"ඔගස්ට් කොම්ට්" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
No edit summary
26 පේළිය:
සමාජ විද්‍යාවේ පියා වශයෙන් කොම්ටි විසින් සමාජ විද්‍යාවට කරනලද න්‍යායාත්මක දායකත්වය ඉතා ඉහළය.
=== අවධි තුන පිළිබද නීතිය ===
මානව සමාජ පරිණාමයේ අවධි තුනක් කොම්ට් හදුනාගනී.මෙම අවධි තුන ඔහු අවධි තුන පිළිබද නීතිය ලෙස සංකල්පගත කරයි.මෙම අවධිතුන සමාජ විකාශන අවධි තුනක් පමණක් නොව මානව චින්තනයේ අවධි තුනක් ලෙස දැක්විය හැක.මෙමගින් මානවයා යුධමය සමාජයක සිට තාර්කිකහාතාර්කික හා කාර්මික සමාජයක් දක්වා පරිණාමය වන අයුරු පෙන්වා දෙයි.පොදුවේ මෙය එක් එක් පුද්ගලයාගේ මනසේ පරිණාමයට සමාන්තර යැයි කොම්ට් දිටීය.මෙම අදහස් ඔහු විසින් රචිත The Course in Positive Philosophy නම් ග්‍රන්ථයේ සදහන්වෙයි.
==== දේවවාදී අවධිය ====
සමාජ පරිණාමයේ මුල්ම අවධිය දේවවාදී අවධියයි.මෙම අවධියේ දී මිනිසා සියලු ස්වශාවික වස්තූන් දේව නිර්මාණයක් බව පිළිගැනීමට පෙළඹේ.මිනිසාට තේරුම්ගත නොහැකි ස්වභාව ධර්මයේ සිදුවන සංසිද්ධීන් දෙවියන්ගේ මෙහෙයවීමෙන් සිදුවනබව විශ්වාස කරය‍ි.මානව සමාජයේ මලුම අවධියවන මෙම යුගයේ ගුප්ත බලවේග දේවවාදී සංකල්ප ආත්ම සංකල්ප ආදී අනේකවිද ප්‍රාථමික ආගම් අභිචාර වලින් පිරී පැවතුනි.මෙම අවධියේ සමාජය බොහෝවිට ගොත්‍රික සමාජ විය.මෙම අවධියේ සමාජයේ නායකයා වන්නේ ශාරීරික ශක්තියෙන් යුධ ශක්තියෙන් හෙබි නායකයෙකි.මොවුන් මිලිටරි නායකයන් ලෙ කොම්ට් දකී.මොවුන් තම බලය රැකගැනීමට දේව ධර්මාණුකූල න්‍යාය ඉදිරියට දමයි.ඒ අනුව මෙවැනි නායකයින් දෙවියන් පිළිබද විශ්වාසය ඉදිරියට ගෙනයමින් තම නායකත්වය රැකගනී.
"https://si.wikipedia.org/wiki/ඔගස්ට්_කොම්ට්" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි