"අධිමනෝවිද්‍යාව" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
{{අධිමනෝවිද්‍යාව}}
Terminology
13 පේළිය:
 
අධිමනෝවිද්‍යාඥයින් සයි (Psi) නමැති පදය මෙම ක්‍රියාවලිය හැඳින්වීමට යොදා ගෙන ඇත. විද්‍යාව මගින් පිළිගත් සම්මත සෛද්ධාන්තිකවලට පටහැණි පර්යේෂණ අන්තර්ගත නිසා අධිමනෝවිද්‍යාව විද්‍යාවේ අතුරු ක්ෂේත්‍රයක් ලෙස හැඳින්විය හැක.
 
==Terminology==
අධිමනෝවිද්‍යාවේදී '''Psi''' යනු, අතින්ද්‍රීය සන්ජානනයේ දී සහ මනෝචලනයේ දී අත්දකින්නට ලැබෙන කිසිදු භෞතික හෝ ජීව විද්‍යාත්මක ක්‍රියාකාරිත්වයක් මගින් පැහැදිලි කල නොහැකි හඳුනානොගත් සාධකය යි. මෙම යෙදුම ග්‍රීක හෝඩියේ 23 වන අක්ෂරය වන '''ψ''' (psy/ප්සයි) මගින් ව්‍යුත්පන්න වූවකි. එම අක්ෂරය [[ග්‍රීක භාෂාව|ග්‍රීක භාෂාවෙන්]] ''ආත්මය'' හඳුන්වනු ලබන ψυχή (psyche) යන වචනයේ මුල් අකුරයි. ජීව විද්‍යාඥ බර්තෝල්ඩ් පී. විස්නර් විසින් මෙම යෙදුම හඳුන්වා දෙනු ලැබූ අතර එය මනෝවිද්‍යාඥ රොබට් තෝල්ස් විසින් 1942 දී ප්‍රකාශයට පත් කල බ්‍රිතාන්‍ය මනෝවිද්‍යා ජර්නලයේ ලිපියක් සඳහා භාවිත කරනු ලැබිණි.
 
මනෝවිද්‍යා සංගමය විසින් Psi, ප්‍රධාන කාණ්ඩ දෙකකට බෙදනු ලබයි: ඒ Psi-ගැමා, ඉන්ද්‍රිය පරිබාහිර සංජානනය වෙනුවෙන් ද Psi-කප්පා (kappa), මනෝචලනය වෙනුවෙන්ද වශයෙනි. ජනප්‍රිය සංස්කෘතියේ දී "Psi" යන පදය මානසික, ආත්මීය සහ අද්භූත හැකියා සහ බලයයන් යනාදියට සමාන තේරුම් ගෙන දෙමින් වඩ වඩාත් භාවිත වෙයි.
 
{{අධිමනෝවිද්‍යාව}}
"https://si.wikipedia.org/wiki/අධිමනෝවිද්‍යාව" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි