"පීනිෂියාව" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
සුළු Bot: Migrating 71 interwiki links, now provided by Wikidata on d:q41642 (translate me)
No edit summary
1 පේළිය:
[[ගොනුව:PhoenicianTrade.png|right|325px|thumb|සිතියම පීනිෂියාව සහ සේද මාවත]]
පීනිෂියාව පුරාණ කැතෑන්හි උතුරු කොටසේ වු පුරාණ ශිෂ්ටාචාරයක් විය. එහි අගනගරය තිබුණේ මුහුදු බඩ ප්‍රාන්ත දිගේය. (වර්තමානයේ ලෙබනනය, සිරියාව සහ ඊශ්‍රයලය) පීනිෂියානු ශිෂ්ටාචාරය වෙරළ බඩ වෙළෙඳ සංස්කෘතියකින් යුක්ත වු අතර එහි වෙළෙඳාම ක්‍රි.පු. 1200 – 900 දී මධ්‍යධරණි මුහුද අවට පැතිර තිබුණි. එවන් නගර කේන්ද්‍රකර ගත් සංස්කෘතින්හි මායිම්වල උච්ඡාවචනයඋච්චාවචනය වීම් දක්නට තිබුණ ද ටයර් නගරයේ දකුණු දිගට වන්නට ස්ථාවරව තිබු බව දක්නට ලැබේ. සයිඩන් හා ටයර් අතර පිහිටි සරෙප්ටා (දැනට සරා ෆන්ඩ්) නගරය පීනිෂියා නිජබිමේ වැඩියෙන්ම කැණීම්වලට ලක්වු නගරයයි. පීනිෂීයානු වරුන් වැඩියෙන්ම වෙළෙඳාම් කටයුතු කළේ ශ්‍රම බලය යෙදවු ඔරු වර්ගයක් වු හම්බානාවලිනි. බයරිම නිර්මාණය කළ ප්‍රථම ශිෂ්ටාචාරය වන්නේ මෙයයි.
පීනිෂීයන්වරු තමුන් තනි ජන වර්ගයක් ලෙස කොතරම් දුරට සිතුවේද යන්න අවිනිෂ්චිතය. ඔවුන්ගේ ශිෂ්ටාචාරය පාලනය කළේ ග්‍රීසියේ මෙන් නගරාණ්ඩුය. සෑම නගරාණ්ඩුවක්ම දේශපාලනික වශයෙන් නිදහස් ඒකකයක් වූයේය. එසේ වුවත් ඔවුන්ට ගැටුම් ඇති කර ගැනීමට නිදහස තිබුණි. වෙනත් නගරාණ්ඩුවකට ප්‍රධානත්වය ගත හැකිව තිබුණි. ගිවිසුම් ඇති කර ගනිමින් සහයෝගයෙන් ක්‍රියාකිරීමේ නිදහස තිබුණි. ලෙවන්ට්හි වු පීනිසීයානු ප්‍රාන්ත අතරින් වඩාත්ම බලවත් වුයේ ටයර් සහ සයිඩන්ය.පීනිෂීයන්වරු හීබෲවරුන් සමග කුළුපගව සිටිය අතර සොලමන්ගේ එක්සත් රාජාණ්ඩුවේ ආරම්භය වන විට ද පීනිෂියන්වරු හා හීබෲවරුන් අතර විවාහ සිදුවී තිබුණි. පුරාණ ඊශ්‍රායලයේ ගෘහ නිර්මාණ ශිල්පයට ප්‍රධාන වශයෙන් ඔවුන් බලපෑ බව සැලකේ. හෝඩියේ පුළුල් භාවිතයක් සිදුකළ මුල්ම ජන කොට්ඨාශය වන්නේ ද පීනිෂීන්වරුය. සියලුම නවීන හෝඩි වල පුරෝගාමියා ලෙස සැලකෙන්නේද කැනනයිට් - ෂීනිෂියානු හෝඩියයි. පීනිෂියන්වරු පීනිෂියානු භාෂාව කතා කළහ. කැනැනයිට් භාෂාව හීබ්‍රෑ සමග පරස්පර ලෙස තේරුම් ගත හැකිය. පීනීෂියන්වරු වෙරළ බඩ වෙළදාම හරහා තම භාෂා භාවිතය උතුරු අප්‍රිකාවේ හා යුරෝපයේ පැතිරවූහ. ශිලා ලේඛනවලට අමතරව ඔවුන් බොහෝ පොත් ලියුහ. (දැනට ඒවා විනාශ වී ගොස්ය) සිසේරියා බයුස්බියස් ලියු ‘ක්‍රිස්තු ධර්මය සම්මිශ්‍රණය’ නම් ග්‍රන්ථයේ පිලෝ ඔප් බයිබ්ලොස් සහ ‘සැන්චුනිඒතන්’ ග්‍රන්ථවලින් උපුටා ගත් කොටස් විශාල ලෙස දැක්වේ. උතුරු අප්‍රිකානු පීනිෂියානු කුඩා ජනපද පීනිෂියන්වරු විශාල ලෙස දැක්වේ. උතුරු අප්‍රිකානු පීනිෂියානු කුඩා ජනපද සීනිෂියන් වරු ගැන වඩ වඩාත් දැන ගැනීමට උත්සුක වූහ. ශාන්ත ඕගස්ටීන් හීබෲ භාෂාවේද ෂීනිෂියානු භාෂාවේද යෙදෙන සමජාතීය වචන විස්තර කිරීමට හැකි අයෙක් විය. ඔහුගේ මව ශාන්ත මොනිකාද මෙම කුඩා ජනපදවල සම්භවයක් වූ ඇත්තියක් බව කියවේ.
"https://si.wikipedia.org/wiki/පීනිෂියාව" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි