛත්වයට පත් විය.
 
මෙම යුගයේ අවසානය [[පසුකාලීන තුන් රාජධානි]] යුගය ලෙස හඳුන්වයි. මෙකල [[පසුකාලීන බෙක්ජේ]] සහ [[පසුකාලීන ගොගුර්යෝ]] යන රාජධානිවල පිබිදීම සිදු වූ අතර, සිල්ලාව [[ගෝර්යෝ]] රාජවංශයට යටත් වීම සිදු විය.
 
==සමාජය සහ දේශපාලනය==
[[File:Korean crown and belt from Silla-01.jpg|left|160px|thumb|5වන හෝ 6වන සියවස් අගභාගයේ සිල්ලාවේ ඔටුන්නක්.]]
{{Silla monarchs 2}}
{{See also|අස්ථි ශ්‍රේණි පද්ධතිය}}
අවසානයේදී 6වන සියවස වන විට, සිල්ලා රාජ්‍යයට නීති සහ පරිපාලන පද්ධතියක්, සමාජ තත්ත්වය ආදිය පිළිබඳ විස්තරාත්මක පද්ධතියක් පිහිටුවන ලදී. මෙය [[අස්ථි ශ්‍රේණි පද්ධතිය]] ([[:en:bone rank system|bone rank system]]) ලෙස හඳුන්වයි. දැඩි පෙළපත්-මූලික පද්ධතියක් වූ මෙමගින් වස්ත්‍ර, නිවසේ ප්‍රමාණය, සහ විවාහ වීමේ සීමාවන් තීරණය කෙරිණි.
 
මධ්‍යගත ආණ්ඩුක්‍රමයක් පදනම් කරගත් එහි ඇරඹීමත් සමග සිල්ලා සමාජ‍ය එහි දැඩි වංශවත් සමාජයක් මූලික කරගැනිණි. සිල්ලාව සතුව රාජකීය පන්ති දෙකක් පැවතිණි: "පූජනීය අස්ථිය" (''සොංගොල්'', 성골, 聖骨) සහ "සත්‍ය අස්ථිය" (''ජිංගොල්'', 진골, 眞骨). මුයොල් රජ සමය වන තෙක්ම වංශවත් සමාජය "පූජනීය අස්ථිය" සහ "සත්‍ය අස්ථිය" ලෙස බෙදී තිබණි. මෙමගින් රාජ්‍යත්වය ඇති හිමිකම තීරණය විය. 654දී, "ජූජනීය අස්ථි" පෙළැන්තියේ අවසන් රාජ්‍ය පාලිකයා වූජින්දොක් රැජිනගේ මරණින් පසු මෙම ද්විත්ව බෙදීම අවසන් විය.<ref>{{cite web|url=http://100.empas.com/dicsearch/pentry.html?i=156198|title=성골 [聖骨]|accessdate=2006-08-29|work=එම්පාස් විශ්වකෝෂය}}</ref> පරම්පරා ගණනාවක් පුරාවට, "පූජනීය අස්ථි" පෙළැන්තියේ වංශවතුන් ප්‍රමාණය ක්‍රමයෙන් අඩු වූ අතර, මව සහ පියා යන දෙදෙනාම "පූජනීය අස්ථි" දරන්නන් විට, දරුවන් ද "ජූජනීය" වූ අතර, "සත්‍ය අස්ථි" දෙමව්පියන්ට දාව උපන් දරුවන් "සත්‍ය අස්ථි" පාන්තිකයන් විය. මීට අමතරව "පූජනීය අස්ථි" සාමාජිකයන්, "සත්‍ය අස්ථි" සාමාජිකයන් බවට නිලයෙන් පහත හෙළිය හැකි විවිධ ක්‍රම ද පැවතිණි. මෙම පද්ධතිය ක්‍රමයෙන් පරිහානියට ලක් විය.
 
රජු (හෝ රැජින) සෛද්ධාන්තිකව පරම ඒකාධිකාරයා වූ නමුත්, ශක්තිමත් වංශවතුන්ගේ බලපෑම් නිසා රාජකීය බලය පාලනය විය.
 
"[[හ්වාබෙක්]]" (화백-和白) නැමැති මණ්ඩලය රාජකීය මන්ත්‍රණ සභාව ලෙස කටයුතු කළ අතර, ඔවුහු සිහසුනට උරුමකරුවකු පත්කිරීම, හෝ යුධ ප්‍රකාශ කිරීම් වැනි වැදගත් තීරණ සඳහා ප්‍රතිපත්ති-සම්පාදකයින් ලෙස කටයුතු කළහ. හ්වාබෙක්හි මුලසුන හෙබවූ පුද්ගලයා ([[සංදේද්‍යුං]]) තෝරාගනු ලැබූයේ "පූජනීය අස්ථිය" මට්ටමෙනි. මෙම රාජ්‍ය මන්ත්‍රණ සභාවේ වැදගත් තීරණයක් ලෙස [[බුදු දහම|බුද්ධාගම]] රාජ්‍ය ආගම ලෙස තෝරාගැනීම දැක්විය හැක.<ref>[http://www.teachenglishinasia.net/bone-ranks-and-hwabaek බෝන් රෑන්ක්ස් ඇන්ඩ් හ්වාබෙක්]</ref>
 
සිල්ලාව එක්සත් කිරීමේ දී, රාජ්‍යයේ විශාලව පැතිරුණු භූමිභාගය පාලනය කිරීම සඳහා සිල්ලාවට චීන නිලධාරී ක්‍රම අනුගමනය කිරීමට සිදු විය. මෙය පූර්ව-එක්සත් කිරීමේ දිනවල දී සිල්ලා රාජ්‍යත්වයේ පෙරළියක් සිදු කළ අතර, සිල්ලා රජුගේ "බෞද්ධ රජකු" ලෙස වගකීමේ වෙනසක් ඇතිකළේ ය. පශ්චාත්-එක්සත්කරණ යුගයේ තවත් වැදගත් දේශපාලන සිදුවීමක් ලෙස, කොරියානු රාජ්‍යත්වය සහ වංශවතුන් අතර ඇති වූ නොසන්සුන්තාවය ද කැපී‍ පෙනේ.
<!--===පරිපාලන කොට්ඨාස===
==විදේශ සබඳතා==
==ආර්ථිකය==
===කෘෂිකර්මාන්තය===
=== වානිජ්‍යය ===
===ඉඩම් පද්ධති===
===බදු ක්‍රමය===-->
 
==යුධ ක්ෂේත්‍රය==
මුල්කාලීන සිල්ලා හමුදාව ගොඩනැගුණේ රාජකීයයන් සහ වංශවතුන් ආරක්ෂා කළ සිල්ලා රාජකීය ආරක්ෂකයන් සුළු පිරිසකගෙනි. මෙය යුධ සමයේ අවශ්‍ය වූ විට ප්‍රධාන හමුදාව ලෙස යොදාගැනිණි. [[බෙක්ජේ]] සහ [[ගොගුර්යෝ]] මෙන්ම [[යමාටෝ යුගය|යමාටෝ]] ජපන්වරුන් සමග ගැටුම් බහුල වීම නිසා, සිල්ලාව සෑම දිස්ත්‍රික්කයක් සඳහාම නගරාරක්ෂක බලකායන් සය බැගින් නිර්මාණය කළේ ය. රාජකීය ආරක්ෂකයන් ක්‍රමයෙන් "දිව්රුම් දුන් පතාක" හෙවත් [[සෝදං]] ඒකකවලට අනුයුක්ත කෙරිණි. 625දී තවත් සෝදං කණ්ඩායමක් නිර්මාණය කෙරිණි. නගරාරක්ෂක සෙබලුන් ප්‍රාදේශීය ආරක්ෂාව භාරව කටයුතු කළ අතර, පොලිස් හමුදාවකට සමානව කටයුතු කරන ලදී.
 
සිල්ලාවේ සිටි විශිෂ්ටතම සෙන්පතීන් සහ හමුදා ප්‍රධානීන් බොහෝ දෙනා [[හ්වාරං|හ්වාරංවරු]] (බටහිර නයිට්වරුන්ට සමාන) වූහ. සමාජ කණ්ඩායමක් වූ මොවුන්, [[කොරියාවේ තුන් රාජධානි]] අතර ගොඩනැගුණු නිරන්තර යුධ අරගල හේතුවෙන් වංශවත් තරුණ පිරිමින්ගෙන් සැදුම්ලත්, සෙබලුන් සහ යුධ ප්‍රධානීන්ගෙන් සමන්විත විය. හ්වාරංවරු, ගොගුර්යෝවේ බිඳවැටීමට ([[එක්සත් සිල්ලා|එක්සත් සිල්ලාව]] යටතේ [[කොරියානු අර්ධද්වීපය]] එක්සත් කිරීමට හේතු වූ) සහ [[සිල්ලා-ටෑං යුද්ධ|සිල්ලා-ටෑං යුද්ධවල දී]], ටෑං හමුදා සෙසු කොරියානු රාජධානි ද්විත්වයෙන් පලවා හැරීමට දායක වූහ.
 
==සංස්කෘතිය==
[[File:Korea south silla bell.jpg|thumb|150px|left|ක්‍රි.ව. 771දී නිමවූ සිල්ලා ඝණ්ටාරය.]]
සිල්ලා රාජධානියේ අගනුවර වූයේ [[ග්යොංජු]] පෙදෙසයි. ග්යොංජු මධ්‍යයෙහි සිල්ලා සොහොන්ගැබ් විශාල සංඛ්‍යාවක් හමු වේ. සිල්ලා සොහොන් ගලින් සැදි කුටීරයකින් සහ ඒ වටා වූ පස් ගොඩැල්ලකින් සමන්විත ය. මෙම ග්යොංජු අවට ඓතිහාසක පෙදෙස 2000දී [[UNESCO|යුනෙස්කෝ]] [[ලෝක උරුම|ලෝක උරුම]] ලැයිස්තුවට ඇතුළත් කරන ලදී.<ref>[http://www.imaeil.com/sub_news/sub_news_view.php?news_id=10211&yy=2008 매일신문<!-- Bot generated title -->]</ref> ඉන් වැඩි පෙදෙසක් [[ග්යොංජු ජාතික වනෝද්‍යානය]] යටතේ ආරක්ෂිත ය. මීට අමතරව, ග්යොංජු පෙදෙස අසල පිහිටි ගම්මාන ද්විත්වයක් වන [[හහෝ]] සහ [[යංදොං ජන ගම්මානය|යංදොං]] යන ගම්මාන ද, දකුණු කොරියානු රජය විසින් යුනෙස්කෝ උරුමයක් ලෙස නම්කරන මෙන් 2008 හෝ ඉන් පසු කාලයේ යෝජනා ඉදිරිපත් කරනු ඇත.<ref>'하회마을·양동마을 세계문화유산 추진''</ref> බෙක්ජේ සොහොන්වලට වඩා මෙම සොහොන්ගැබ් බිඳහෙලීම අපහසු බැවින්, බොහෝ පුරාවස්තු ප්‍රමාණයක් මේවා තුළ සංරක්ෂිතව පැවතිණි.<ref>Connor p. 268</ref> මේ අතර සිල්ලාවේ අලංකාර රත්රන් කිරුළු සහ ආභරණ ද වේ.
 
[[සිල්ලාහි මහා සොංදොක් රජු|මහා සොංදොක් රජු]] විසින් ඉදිකළ ලෝකඩ ඝණ්ටාරය වෙත සංචාරක ආකර්ෂණය නොමඳව හිමි වී ඇත. මෙම ඝණ්ටාරය මගින් උපදවනු ලබන විශේෂිත හඬ පිළිබඳ නොයෙකුත් ජනප්‍රවාද ද පවතී. ග්යොංජු අසල පිහිටි [[චොම්සොංදේ]] ගොඩනැගිල්ල නැගෙනහිර ආසියාවේ ඉතිරිව ඇති පරණිතම අභ්‍යවකාශ වස්තු නිරීක්ෂණාගාරය ලෙස සැලකේ. නමුත් එහි කාර්යයන් පිළිබඳ නොයෙකුත් වාද විවාද ඇත. මෙය ඉදිවූයේ [[සිල්ලාහි සොන්දොක් රැජින|සොන්දොක් රැජිනගේ]] (632–647) සමයේ ය.
 
මුස්ලිම් වෙළෙන්දෝ "සිල්ලා" නැමැති නාමය [[සේද මාවත]] ඔස්සේ සම්ප්‍රදායික නැගෙනහිර ආසියානු ගෝලයෙන් පිටතට‍ රැගෙන ගියහ. [[ඉබ්න් ඛුර්දාධ්බිහ්]], [[මුසාදි|අල්-මුසාදි]], [[ඩිමාෂිකි]], [[අල්-නුවයිරි]], සහ [[අල්-මැක්රිසි]] ඇතුළු අරාබි සහ පර්සියානු භූගෝල විද්‍යාඥයන් විසින් සිල්ලාව පිළිබඳ වාර්තා කර ඇත.
 
සිල්ලා රාජවංශයේ වර්තමාන පැවතෙන්නන් කිම් නාමය යටතට වැටේ. අවසන් පාලකයාගේ සිට පවුල් වාර්තා සපයා ඇතත්, මෙම වාර්තාවල සත්‍යතාව විමර්ශනය කළ යුතුව ඇත.
 
===බුද්ධාගම===
[[File:Korea-Gyeongju-Silla Art and Science Museum-Seokguram model-01.jpg|thumb|180px|left|[[සොක්ගුරාම්]].]]
[[File:Standing Gilt-bronze Bhaisajyaguru Buddha of Baengnyulsa Temple(백률사 금동약사여래입상).jpg|thumb|right|180px|භෛසජ්‍යගුරු බුදුන් වහන්සේ නිරූපිත මෙම ලෝකඩ ප්‍රතිමාව, සිල්ලා යුගයේ නිර්මාණය වූවකි.]]
සිල්ලාවට බුදුදහම හඳුන්වා දෙන ලද්දේ 528දී ය.<ref name="park 449">[[ජින් වයි. පාක්|පාක්, ජින් වයි.]] විසින් රචිත "කොරියාවේ බුදුදහම" ලිපිය, ‍ක්යොව්න් සහ ප්‍රිබිෂ් 2010 : 449.</ref> සියවසක් ඇතුළත සිල්ලාව බුදුදහමට නැඹුරු වූ අතර, මෙම විශ්වාසය ස්වදේශින ජනයා අතර වේග‍යෙන් ප්‍රචලිත විය. 5වන සියවසේ මැදභාගයේ ගොගුර්යෝවේ සිට පැමිණි [[අදෝ (භික්ෂුව)|අදෝ]] නැමැති භික්ෂුව සිල්ලාව තුළ බුදුදහම පළමුවරට ව්‍යාප්ත කරවීමට උත්‍සාහ ගත්තේ ය.<ref>සිල්ලාවේ බුදු දහම http://www.shilla.or.kr/shilla_culture/shilla_bulgeo.asp</ref> කෙසේනමුත්, පුරාවෘත්ත අනුව සිල්ලා රාජ්‍යත්වය බුදුසමය වැළඳගැනීමට යොමුවූයේ සිල්ලා මාලිගයේ වංශවතකු වූ [[ඉචාදොන්]]‍ගේ ප්‍රාණත්‍යාගී ක්‍රියාකලාපය නිසා ය. බුදුදහම වැළඳගැනීම හේතුවෙන් 527දී සිල්ලා රජු ඔහුට මරණදඬුවම නියම කළ අතර, එහිදී ඔහුගේ රුධිරය කිරි පැහැයට හැරුණු බව කියැවේ.
 
පසුකාලීන මුල්යුගයේ සිල්ලා සමාජය තුළ [[බුදු දහම|බුදුදහමට]] හිමි වූ වැදගත්කම පිළිබඳ විස්තර කිරීම අපහසු ය. බොප්හ්‍යුං රජුගේ සිට බලයට පත් ඊළඟ සිල්ලා රජවරු /රැජිනියෝ බෞද්ධ නම් ආරූඪ කරගනිමින් බෞද්ධ-රජවරුන් ලෙස පෙනීසිටින්නට වූහ.<ref>http://www.koreandb.net/Buddhism/buddhist1-main2.htm සම්ප්‍රවේෂණය 2008-03-08</ref> සිල්ලාව තුළ බුදුදහමට, බෙක්ජේ සහ ගොගුර්යෝ රාජ්‍යවලටත් වඩා ඉහළින් නිල අනුග්‍රහය හිමි විය. එහි රාජ්‍ය-ආරක්ෂක ප්‍රතිපත්ති අවධාරණය කෙරිණි. අර්ධද්වීපය තුළ සිල්ලාව එක්සත් කිරීමට වැදගත් මෙහෙයක් ඉටුකළ, තරුණ වංශවතුන් වූ [[හ්වාරං]] සෙබලු බුදුදහම සමග දැඩි සබඳතා පැවැත් වූ අතර, [[මෛත්‍රී බුදුන් වහන්සේ|මෛත්‍රෙය]] බුදුන් වහන්සේ වන්දනා කළහ. මුල්කාලීන යුගයේ අවසන් භාගයේ බුදුදහමේ උච්චස්ථානයට පත්වීම දක්නට ලැබේ. විහාරස්ථාන විශාල සංඛ්‍යාවක් ඉදිවිය. ඒ සඳහා අනුග්‍රහය දැක්වූයේ ඉහළ තනතුරු හෙබවූ වංශවතුන් විසිනි. මෙම විහාරනිර්මාණ අතර [[හ්වංන්‍යොංසා]], [[බුල්ගුක්සා]] සහ [[සොක්ගුරාම්]] ප්‍රධාන වේ. හ්වංන්‍යොංසා (මකර අධිරාජ්‍ය) විහාරය තුළින්, රාජ්‍යයේ ආරක්ෂාවට සහ උන්නතියට බුදුදහම කෙතරම් වැදගත් වූයේ දැයි වටහාගත හැක. එහි මහල් නවයකින් යුතු වූ ස්තූපය, සමහර විට එම යුගයේ නැගෙනහිර ආසියාවේ පිහිටි මිනිසා විසින් නිර්මිත උසම ඉදිකිරීම වන්නට ඇත. එමගින් සිල්ලා පාලනය යටතේ පැවති ජාතීන් නවය සංකේතවත් කෙරිණි. සිල්ලාව ස්තූප නිර්මාණයට විශාල අවධානයක් යොමු කළ අතර, එම ස්තූප නිර්ණයට ගල් මෙන්ම දැව ද භාවිතා කර ඇත.
 
සිල්ලාව එක්සත් කිරීමත් සමග, රජවරුන් විශාල රාජ්‍යය පරිපාලන සහ වංශවතුන්ගේ බලය සීමා කිරීමට චීන කොන්ෆියුසියානු ආයතන ස්ථාපනය කිරීම නිසා බුදුදහමට දේශපාලනයේ හිමිවූයේ අඩු බලයකි. එසේවුවත්, පුළුල් සිල්ලා සමාජය තුළ බුදුදහමට හිමි වූයේ විශාල බලයකි. මේ කාලයේ සිල්ලා භික්ෂූන් සියගණනක් අධ්‍යාපනය සහ බෞද්ධ සූත්‍ර ප්‍රතිසම්පාදනය කිරීම සඳහා ටෑං චීනය වෙත වැඩම කොට ඇත.
 
සිල්ලාහි ශක්තිමත් ‍බෞද්ධ ස්වරූපය කියාපාන බෞද්ධ ශෛලමය කැටයම් සහ නිර්මාණ විශාල සංඛ්‍යාවක් හමු වේ. මේ අතර [[නම්සන් (ග්යොංජු)|නම්සන්]] පෙදෙසින් වැඩි නිර්මාණ ප්‍රමාණයක් හමු වේ. මෙම ප්‍රතිමා සහ කැටයම් නිර්මාණවල පිරිපුන් ස්වභාවය, මුහුණේ දැඩි නිරූපණය, සිරුරට ඇලුණු වස්ත්‍ර වැනි ලක්ෂණ මගින් අන්තර්ජාතික [[ටෑං රාජවංශය|ටෑං රාජවංශයේ]] ආභාසය පෙන්නුම් කරයි. නමුත් ඒ අතර ස්වදේශික කොරියානු ආර ද දැකිය හැක.<ref name=BMA>{{cite book|last=[[බර්මිංහැම් කලා කෞතුකාගාරය]]|title=බර්මිංහැම් මියුසියම් ඔෆ් ආට් : ගයිඩ් ටු ද කලෙක්ෂන්|year=2010|publisher=බර්මිංහැම් කලා කෞතුකාගාරය|location=[බර්මිංහැම්, ඇලා]|isbn=978-1-904832-77-5|pages=34|url=http://artsbma.org}}</ref>
<!--===ගෘහනිර්මාණ ශිල්පය===
===කාව්‍ය ශාස්ත්‍රය සහ සාහිත්‍යය===
=== වස්ත්‍ර ===
==විද්‍යාව සහ තාක්ෂණය==-->
{{Clear}}
 
== මේවාත් බලන්න ==
* [[කොරියාවේ රජවරුන්ගේ නම් ලැයිස්තුව]]
* [[ග්යොංජු ජාතික කෞතුකාගාරය]]
* [[සිල්ලාහි කිරුළු]]
* [[කොරියාවේ ඉතිහාසය]]
 
== සටහන් ==
{{Reflist|group=note}}
 
== මූලාශ්‍ර ==
== References ==
 
=== Citationsඋද්ධෘත ===
{{Reflist}}
 
=== මූලාශ්‍ර ===
* {{cite book | title=ද කොරියාස් | author= කොනර්, මේරි ඊ.| year=2009 | publisher=ABC-CLIO, LLC }}
* {{cite book |editor1-last=ක්යොව්න් |editor1-first=ඩේමියන් |editor1-link=ඩේමියන් ක්යොව්න් |editor2-last=ප්‍රිබිෂ් |editor2-first=චාල්ස් එස්. |editor2-link=චාල්ස් එස්. ප්‍රිබිෂ් |title=එන්සයික්ලොපීඩියා ඔෆ් බුඩිස්ම් |url=https://books.google.co.jp/books?id=D1pcAgAAQBAJ&printsec=frontcover&dq=encyclopedia+of+buddhism&hl=en&sa=X&ved=0ahUKEwi54Neq_LzMAhVIp5QKHSVDAS4Q6AEIIDAB#v=onepage&q=encyclopedia%20of%20buddhism&f=false |location=නිව් යෝක්<!-- The title page lists an address that appears to be in Oxfordshire as well, but the Routledge logo says "London and New York". WTF? ~Hijiri88, May 2016. --> |publisher=[[රූට්ලෙජ්]] |date=2010<!-- පළමු මුද්‍රණය 2007. ~Hijiri88, May 2016. --> |isbn=978-0-203-49875-0}}
 
==බාහිර සබැඳි==
* [http://gyeongju.museum.go.kr/ ග්යොංජු ජාතික කෞතුකාගාරය]
 
[[Category:සිල්ලා]]
[[Category:ක්‍රි.පූ. 1වන සියවසේ ස්ථාපිත රාජ්‍ය]]
[[Category:පැරණි පුද්ගලයින්]]
[[Category:නැගෙනහිර ආසියාවේ පැරණි රටවල්]]
[[Category:කොරියානු ඉතිහාසයේ පැරණි රටවල්]]
[[Category:කොරියාවේ ඉතිහාසය]]
[[Category:කොරියානු සංස්කෘතිය]]
[[Category:කොරියාවේ තුන් රාජධානි]]
"https://si.wikipedia.org/wiki/සිල්ලා" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි