"විවාහය" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
54 පේළිය:
මීට අමතරව ඇතැම් රටවල මනුෂයෙකු හා තිරිසන්ගත සතකු හෝ වෘක්ෂයකට විවාහ කරදීමේ චාරිත්‍රයක්ද පවතී සාම්ප්‍රධායික ගතානුගතික අදහස් දරන ඇතැම් සමාජවල මෙය සිදුවේ ඉන්දියාව වැනි රටවල කුජ භෞම දෝෂය නම්වූ දෝෂයෙන් මිදීමට මෙම විවාහ සිදුකරන බව පැවසේ මෙම දෝෂය බලවත්ව යෙදුන විට විවාහ සහකරු හෝ සහකාරිය මියයන බව විශ්වාස කරනු ලබයි එයින් මිදීමට තිරිසන් සතකුට හෝ ගසකට විවාහ කරදීම සිදුකරයි මෙය තාවකාලික විවාහයකි මෙම විවාහ ක්‍රමය යටතේ බොහෝවිව තරුණියන් විවාහ කර දෙයි සහකරු ලෙස බොහෝවිට බල්ලකු යොදා ගනී
== විවාහ සහකරු තෝරාගැනීම==
ඇතැම් සංස්කෘතීන් තුල තම කාලත්‍රයා තෝරාගැනීමේ අයිතිය මනාලයාට හෝ මනාලියට හිමි අතර ඇතැම් සමාජවල කලත්‍රයා තොරාදීමේ සම්පූර්ණ අයිතිය දෙමාපියන්ට හෝ ඥාතීන්ට එසේත් නැතිනම් වැඩිහිටියන්ට පමණක් අයිති කාර්‍යයකි.2003 දී ප්‍රකාශයට පත්කළ එක්සත් ජනපද වාර්ථාවකට අනුව ලෝකයේ ජනගහනයෙන් 89%ක්ම වයස අවුරුදු 49 පෙර විවාහ වන බවයි.විවාහ
=== සමාජීය සාධක ===
සමහර පුද්ගලයින්ට තමාට වඩා උසස් තත්වයක හෝ පහත් තත්වයක සිටින සමකරුවකු තොරාගැනීමට කැමැත්තක් දක්වයි.තවත් අයට අවශ්‍ය තමා හා සමාන සමාජීය තත්වයත් ඇති පුද්ගලයන් හා විවාහවීමටයි.බොහෝ සමාජයන්හි කාන්තාවන් වැඩි කැමැත්තක් දක්වන්නේ තමාට වඩා උසස් සමාජ මට්ටමක් ඇති පුරුෂයන් හා විවාහ වීමටයි බොහෝ සමාජයන්හි මනාලියට වඩා මනාලයා වයසින් වැඩිවිය යුතුබව පිළිගනී.
=== ව්‍යාභිචාරය තහංචිය අන්තර්ජන්‍යබව හා බහිර්ජන්‍යබව ===
ව්‍යාභිචාරය යනු විවාහ සහකරු තම සමීපතම ලේඥාතීන් ගෙන් තෝරා ගැනීමයි.මෙම විවාහ බොහො සමාජවල දක්නට නොලැබේ.එනම් ව්‍යභිචාර තහංචිය බොහෝ සමාජවල ක්‍රියාත්මකවේ ඒ අනුව පියා හා දියණිය මව හා පුතා එක්කුස උපන් සහොදර සහෝදරියන් අතර විවාහය තහංචිය කෙසේ ඇතැම් රාජකීයයන් අතර මෙවන් විවාහ සිදුවූ බව සදහන්ය උදාහරණ ලෙස ටූටන් කාමන් රජපෙළපතේ සහෝදර සහොදර්යන් අතර විවාහ සිදුවී ඇත මහාවංශයේ සදහන් වන ආකාරයට සිංහභාහු හා සිංහ සීවලී යන එකුකුස උපන් කුසඹුරුවන් අතර විවාහයක් සිදුවී ඇත ඊඩිපස් පුරාවෘතයට අනුව මව හා පුතා අතර විවාහ සිදුවී ඇත කෙසේ වෙතත් මෙවන් විවාහ සමාන්‍ය ජනයා අතර සිදු නොවූ බව සදහන්වේ එවන් විවාහ බොහෝ සමාජවල බරපතල පාපයක් ලෙස සලකයි.කෙසේ වෙතත් ලේ ඥාතීන් උවත් තරමක් දුර ඥාතීන් අතර විවාහ බොහෝ සමාජවල සිදුවේ.අකුණු ඉන්දීය දෙමළ ජනයා අතර ඇතිවන මාමා ලේලී විවාහ එනම් තම වැඩිමල් සොහොයුරියගේ දුව විවාහ කරගැනීම දැක්විය හැක.මීට අමතරව ඇවැස්ස ඥාතීන් අතර සිදුවන විවාහ බහුලව පවතී.මානව හා සමාජ විද්‍යාඥයන්ට අනුව ලොව පුරා සිදුවන විවාහවලින් 80% මෙවන් ඇවැස්ස ඥාති විවාහයන්ය.නමුත් වර්ථමාන විද්‍යාත්මක දියුණුවත් සමග මෙවන් විවාහයන්හි බරපතලබව වටහා දීමත් සමග දියුණු සමාජ මෙම විවාහ ක්‍රමයෙන් ඈත්වෙමින් පවතී.කෙසේ වෙතත් තවමත් සාම්ප්‍රධායිකත්වය ගරු කරන ගතානුගතික සමාජයන්හි මේ තත්වය තවමත් පවතී.
 
== විවාහය හා බැදුන සංකල්ප ==
"https://si.wikipedia.org/wiki/විවාහය" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි