Content deleted Content added
459 පේළිය:
 
:::ඔව්. ඇවිල්ල මාස 2යි. බනින්නනෙ හදන්නෙ නොදන්න දේවල් වලට ඇඟිලි ගහන්න එපා කියල...??? කමක් නෑ. ස්තූතියි!--[[User:Ravindu Navin|Ravindu Navin]] ([[User talk:Ravindu Navin|talk]]) 14:21, 13 සැප්තැම්බර් 2016 (යූටීසී)
 
::::රවිඳු, ඔබේ ආකල්ප ගැන මගේ කිසිදු පැහැදීමක් නෑ. කවුරුහරි යම් දෙයක් කියපු හැටියේ ඔබේ ප්‍රතිචාරය හරි මම එහෙනම් යන්නම්, පුළුවන්නම් වාරණය කරපන් වගේ දෙයක්. ඔයා වැරදි කරන කොට චෝදනා එල්ල වන විට ඔබට දිරි දුන්නේ ඔබ සර්වතෝභද්‍ර නිසා නොවන බව සිතා ගන්න​. ඒ අපට සක්‍රීය ප්‍රජාවක් සාදා ගත යුතු නිසා ය​. සිංහල කතා කරන බොහෝ දෙනෙක් විශ්වකෝෂයක් යනු කුමක් දැයිවත් නොදන්නා වග මෙහි විශ්ව විද්‍යාලවල විද්‍යාර්ථීන් පවා සාදා ඇති ලිපිවලින් ගම්‍ය වන්නක්. බොහෝ දෙනෙක් ලියා ඇත්තේ පුවත්පත්‍ විශේෂංග ලිපි වැනි රචනා. එවැනි පසුබිමක අවුරුදු 16ක් එකෙක්ට සත්තම් දාන එක බොරු වැඩක්. ගොඩක් විකිපීඩියාවල වෙනම වැඩමුළු පවා තියෙනවා අළුත් සංස්කාරකයෝ පුහුණු කරවන්න​. අපිට අඩුම තරමේ ව්‍යාපෘති පිටු ටිකවත් නෑ. එහෙම පසුබිමක අළුතින් එන කෙනෙක්ට අනික් අය උදව් කරන්න ඕන මෙතන වැඩ කරන හැටි ඉගෙන ගන්න​. ඔයාගේ ලිපිවල මූලික සිංහල ව්‍යාකරණයවත් නෑ කියන එක කියන්න ඕන​. ඒ වගේ පසුබිමක අනික් පරිශීලකයොන්ට කින්ඩි දාන්න යන්න එපා. මං බලාගෙන නිර්නාමික පරිශීලකයෙක්ට පොල් බූරුවා කියලා ආමන්ත්‍රණය කරනවා. තවත් මෙවැනි නුසුදුසු ආමන්ත්‍රණය කිරීම් බොහෝමයි. නිර්නාමික දායකත්ව අධෛර්ය කරන්න හදනවා. වැරදි තියෙනවනම් හදන්න​, නැතිනම් සාකඡ්චා පිටුවෙ දාන්න​. වැරද්ද කරපු පරිශීලකයා ඉස්මතු කරල පාච්චල් කරලා පොර වෙන මෙහි ඇතමුන්ට ඇති රෝගය ඔබට ද වැළඳී ඇති හැඩයි. ඔබ මුහුණට මුහුණ කණ්ඩායමක වැඩ කළ ද ඔවැනි වදන්මද ඔබගේ සගයන් ගේ වැරදි පෙන්වා දීමට යොදා ගන්නේ. පුස්තකාල විතරක් නොවේ ගොඩක් දේවල් ගැන ඔයාගේ දැනුවත් බව අඩුයි. කමක් නෑ. කවුරුත් ඉපදෙද්දී අරං එන්නේ නෑ. ඒ හින්දා මිනිස්සුන්ව පාච්චල් නොකර තමුන්ගෙත් වැරදි තියෙන බව හිතේ තියා ගෙන මනුස්සකං ඇතිව සුහදශීලිව වැඩ කරන්න​.
::::වැඩක් කරද්දි පොඩි හැදෑරීමක් කරලා කරන්න​.    | [[පරිශීලක:අනංගයා|අනංගයා]] | [[පරිශීලක සාකච්ඡාව:අනංගයා|සංවාදය​]] | 07:16, 14 සැප්තැම්බර් 2016 (යූටීසී)
"https://si.wikipedia.org/wiki/පරිශීලක_සාකච්ඡාව:Ravindu_Navin" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි