"යුද්ධ" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
සුළු Singhalawap යුද්ධය සිට යුද්ධ දක්වා පිටු ගෙන යන ලදී
No edit summary
1 පේළිය:
'''යුද්ධය''' යනු මහා පරිමාණයෙන් ඇතිවන දරුණු ගැටුම් වේ. යුද්ධය; ඉතිහාසය පුරා අතිවූ ගෝත්‍රික ගැටුම් වල සිට නගර, රාජ්‍යයන් හා අධිරාජ්‍යයන් අතර ඇතිවූ සටන් වලට වර්ධනය වී ඇත. 'යුද්ධය' යන වචනය වර්තමානයේ ඕනෑම අරගලයකට භාවිතා වේ. උදාහරණ වශයෙන් ඖෂධ වල යුද්ධය (war on drugs) හා භීෂණයේ යුද්ධය (war on terror) දක්විය හැක. අතීතයේ යුධ සටන් කරන එකම සත්වයා මිනිසා යැයි සිතුවද, සත්ව ජීවීන් සියුම් ලෙස නිරීක්ෂණයෙන් කුහුඹුන්ගේ ජනාවාස අතර යුද්ධයන්ද, චිම්පන්සි ගෝත්‍ර අතරද, යුද්ධය දැකගත හැකි වී ඇත.
සටන්කරුවන් සමූහය සහ ඔවුන්ගේ අධාරකරුවන් පොළොවේදී බිම් හමුදාව ලෙසත්, සයුරේදී නාවික හමුදාව ලෙසත්, ගුවනේදී ගුවන් හමුදාව ලෙසත් නම් කෙරේ. යුද්ධය සමකාලීන ලෙස රඟභූමීන් කිහිපයක් අනුගමනය කළ හැක. එක් රඟභූමියක් හි අනුගාමී යුධ ව්‍යාපාර කිහිපයක් තිබිය හැක. යුධ ව්‍යාපාරයක සටන් පමණක් නොව, තොරතුරු, භට කණ්ඩායම් සංචලනය, සැපයුම්, ප්‍රචාරක කටයුතු හා වෙනත් දේ අදාල වේ. දිඝු කාලීන සංඝට්ටන සාම්ප්‍රදයික ලෙස සටනක් ලෙස නම් කළද, එම නාමකරණය යුධ භටයින්ගෙන් තොර අහස් යානා, බෝම්බ හා මිසයිල ප්‍රහාර ආදී සංඝට්ටන වලට භාවිතා නොවේ. සිවිල් යුද්ධය යනු බලහත්කාරකමින් අභ්‍යන්තර වෙනස්කම් විසදීමයි.
 
ඉලිනොයිස් ප්‍රාන්ත විශ්ව විද්‍යාලයේ මහාචාර්‍යය වරයෙකු වන ලෝරන්ස් එච්. කීලී “War Before Civilization” නම් කෘතියේ ගණනය කර දක්වා ඇත්තේ 90-95% ක් පමණ දන්නා සමාජයන් කාලීන සංඝට්ටන වලද, විශාල සංඛ්‍යාවක් නිරන්තර සටන් වලද නිරත වූ බවයි.
 
 
== යුද්ධයකට හේතුවන සාධක ==
 
නියම යුද්ධයක් ඇරඹෙන්නේ නිල වශයෙන් යුද්ධයක් නැවැත්වීමෙන් පසුවය. එහෙත් නොනැවතුණු යුද්ධ පමණක් දැකිය හැකිය. යුද්ධ විස්තර කිරීම සාමාන්‍ය මූලධර්මයක් වුවද යුද්ධය පමණක් නොව සාමය පිළිබඳව ද විස්තර කර ඇත. එසේ විස්තර කළ යුත්තේ සාමකාමී අවස්ථා ද යුධ ඉතිහාසයේ සඳහන්ව තිබෙන නිසාවෙනි. II වන ලෝක යුධ සමය ඊට කදිම නිදසුනයි.
 
යුද්ධයක් පටිපාටි ගත කිරීමකට වඩා යුද්ධයක් භාරගැනීමෙන් යුද්ධයකට කරන පෙළඹවීම අතිමහත්ය. යුද්ධයක නිරතවීමට රටක නායකත්වයෙන් , හමුදා බලකායන්ගෙන් සහ රටවැසියන්ගෙන් මනා සහයෝගයක් තිබීම අනිවාර්යය වේ. නිදසුනක් ලෙස රෝමයේ සිදු වූ III වන Punic යුධ ගැටුමේදී සොල්දාදුවන් තම සතුරා නැවත නැගී සිටීම වළක්වාලන අරමුණ පෙරදැරි කොට ගෙන දැඩි අභිප්‍රේරණයකින් සටන් වැදුණහ. සටන් තම දිවිය හා සම්බන්ධ කරගෙන යුධ වදින සියල්ලන්ම ජයග්‍රහණයකට මග පාදා ගනී. “ඩාරියන්ඩෝර්මර්” ගේ “Why Nations Go to War” [රටක් යුද්ධයකට පෙළඹෙන්නේ ඇයි?] නම් කෘතියට අනුව යුධ වදින පාර්ශව දෙකම යුද්ධය වෙනුවෙන් විශාල කැපවීමක් කළ යුතු වේ. තවද, යුධ කටයුතුවලින් පසුව ලැබෙන ප්‍රතිලාභ [තුවාල කරුවන්, වියදම්] ආදිය පිළිබඳව සර්ව ශුභවාදී ලෙස නිරීක්ෂණය කළ යුතු බවත්, සතුරු චේතනාවන් පිළිබඳව ද අවබෝධයෙන් සිටිය යුතු බවත් කර්තෘවරයා වැඩිදුරටත් පවසයි.
 
 
=== යුද්ධයේ මානසික නියමයන් ===
 
මනෝ විද්‍යාඥයන් වන ඊ.එෆ්.එම්. ඩර්බන් සහ ජෝන් බොව්ල්බි මිනිසුන් උපතින්ම රෞද්‍ර බවට තර්ක ඉදිරිපත් කළේය.මේ රෞද්‍ර බව සාමාන්‍ය සමාජය යටපත් කළහ.මේ හේතුන් නිසා යුද්ධයකදී ඇතිවන ප්‍රතිඵල යන්ට සමාජයට මුහුණ දීමට සිදු විය. යුද්ධය නිසා මිනිසුන් තුළ පවතින දුක් ගැනවිලි ,එක් එක් ජනවර්ග අතර,ජාතීන් අතර සහ එක් එක් ධර්මයන් අතර පවතින වෛරය සහ අගතිගාමි අදහස් වලට පෙරලිණි.මේ නියමයන් යුද්ධය ඇතිවන්නේ ඇයි යන ප්‍රශ්නයට පිළිතුරු සෙවීමට ඉවහල්විය. මේ නියමයන් යුද්ධ රහිත මිනිසුන්ගෙන් සැදී සංස්කෘතියක් ඇති බව ප්‍රකාශ නොකරන ලදී. මිනිසුන්ගේ මනෝභාවය නොවෙනස්ව පවතින නිසා සහ එක් එක් අය තුළ පවත්නා වෙනස්කම් නිශ්චිත නොවන නිසාත් මෙලෙස ප්‍රකාශ කරන ලදී. මෙම ප්‍රශ්නයට අදාළව පිළිතුරක් ෆ්‍රාන්ස් ඇලෙක්සැන්ඩර් ප්‍රකාශ කර සිටිනවා.එය නම් යුද්ධ නොමැති කාලයක් නොමැති බවයි.සාමය ඇති කාලයක් ද නොමැති බවයි. සාමයක් ඇතැයි සිතෙන කාලය තුළ සිදුවන්නේ තවත් විශාල යුද්ධයකට සූදානම් වීමයි. එසේත් නැතිනම් මෙම කාලය ඇතීවී තිබෙන්නේ යුද්ධය විශාල බලයක් මඟින් නවතා තැබීමෙනි. උදාහරණයක් ලෙස පැක්ස් බ්‍රිටැනිකා දැක්විය හැකිය.
 
Line 23 ⟶ 18:
 
ඉතාලියානු මනෝ විශ්ලේෂක ෆ්‍රැන්ස්කෝ ෆොමාරි හා මෙලනි ක්ලීන්ගේ අනුගාමිකයෙක්, පවසා ඇත්තේ යුද්ධය යනු මානසික විකෘති භාවයන් හෝ ප්‍රක්ෂේ පිව විස්තාරණය වු ශෝකාන්තයක් බවයි.අපගේ ජාතිය හා රට අචේතනිකව අපගේ හැගීම් සඳහා මාතෘත්වයක් ලබා දෙයි. මෙයින් හැඟෙන දේ ලෙස ඉදිරිපත් වන යෙදුම වන්නේ මව් රට යන්නයි. ෆොමාරි තවදුරටත් පවසා ඇති ආකාරයට යුද්ධ සහ ගැටුම් හට ගන්නේ ආදරයේ අවශ්‍යතාවය නිසාය. තවදුරටත් සඳහන් කර ඇති පරිදි අපගේ සිත් තුළ පවතින හා අප බැදී පවතින උතුම් වස්තුව රැකගැනීම සහ ආරක්ෂා කරගැනීම සඳහායි.එනම් අපගේ මුල් මව සහ එයට අප තුළ ඇති බැඳිමයි.වැඩිහිටියන් සඳහාය. ජාතීන් සදහාය යනු යුද්ධය බිහිකරන උතුම් වස්තූන් වේ.ෆොමාරි පවසා ඇති පරිදි දිවිපිදීම යනු තම දේශය උදෙසා මියයෑමට ඇති කැමැත්තයි.ඔවුන්ගේ සිරුරු ඔවුන්ගේ ජාතීයට ලබාදීමයි.ෆොමාරි යුද්ධය පිළෛබඳව අදහස් දක්වා ඇත්තේ එය මරණයකින් පසු මිනිසුන්ගේ තත්ත්වය විශිෂ්ට ලෙස තහවුරු කරන සාධකයක් යනුවෙනි බවයි. අපිට විශ්වාසයි අපි මියයන හේතුව සත්‍යයි කියා, ඒ මන්ද යත් මරණය ආදේශන ක්‍රියාවලියක් වන නිසාය.
 
 
== යුද්ධයට ඇති සදාචාරය ==
 
"යුද්ධයක සාදචාරය" යන්න විශාල ආන්දෝලනයක් ඇතිකළ කරුණකි. අතීතයේ බොහෝ ජාතින් යුධ වැදීම් උතුම් ලෙස සැලකුවේය. කාලයක් සමග එහි ඇති සදාචාර සම්පන්න බව සලකන්නට වු අතර වර්තමානයේ යුද්ධය සදාචාරාත්මක වශයෙන් ගැටලුවක් ලෙස සලකයි. එනමුත් බාහෝමයක් යුධ වැදිම හෝ අඩු වශයෙන් යුද්ධයට සුදානම්ම වීම රටේ ආරක්ෂාවට අවශ්‍ය ලෙස සලකයි. පැසිස්ට් වාදින් යුද්ධයට පිටු දකින අතර කිසිම යුද්ධයක් නොපැවතිය යුතු බව කියයි.
 
Line 33 ⟶ 25:
 
ජාත්‍යන්තර නීතියේ යුද්ධය සම්බන්ධ නීති දෙකක් සලකා ඇත.
1.ආරක්ෂාව පතා කරන යුද්ධ - යම් දේශයක් ආක්‍රමණිකයෙකුගේ ප්‍රහාරයට ලක්වන විට එම දේශයට තම දේශයේ ආරක්ෂාව පතා ප්‍රතිහාර එල්ල කිරීම නිත්‍යානුකූල වේ. එක්සත් ජාතීන් ආරක්ෂක මණ්ඩලයේ යුධ අනුමැතිය
 
1.ආරක්ෂාව පතා කරන යුද්ධ
යම් දේශයක් ආක්‍රමණිකයෙකුගේ ප්‍රහාරයට ලක්වන විට එම දේශයට තම දේශයේ ආරක්ෂාව පතා ප්‍රතිහාර එල්ල කිරීම නිත්‍යානුකූල වේ.
එක්සත් ජාතීන් ආරක්ෂක මණ්ඩලයේ යුධ අනුමැතිය
 
2.එක්සත් ජාතීන් එක් රටකට විරුද්ධ සටන් වැදීම (සාමය පෙරදැරි කොට)
"https://si.wikipedia.org/wiki/යුද්ධ" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි