"නීතිය" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
සුළු Reverted 1 edit by 112.134.49.215 (talk) to last revision by 103.247.48.182. (TW)
No edit summary
105 පේළිය:
සමාජ විද්‍යාඥ මැක්ස් වෙබර් තර්ක කරනුයේ, ප‍්‍රචණ්ඩකාරී මාර්ගවලින් නීත්‍යානුකූල ඒකාධිකාරය පාලනය කරන්නේ රාජ්‍යය විසින් බවයි. රජයේ හෝ අධිකරණවල ඉල්ලීම මත හමුදාව හා පොලීසිය විසින් බලය ක‍්‍රියාත්මක කරනු ලැබේ. පොලීසිය සහ හමුදාව තවදුරටත් ආරක්ෂාව හා පාලනය ගෙන යනු නොලබන රජයක් නොමැතිව අරාජිකත්වයට ගිය රාජ්‍ය ‘අසාර්ථක රාජ්‍යයන්’ ලෙස හඳුන්වනු ලැබේ.
මෙලෙසම නීති වෙනත් නීති මගින් සහන කර ගැනීමද රාජ්‍ය අරාජිකත්වයට යයි.
==නීතිය හා සමාජය==
 
* කම්කරු නීතිය යනු කම්කරුවා සේවා යෝජකයා හා වෘත්තීය සමිතිය අතර පවත්නා ත්‍රෛපාර්ශ්වික සම්බන්ධතාවයකි. සාමූහික කේවල කිරීම් නියාමනය සහ වැඩවර්ජනය සඳහා ඇති අයිතිය ඊට අදාල වෙයි. සෞඛ්‍ය හා ආරක්‍ෂාව හෝ අවම වැටුප් වැනි වැඩ කරන ස්ථානයේ අයිතින් සම්බන්ධයෙන් පුද්ගලික සේවා නියුක්ති නීතිය අදාල වෙයි.
 
* මානව හිමිකම් සිවිල් අයිතිවාසිකම් සහ මානව හිමිකම් නීතිය සෑම අයෙකුටම හිමි මූලික නිදහස් සහතික කිරීම සඳහා වන වැදගත් ක්ෂේත‍්‍රයන්ය. මානව හිමිකම් පිලිබඳ විශ්ව ප‍්‍රඥප්තිය, මානව හිමිකම් පිලිබඳ යුරෝපීය සම්මුතිය සහ එක්සත් ජනපද අයිතිවාසිකම් පිලිබඳ ප‍්‍රකාශය වැනි සංග‍්‍රහයන් තුල මෙහි මූලධර්මයන් අන්තර්ගත වෙයි.
 
* සිවිල් නඩු විධානය හා අපරාධ නඩු විධානය නඩු විභාගයන්හිදී අධිකරණය අනුගමනය කළයුතු කාර්ය පටිපාටිය දක්වා සිටී. ඒ දෙකම අවධානය යොමුකරන්නේ සාධාරණ විනිශ්චයක් සඳහා පුරවැසියකු සතු හිමිකම පිලිබඳවය.
 
* සාක්‍ෂි නීතිය විසින් අධිකරණයක නඩුවක් ගොඩනැගීම සඳහා යුත්තේ කුමන තොරතුරු පිලිගත යුතුද යන්න දක්වා සිටියි.
 
* ආගමන නීති සහ ජාතිකත්ව නීති සිය රට නොවන ජාතික රාජ්‍යයක් තුල ජීවත්වන හා රැකියාව කරන විදේශිකයන්ගේ අයිතිවාසිකම් සහ පුරවැසිභාවය ලබාගැනීමේ හා එය අවලංගු කිරීම සම්බන්ධයෙන් අදාල වෙයි. මේ දෙකම රැකවරනයේ නිදහස මෙන්ම රාජ්‍යයක් අහිමි තැනැත්තන් සම්බන්ධයෙන්ද කටයුතු කරයි.
 
* සමාජ ආරක්‍ෂණ නීති රැකියා නොමැති අයට ලබාදෙන දීමානවන් හෝ නිවාස ප‍්‍රතිලාභ වැනි සමාජ ආරක්‍ෂණයන් ලබැගැනීමට ජනතාවට ඇති හිමිකම් සම්බන්ධයෙන් අදාල වෙයි.
 
* පවුල් නීතිය විවාහ හා දික්කසාද කාර්ය පටිපාටීන් වෙන්වීමකදී දරුවන් හා දේපළ හා අයිතිවාසිකම් ආදිය ආවරනය කරයි.
 
==නීතිය සහ වානිජ්‍ය==
 
* වානිජ නීතිය විසින් සංකීර්ණ ගිවිසුම් හා දේපළ නීති ආවරනය කරයි. නියෝජිතත්වය පිලිබඳ නීතිය, රක්‍ෂණ නීතිය, විනිමය බිල්පත්, වස්තුභංගත්වය සහ බුන්වත්භාවය පිලිබඳ නීතිය සහ විකිණීමේ නීති වඩාත් වැදගත් වන අතර ඒවායේ ඉතිහාසය මධ්‍යතන යුගය කරා දිවයයි. එක්සත් රාජධානියේ භාණ්ඩ විකිණීමේ ආඥා පනත සහ එක්සත් ජනපදයේ ඒකීය වානිජ සංග‍්‍රහය සංගෘහිත කරනු ලැබූ පොදු නීති වානිජ මූලධර්මයන්ය.
 
* සමාගම් නීතිය පැන නැගුනේ භාර නීතියේ දේපළ හිමිකාරත්වය හා පාලනය වෙන්කිරීමේ මූලධර්මයෙනි. නූතන සමාගම් පිලිබඳ නීතිය ආරම්භවන්නේ 1865 දී එක්සත් රාජධානිය විසින් සම්මත කළ බද්ධ ව්‍යාපාර සමාගම් නීතිය සමඟිනි. එහිදී සීමාසහිත වගකීම මඟින් ආයෝජකයින් ආරක්‍ෂා කිරීම සහ වෙනම නෛතික පුද්ගලභාවයක් තහවුරු කිරීම සිදුවිය.‍
 
* බුද්ධිමය දේපළ පේටන්ට්, වෙළඳ ලකුණු සහ ප‍්‍රකාශන හිමිකම් සම්බන්ධයෙන් අදාල වෙයි. අස්පර්ශනීය වත්කම් වන ඔබගේ සොයාගැනීම අනුකරණය කිරීමෙන් ආරක්‍ෂා කරගැනීමේ අයිතිය, ඔබගේ වෙළඳනාමය වෙනත් අයකු විසින් භාවිතා කිරීම වැලැක්වීම, ඔබ විසින් රචනා කරන ලද ගීතයක් ඉදිරිපත් කරනු ලැබීමෙන් හිමිකරගනු ලැබීමෙන් ආරක්‍ෂා කරදෙනු ලබන්නේ බුද්ධිමය දේපළ නීතිය මඟිනි.
 
* ප්‍රතිෂ්ඨාපනය කෙනෙකුගේ පාඩුවට එරෙහිව තවත් අයකු විසින් වාසි අත්කරගැනීම පියවාගැනීම සම්බන්ධයෙන් කටයුතු කරයි.
 
* යුතු ධනවත්වීම වෙනත් අයකු හේතුවෙන් අයුතු ලෙස යමකු උපයාගත් ධනය නැවත ලගබාගැනීමේ හිමිකම ආවරනය කරනු ලබයි.
 
 
==නීතිය සහ නියාමනය==
 
* අගය එකතු කළ බදු ,සංස්තාපිත බදු, ආදායම් බදු ආදිය සම්බන්ධයෙන් බදු නීතිය අදාල වෙයි.
 
* බැංකු නීතිය හා මූල්‍යමය නියාමනය විසින් බැංකුවක් සතුවිය යුතු ප‍්‍රාග්ධනය, ආයෝජන පරිචයන් සම්බන්ධයෙන් බලපවත්වන්නාවූ රීතීන් සම්බන්ධයෙන් වන අවම ප‍්‍රමිතීන් ස්ථාපිත කිරීම සිදුකරනු ලබයි. 1929 කොටස් වෙළඳපොළ කඩාවැටීම වැනි ආර්ථික අර්බුධයන්හි පවතින අවදානම වැලකීම සඳහා ආරක්‍ෂණයන් ලෙස මෙම නීතීන් වැදගත් වේ.
 
* රජයේ සේවාවන් සහ උපයෝගීතාවන් සම්පාදනය සම්බන්ධයෙන් නියාමනයන් අදාල වෙයි. ජල නීතිය මෙයට එක් උදාහරණයකි. පෞද්ගලීකරණය ජනපි‍්‍රය වූ පසු කලින් සමාජ වගකීම මත පිහිටා රජය විසින් සිදුකළ කි‍්‍රයාවන් පුද්ගලික සමාගම් වලට පැවරින. බලශක්තිය, ගෑස්, විදුලි සංදේශ සහ ජල සැපයුම් බොහෝ රටවල නියාමනයනය කරනු ලබයි.
 
* තරඟකාරීත්ව නීතිය එක්සත් ජනපදය තුල ප‍්‍රතිභාර නීතිය ෙලසින් හැඳින්වෙන අතර මිළ ස්ථාවර කිරීමට එරෙහි රෝම නඩු තීන්දු සහ වෙළ‍ඳාම සීමාකිරීම පිලිබඳ වාදය දක්වා ඈතිට දිවයන ක්ෂේත්‍රයකි. නූතන තරඟකාරීත්ව නීතිය 20 වන සියවස ආරම්භයේදී හඳුන්වාදෙනු ලැබූ එක්සත් ජනපදයේ ප‍්‍රති කාටල සහ ඒකාධිකර විරෝධී ව්‍යවස්ථාවන් (ෂර්මන් පනත සහ ක්ලේටන් පනත) තුලින් මෙය සම්භවය ලැබීය. පාරිභෝගික සුභසාධනය අනතුරේ හෙලමින් වෙළඳපොළ මිළගනන් විකෘති කිරීමට සිය ආර්ථිකමය බලපෑම්සහගතභාවය භාවිතා කිරීමට උත්සාහ කරන ව්‍යාපාරයන් පාලනය කිරීම සඳහා මෙම නීති භාවිතා වෙයි.
 
* පාරිභෝගික නීතියට අසාධාරණ ගිවිසුම් වගන්තිවල සිට ගුවන් මළු රක්‍ෂණය පිලිබඳ විධීවිධානයන් දක්වා වන ඕනෑමදෙයක් මෙයට ඇතුලත් වෙයි.
 
* කියෝටෝ සම්මුතියට අනුව කාළගුණ විපර්යාසයන් සිදුවීමේ අවධානමක් පවතින තත්වයක් තුල ඵරිසර නීතිය අතිශයින් වැදගත් එකකි. එමෙන්ම මේ යටතේ අදාල රටේ නීති පද්ධතිය යොදාගනිමින් පරිසර දූෂනය සිදුකරන්නන්ට දඬුවම් සිදුකිරීම සඳහාද මෙම නීති කි‍්‍රයාකරයි.
 
== මේ අඩවිත් බලන්න ==
"https://si.wikipedia.org/wiki/නීතිය" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි