"ඇඳුම්" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
6 පේළිය:
[[Image:Well-clothed baby.jpg|thumb|ළදරුවෙකු සීත සෘතුවට හැඩ ගැසෙමින්]]
 
පසුකලෙක මෙම වාතාවරණය වෙනස් කරමින් කාන්තාවන්ගේ ඇඳුම් පැළඳුම් ප්‍රභල තැනක් ගැනීය. කාන්තාවන් තමාට අවශ්‍ය පරිදි තමා වෙත ආකර්ෂණය ලඟා වෙන පරිදි තම ඇඳුම සාදා ගැනීය. 20-21 යුග වන විට මෙම ඇඳුම් දියුණුව විවිධ කලිසම්, කමිස, ගවුම්, හැට්ටා, සාය වැනි අංග බිහි විය. මුලදී මේවා පිරිමි හා ගැහැනු පාර්ශ්ව වලට වෙන් වෙන් කොට නිර්මාණය කෙරුණි. නමුත් ළදරු ඇඳුම් සඳහා භේදයක් නොදැක්වූ හෙයින් කුඩා ගවුමක් ඔවුන් හට පැළදීය. එකල පිරිමි ඇඳුම් ගැහැනු ඇදුම් ලෙස බෙදා වෙන් කළද පසු කළෙක කාන්තාවන් සඳහාද පිරිමි ඇඳුම් විවෘත විය.
එකල පිරිමි ඇඳුම් ගැහැනු ඇදුම් ලෙස බෙදා වෙන් කළද පසු කළෙක කාන්තාවන් සඳහාද පිරිමි ඇඳුම් විවෘත විය.
==ශ්‍රී ලංකාව තුල==
ලක්දිව රෙදිපිළි ආශ්‍රිත ඇඳුමේ ඉතිහාසය ලංකාවේ පළමු රජ වන විජය රාජ සමය තෙක් දිව යයි. විජය රජු ඉන්දියාවේ සිට පැමිණි අයෙකු හෙයින් ඔහු රාජකීය වස්ත්‍රාභරණයෙන් සැරසී මෙරටට පැමිණි බව සඳහන් වේ. නමුත් ඊට පෙර සිටම ලක්දිව තුළ රෙදි නිෂ්පාදනය කළ බවට සාක්ෂී මතුවන්නේ විජය රජු පැමිණෙන විටද කුවේණිය විසින් කපු කටිමින් රෙදි වියූ නිසායි. එබැවින් විජය කුමරු මෙරටට පැමිණීමටත් පෙර රෙදි විවීමේ කර්මාන්තද ඔවුන්ගේ රෙදිපිළි භාවිතය කළ බවද පෙන්වා දෙයි.
Line 15 ⟶ 14:
බෞද්ධ භික්ෂුවට හා භික්ෂුණියට හට බුදුරජාණන් වහන්සේ අනුමත කළ පරිදි නරඹන්නන් වෙත කාමය, රාගය ඇති නොවන සේම සරල, උසස් බව හඟවන ලෙස නිර්මාණය කරන ලද බෞද්ධ චීවරයයි. එහි අදනය, තුන්පට සිවුර, දෙපට සිවුර... වැනි සුළු අංගවලින් පූර්ණය. මුඩු කළ හිස සමඟ මෙය ගෞරවයක් සේම දකිනා අයගේ සිත සන්සුන් වේ.
 
බෞද්ධාගමේ ගිහියන් හට අනුමත කළ ඇඳුමක් නැති වුවද සුදු පැහැති, සරල, සිල්වත්, පිවිතුරු ඇඳුම ලෙස පිරිමියාට සරම හා කමීසයත් ගැහැනු හට සාරියද කුඩා ගැහැනු ළමුන්ට ළමා ඔසරියද භාවිත කරයි.
 
====ක්‍රිස්තියානි====
ක්‍රිස්තියානි ආගමේ පරිදි දෙපාර්ශවයටම සැහැල්ලු හා සංවරශීලී ඇඳුමකි. කාන්තා(මව්තුමිය) ඇඳුම හිස්කේ වැසෙනා පරිදි සැකසූ හිස් ආවරණයකින්ද, දෑත් මැණික් කටුව තෙක් දිගු කළ, දෙපා වැසෙන සුළු මෙම ඇඳුම දකිනා අයගේ සිතේ සංවරකම, ගෞරවය දය අනුකම්පා ඇති වේ. පියතුමාගේ ඇඳුම උසස් මට්ටමේ සිට වෙනස් වන එකකි. උසස් පියතුමන් අත් පා පාද වැසුණු සැහැල්ලු සුදු ඇඳුමකින්ද හිස් ආවරණයකින්ද සැරසෙයි. පියතුමන්ලා සුදු පැහැති අත් පා වැසුණු සුදු ඇඳුමකින් සැරසෙයි. සමහර විටෙක ඔවුන් හිස් වැසුම් පළදින අතර ඔවුන්ගේ ගෙලෙන් පහළට එල්ලා වැටෙන කුරුසිය එහි අනන්‍යතාව හඟවයි.
"https://si.wikipedia.org/wiki/ඇඳුම්" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි