"වැසි වනාන්තර" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
20 පේළිය:
* වන බිම් ස්ථරය - මෙම ස්ථරයට හිරු එළිය ලඟා වන්නේ 2% පමණි. මෙම කලාපයේ වර්ධනය විය හැක්කේ එම මන්දාලෝකයට අනුවර්ත වූ ශාඛාවට පමණි. ගංඉවුර, වගුරු සහ එළිමහන් ස්ථානවලින් එහා ගහන වූ යටි වගාවක් දැකිය හැක. වන බිම පැල වර්ධනයෙන් සාපේක්ෂව මැද බවක් පෙන්වන්නේ අඩු ඉර එළිය ප්‍රමාණයක් පෙරී වැටෙන නිසාය. එසේම වන බිම දිරාපත්ව ක්ෂය වී යන සත්ව සහ ශාක කොටස්වලින් යුක්ත වේ. මේවා උණුසුම තෙතමනය යන කරුණු නිසා ඉක්මණින් දිරාපත් වී යයි. නොයෙක් ආකාරවල දීලීර මෙම ශාක සත්ව කොටස් මත වර්ධනය වෙමින් ඒවා දිරාපත් වීමට උදව් වේ
 
==මිනිසාගේ භාවිතය==
 
නිවර්තන වැසි වනාන්තර දැව සේම සත්ව නිෂ්පාදන වන මස් සහ සම් සපයයි. වැසි වනාන්තර සංචාරකයන්ගේ ගමනාන්ත වනවා මෙන්ම පරිසර පද්ධති මගින් සිදුවන සේවාවන් ලබාදීමට ද ඉවහල් වේ. එසේම නිවර්තන වැසි වනාන්තරවලින් ලැබුණු බොහෝ ආහාර ද්‍රව්‍යය දැනට බෝග වැවිලි ලෙස ඇති කලාප පූර්ව ප්‍රාථමික වනාන්තර ලෙස පැවති ඒවා වේ. පෘථිවියෙන් 6% පමණ ආවරණය වන්නේ වැසි වනාන්තර වලිනි. කෙසේ වෙතත් සියලුම ඖෂධ වර්ග වලින් 25% පමණ උපදින්නේ වැසි වනාන්තරවල අංග උපාංගයන්ගෙනි. පිළිකා සුවකිරීමේ ශක්තියක් ඇතැයි සිතිය හැකි නිවර්තන ශාක වර්ග 1430 ට වඩා වැඩි ප්‍රමාණයක් වනාන්තරවල ඇත. මෙයින් ද 70% පමණ පැලෑටිවල පිළිකා මර්දන හැකියාව ඇති ඒවා ලෙස ඇමරිකානු ජාතික පිලිකා ආයතනය හඳුනාගෙන ඇත. මේවා අතර ඇස්පිරීන් වැනි වේදනා නාශක මෙන්ම සහ හෘත් රෝග සඳහා ගතහැකි ඖෂධ වෙනුවට ද සුදුසු ශාකමය ඖෂධ මේ වනාන්තරවල බහුල වේ. ඇත්ත වශයෙන්ම පැළවලින් නිපදවා ගන්නා ඖෂධ වර්ග බොහෝ විට භාවිතා වනුයේ උණ, දිලීර අසාදන, පිලිස්සුම් තුවාල අමාංශයේ සහ බඩවැල්වල අබාධ, වේදනා, ශ්වසන අබාධ සහ තුවාල සුවකර ගැනීම සඳහාය.
[[Category:වනාන්තර]]
"https://si.wikipedia.org/wiki/වැසි_වනාන්තර" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි