"ත්‍රිමාණ මුද්‍රණ ශිල්පය" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
No edit summary
No edit summary
1 පේළිය:
'''ත්‍රිමාණ මුද්‍රණ ශිල්පය''' යනු අතාත්වික ත්‍රිමාණ ආකෘතියක් ද්විමාන වස්තුවක් මත මුද්‍රණය කිරීමේ ක්‍රමයකි. ත්‍රිමාණ වස්තුවක් මත ද්විමාන රූපයක් යෙදීම සම්බන්ධයෙන් pad මුද්‍රණ ශිල්පය පිළිබඳ ලිපිය බලන්න. ත්‍රිමාණ මුද්‍රණය සීඝ්‍ර ප්‍රතිරූප නිර්මාණ තාක්ෂණ ඛාණ්ඩයක් වේ. සාමාන්‍යයෙන් ත්‍රිමාණ මුද්‍රණ යන්ත්‍ර එක මත එක ස්ථර වශයෙන් මුද්‍රණය මඟින් ත්‍රිමාණ වස්තුවක් ගොඩනැඟීම සිදු කරයි. ත්‍රිමාණ මුද්‍රණ යන්ත්‍ර සාමාන්‍යයෙන් අනෙකුත් ආකලන නිෂ්පාදක තාක්ෂණයන්ට සාපේක්ෂව වඩාත් සීඝ්‍ර, ලාභදායී සහ භාවිතයට වඩාත් පහසු ක්‍රමයක් වේ.
 
== විභේදන බලය ==
8 පේළිය:
 
මේ වන විට නිෂ්පාදනය කිරීමට සෛද්ධාන්තිකව ඉලක්කගත ත්‍රිමාණ මුද්‍රණ යන්ත්‍ර වර්ගයක් වනුයේ තමන‍්ගේම පිටපත් නිර්මාණය කළ හැකි ආකාරයේ ත්‍රිමාණ මුද්‍රණ යන්ත්‍රයි. එවන් එක් නිෂ්පාදන අවධියේ පවතින මුද්‍රණ යන්ත්‍රයකට පරිපථ පුවරු මුද්‍රණයත් ප්ලාස්ටික් කොටස් නිර්මාණයත් සිදු කළ හැක. එය නමින් ‍RepRap නම් වන අතර GNU අවසර පතක් යටතේ නිකුත් කෙරේ. එයට ලෝහ මත විස්තර මුද්‍රණය කිරීමේ හැකියාව ලබා දීම සඳහා පර්යේෂණ සිදු කෙරමින් පවතී. මෙම මුද්‍රණ යන්ත්‍රයේ නිර්මාතෘ මෙසේ පවසන ලදී. “සැලසුම සහ එය පාලනය කරන මෘදුකාංගය පමණක් නොව ආරම්භයේ පටන් සම්පූර්ණ උපාංග සමුදායම අයත් වන පරිදි සියල්ල විවෘත ආකාරයට සකස් කිරීම අපගේ අරමුණයි.” මෙම මුද්‍රණ යන්ත්‍රයට එහි සැලසුමේ වැඩි දියුණු කළ ආකාර බාගත කොට ගෙන තමාගේම වඩාත් නව සහ දියුණු ආකාරයක් නිර්මාණය කිරීමේ හැකියාව ද ඇත.
 
 
 
 
== References ==
http://en.wikipedia.org/wiki/3D_printing
"https://si.wikipedia.org/wiki/ත්‍රිමාණ_මුද්‍රණ_ශිල්පය" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි