"චිත්‍රය" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
No edit summary
No edit summary
21 පේළිය:
ඇමරිකානු මායාවරු සෙරමික් කලාවට පසුකාලීනව ප‍්‍රවේශවූ පිරිසක් වූ නමුත් සම්භාව්‍ය මායා ශිෂ්ඨාචාර යුගයේදී එනම් කි‍්‍ර. ව. 2 වන සහ 10 වන සියවස් අතර කාළයේදී එය ඉතාම උසස් තලකට පත්ව පැවතින. බ‍්‍රසීලයේ දකුණුදිග ප‍්‍රදේශයේ පිහිටා ඇති එක් කැනීම් බිමකින් මහා පරිමාණයෙන් නිපදවනු ලැබූ මැටි බඳුන් හමුවී ඇත . හොන්ඩූරාස් සහ ග්වාතමාලා යන රටවල ඇති මායා ශිෂ්ඨාචාර කැනීම් බිමි වලින්ද මෙවැනිම නිර්මාණයන් හමුවී ඇත . වර්තමානයේ මායාවරුන්ගෙන් පැවත එන්නෝ මෙම නිර්මාණයන්ගේ පිටපත් නිපදවීම සිදු කරති.
 
== මුද්‍රණකරනයේ වර්ණ ==
 
මුද්‍රණකරුවෝ විවිධ ආකාරයෙන් සිය මුද්‍රණයන්ට වර්ණ එක්කරති. බොහෝවිට නිරේඛනය, ස්කී‍්‍රන් මුද්‍රණය, ලී අච්චු මුද්‍රණය යනාදියේදී වෙනස් වෙනස් ඵලක, අච්චු හෝ ස්කී‍්‍රන් යොදාගනිමින් වර්ණ යොදනු ලැබේ. බහු ඵලක වර්ණ ශිල්පක‍්‍රමයන්හිදී එක් එක් වර්ණය සඳහා වෙන වෙනම ඵලක, ස්කී‍්‍රන් හෝ අච්චු යොදාගනු ලැබේ. එක් එක් වර්ණය වෙන වෙනම කිහිප වරකදී යෙදීම මෙහිදී සිදුවේ. සාමාන්‍යයෙන් ඵලක 3 ක් හෝ 4 ක් යොදාගනු ලබන නමුත් සමර අවස්ථාවලදී මුද්‍රණකරුවා ඵලක 7 ක් පමණද යොදාගනු ලැබිය හැක. සෑම වර්ණ යෙදීමකදීම අලූතින් යොදන ලද වර්ණය ඊට පෙර යොදන ලද වර්ණයන් කෙරෙහි බලපායි. ඒ අනුව වර්ණ වෙන් වෙන්ව පවත්වාගැනීම කෙරෙහි අවධානයෙන් කටයුතු කළ යුතුය. ලා වර්ණ මුලින් යොදනු ලබන අතර අනුපිලිවෙලින් අඳුරු වර්ණ අවසානයට යොදනු ලබයි.
 
මෙම ශිල්පක‍්‍රමය ආරම්භවන්නේ හිස් හෝ සරළතම නිරේඛනයක් සහිත තහඩු හෝ ලී අච්චුවකිනි. එක් එක් වර්ණය මුද්‍රණය කිරීමේදී මුද්‍රණකරුවා තහඩුව හෝ ලී අච්චුවේ කොටසක් ඉවත් කර නව වර්ණය යොදනු ලබයි. අච්චුවේ ඉවත්කෙරෙන සෑම කොටසක් පාසා දැනටමත් මුද්‍රණය වී ඇති වර්ණ නරඹන්නාට දැකගැනීමට සලසයි.
ඒකදර්ශී මුද්‍රණය වැනි සමහර මුද්‍රණ ක‍්‍රමයන්හිදී මුද්‍රණකරුවා සිත්තරකු මෙන් තමන්ට අවශ්‍ය වර්ණ පින්තාරු කර අනතුරුව මුද්‍රණය කිරීම සිදුකරයි.
 
ව්‍යාකලන වර්ණ ක‍්‍රමවේදය ඕෆ්සෙට් හා ඩිජිටල් මුද්‍රණයන්හිදී භාවිතා කරනු ලබයි.
 
[[Category:චිත්‍ර කලාව]]
"https://si.wikipedia.org/wiki/චිත්‍රය" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි