"නාරද දිසාසේකර" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
No edit summary
No edit summary
21 පේළිය:
 
නාරද ගැයු 'මුළු හදින් මම' ගීතයෙහි ඇති බලපෑම හේතුවෙන් ප්‍රේම වියෝගය දරාගත නොහැකි වුනු පුද්ගලයෙකු තම රේඩියෝ එකට පොරෝ පාරක් එල්ල කර රේඩියෝව දෙපළු කළ බව "ඔබ්සවර්'' පුවත්පතේ 'Song Sends Man insane' යන ශීර්ෂපාඨය යටතේ පළවී ඇත.
 
ඔහු චිත්‍රපට පසුබිම් ගායනයට ප්‍රවිෂ්ට වූයේ සිනමා සංගීතයේ තීරණාත්මක අවධියේදීය. එවකට චිත්‍රපට ගීතය අනුකරණවාදයේ ග්‍රහණයට දැඩිව ලක් වී තිබිණි. ශ්‍රී චන්ද්‍රරත්න මානවසිංහන් රචිත ගීත ත්‍රිත්වයක් ඇතුලත් වූ 1962 තිරගත වූ ''රන්මුතු දූව'' චිත්‍රපටය සඳහා ගයමින් චිත්‍රපට පසුබිම් ගායනයට පිවිසුණේය. ''පාරමිතා බල'' ගීතය [[ඩබ්ලිව්.ඩී. අමරදේව|පණ්ඩිත් අමරදේවයන්]] හා [[නන්දා මාලනී|විශාරද නන්දා මාලනිය]] සමඟ ද, ''ගලන ගඟකි ජීවිතේ'' නන්දා මාලිනියද සමඟින්ද, ''පිපි පිපී රේණු නටන'' යන ගීතයන් ගැයුවේය.
 
එම තම පළමු පසුබිම් ගායනයට 1964 දී පැවැත් වූ වසරේ "හොඳම ගායකයා" ලෙස ප්‍රථම සරසවි සම්මාන උළෙලේ සම්මානයට ලැබීමට තරම් වාසනාවන්ත විය. 1967 දී තිරගත වූ එල්. එම්. පෙරේරාගේ 'හතර කේන්දරේ' චිත්‍රපටයෙන් ඔහු සිනමා සංගීත අධ්‍යක්ෂවරයකු ලෙස පිවිසියේය.
 
ඔහු ගැයූ ගීත අතරි වඩාත් ජනයා අතර ජනප්‍රියතම වූයේ නවකතා දෙකක් බිහිවූ ගුණදාස ලියනගේ ලියු ''මුළු හදින් මම ඇයට පෙම් කොට'' හා ධර්මපි‍්‍රය ලොකුහේවා ලියු ''අනාගත පෙම් සිහින මැව්වෙමි'' යි.
 
ඔහු ගැයූ ගීත අතර ''රන් රිදී වස්තුව'' , ''මේ භවයේදී'' , ''මේ පේ‍්‍රම ලෝකේ'' , ''මුළු හදින් මම ඇයට පෙම් කොට'' , ''කටු අකුලේ පිපි'' , ''ඇය පමණයි මගේ මිහිර'' , ''චේතනා පරිශුද්ධ වේ නම්'' , ''චන්ද්‍ර බිම්බයුරු'' , ''මේ භවයෙදි'' යන ගීතයන් කිහිපයකි.
 
1967දී ගුවන් විදුලිය සංස්ථාවක් බවට පත්වීමේදී නාරදට සිදු වූ අසාධාරණයක් නිසාවෙන් ඔහු ඉන් ඉවත් වී "දවස" පුවත්පතට බැඳීය. ඔහු පසු කලෙක නාගරික සංවර්ධන හා පූජා භූමි සංවර්ධන අමාත්‍යංශයේ මාධ්‍ය සම්බන්ධීකරණ ලේකම්වරයා ලෙසින් ද ක්‍රියා කළේ ය.
 
දිසාසේකර 2010 මැයි 19 දින වයස 76ක්ව තිබියදී මිය ගියා.<ref name="colombo">{{cite news|title=Sri Lankan vocalist Narada Disasekara passes away|url=http://www.colombopage.com/archive_10A/May19_1274280390JR.php|accessdate=23 June 2010|date=19 June 2010}}</ref>
"https://si.wikipedia.org/wiki/නාරද_දිසාසේකර" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි