"විද්‍යුතය" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
අසත්‍ය
10 පේළිය:
 
==ඉතිහාසය== <!--History-->
=== දුර අතීතය === <!--Ancient-->
වස්තු හා ලොම් පරීමැදීම නිසා හටගන්නා ස්ථිති විද්යුතය පිළිඹඳව පුරාණ ග්‍රීක වරු, මෙසොපොටේමියානු වරු දැනසිටියහ.
බැග්ඩැඩ් බැටරිය ලෙස හඳුන්වන (ගැල්වානි කෝශයක ක්‍රියාකාරීත්වයට සමාන) පුරාවස්තුව සොයාගැනීමත් සමඟ පුරාණ මෙසොපොටේමියානු වරු විද්‍යුත් ලෝහාලේපණය ගැන දැන සිටි බවට සමහරු මත පල කරති.
 
[[ගොනුව:Thales.jpg|thumb]]
=== මෑත අතීතය === <!--Modern-->
 
1600 දී බි‍්‍රතාන්‍ය විද්‍යාඥයෙක් වන විලියම් ගිල්බර්ට් විසින් electricus යන නව-ලතින් වචනය මෙම වස්තු පරීමැදි විට කුඩා වස්තු ඇදගැනීමේ හැකියාව හැඳින්වීමට යොදාගන්නා ලදී. එ‍්ත් සමඟම electric හා electricity යන ඉංග්‍රිසි වචනද භාවිතයට එක් විය.
මධ්‍යධරණී ප්‍රදේශ ආශ්‍රිත පැරණි සංස්කෘතීන්ට අයත් ජනයා ඇම්බර් ආදී ද්‍රව්‍යවලින් තැනූ දඬු පූස් ලොම්වලින් පිරිමැදි විට ඒවාට පිහාටු වැනි සැහැල්ලු වස්තු ආකර්ෂණය වන බව දැන සිටියහ. ක්‍රි.පූ. 600 දී පමණ කේලේස්හි මිලේටස් ස්ථිති විද්‍යුතය පිළිබඳ පර්යේෂණ මාලාවක් සිදු කළ අතර පිරිමැදීමෙන් තොරවම චුම්භක ගුණ පෙන්වන මැග්නටයිට් වැනි ඛනිජවලට පරස්පර ආකාරයට ඝර්ෂණය නිසා ඇම්බර්වලට චුම්භක ගුණ ලැබෙන බව ඔහුගේ විශ්වාසය විය. ඉහත ආකර්ෂණයට හේතුව චුම්භකත්වය බවට තේලේස් කළ නිගමනය නිරවද්‍ය එකක් නොවන නමුත් පසු කාලීනව විද්‍යාඥයන් විසින් විද්‍යුතය හා චුම්භකත්වය අතර සම්බන්ධතාවය ඔප්පු කරන ලදී.
 
1936 වසරේ දී සොයා ගන්නා ලද පෙනුමින් ගැල්වානි කෝෂයක් ආකාරය ගන්නා “Baghdad Battery” (බෑග්බෑග් කෝෂය යන අරුත දේ) නම් පුරා වස්තුව මත පදනම්ව පාතියන්වරුන්හට විද්‍යුත් ලෝහාලේපනය පිළිබඳ යම් දැනුමක් තිබූ බවට මතයක් පළවී ඇති නමුදු මෙය විවාදයට තුඩු දී ඇත. පුරා වස්තුවේ යම් විද්‍යුත් ගුණාංගයක් පවතී ද යන්න තහවුරු වී නොමැති අතර ලෝහාලේපනය පිළිබඳ මතයට පුරා වස්තුවේ ව්‍යුහය හා එකඟ වන ආකාරයේ සාක්ෂි ‍නොමැත.
 
ප්ලිනී (Pliny the Elder) සහ ස්ක්‍රීබොනියස් ලාගස් ආදී පැරණි ලේඛකයන් කැට්ෆිෂ් සහ ටෝපිඩෝ මඩුවක් ඇති කරන විදුලි සැර වැදීමෙන් දැනෙන කම්පනය පිළිබඳ සඳහන් කර ඇති අතර එවන් විදුලි සැරයක් සන්නායක ඔස්සේ ගමන් කළ හැකි බව ද ඔවුන් දැන සිටියහ. එකල හිසරදය හෝ රක්තවාතය වැනි රෝගවලින් පෙලුනු රෝගීන් , ප්‍රබල විදුලි සැරයක් හේතුවෙන් රෝගය සුව වේ යැයි තිබූ විශ්වාස හේතුවෙන් විදුලි සැර නිකුත් කරන මසුන් ඇල්ලිමට යොමු කරවා ඇත.
 
[[ගොනුව:Franklin-Benjamin-LOC.jpg|thumb|18 වැනි ශත වර්ෂයේ දී බෙන්ජමින් ෆ්රූන්ක්ලින් විද්‍යුතය පිළිබඳ පුළුල් පරාසයකට අයත් පර්යේෂණ ගණනාවක් සිදු කරන ලදී.]]
 
කෙසේ නමුත් ආරම්භයෙන් සහස්‍රක දෙකකටත් වැඩි කාලයක් ගතවන තුරු, එනම් ක්‍රි.ව.1600 පමණ වන තුරු විද්‍යුතය හුදෙක් බුද්ධිමය කුතුහලය මදක් ඉක්මවූ ක්ෂේත්‍රයක් පමණක් විය. ක්‍රි.ව. 1600 පමණ ඉංග්‍රීසි ජාතික භෞතික විද්‍යාඥ විලියම් ගිල්බට් විද්‍යුතය සහ චුම්භකත්වය පිළිබඳ සූක්ෂම අධ්‍යයනයකින් අනතුරුව චුම්භක ගුණ ඇති පාෂාණ මඟින් ඇති කරන ආවරණය ඇම්බර් කැබලි පිරිමැදීමෙන් ලැබෙන ස්ථිති විද්‍යුතය වෙන්කර දක්වන ලදී. තවද ඔහු විසින් පිරිමැදීමෙන් අනතුරුව කුඩා වස්තු ආකර්ෂණය කිරීමේ ගුණය හැඳින්‍වීම සඳහා electricus නම් නව ලතින් පදය නිර්මාණය කරන ලදී. (මෙය “‍ඉලෙක්ට්‍රොන්” ලෙස ශබ්ද කෙරෙන ඇම්බර් සඳහා යෙදෙන ග්‍රීක වචනය ඇසුරින් නිර්මාණය කර ඇති අතර ලතින් බසින් එහි අදහස “ඇම්බර් වැනි” යන්නයි) අනතුරුව මේ අනුසාරයෙන් විද්‍යුතය හැඳින්වීමට භාවිතා වන "electric" හා "electricity" යන වදන් නිර්මාණය වූ අතර ඒවා පළමු වරට මුද්‍රිත අයුරින් ප්‍රකාශයට පත්ව ඇත්තේ 1646 පලවූ තෝමස් බ්‍රවුන්ගේ “Pseudodoxia Epidemica” නම් ග්‍රන්ථයේය.
 
 
ඔටෝ වොන් ගුරික්, රොබට් බොයිල් ස්ටීවන් ග්‍රේ සහ සී.එෆ්. ඩූ ‍ෆේයි විසින් පර්යේෂණ කටයුතු තවදුරටත් ක්‍රියාත්මක කරන ලදී. 12 වැනි ශත වර්ෂයේ දී ‍‍බෙන්ජමින් ෆ්රෑන්ක්ලින් විද්‍යුතය පිළිබඳ පුළුල් පර්යේෂණ රැසක් සිදු කළ අතර සිය පර්යේෂණ සඳහා අවශ්‍ය මුදල් සොයා ගැනීමට ඔහු සිය බඩු බාහිරාදිය පවා විකුණා දමන ලදී. 1752 ජුනි මාසයේ දිනෙක ඔහු තෙත් වූ නූලක් සහිත සරුංගලයක නූලෙහි පහල කෙ‍ළවරට ලෝහ යතුරක් සම්බන්ධ කර අනතුරුව කුණාටුවක් ඇරඹීමට ආසන්නව එම සරුංගලය අහසට නංවා අනතුරුව යතුරෙහි සිට සිය පිටි අල්ලට පුලිඟු පනින අයුරු නිරීක්ෂණය කර ඒ ඇසුරින් අකුණු ගැසීම විද්‍යුතය හා සැබැඳි ක්‍රියාවලියක් බව පෙන්වා දෙන ලදී.
 
ස්නායු සෛල ඔස්සේ පේශි දක්වා සංඥා ගමන් කරනුයේ විද්‍යුතය මාධ්‍යයය ලෙස යොදා ගනිමින් බව ආදර්ශනය කරමින් 1791 දී ලුයිජි ගැල්වානි සිය ජෛව විද්‍යුතය පිළිබඳ සොයා ගැනීම ප්‍රකාශයට පත් ‍කළේය. ක්‍රි.ව. 1800 කාලයට අයත් මාරුවෙන් මාරුවට සින්ක් සහ තඹ පතුරු යොදා නිර්මාණය කළ වෝල්ටා පුංජය ලෙස හැඳින්වෙන ඇලෙක්සැන්ඩර් වෝල්ටාගේ කෝෂය එයට පෙර විද්‍යාඥයන් භාවිතා කළ ස්ථිති විද්‍යුත් උපකරණවලට වඩා විද්‍යුතය සඳහා විශ්වාසවන්ත ප්‍රභවයක් විය. 1820 දී ඇන්ඩේ මාරි ඇම්පියර් විද්‍යුතය හා චුම්භකත්වය අතර සම්බන්ධතාවයක් පවතින බව මුල්වරට සොයාගන්නා ලදී. 1821 වසරේ දී මයිකල් ෆැරඩේ විදුලි මෝටරය නිර්මාණය කළ අතර 1827 දී ජෝජ් ඕම් විද්‍යුත් පරිපථ ගණිතමය ලෙසට විශ‍්ලේෂණය කරන ලදී.
 
19 වැනි සිය‍වසේ විද්‍යා ක්ෂේත්‍රයක් ලෙස විද්‍යුතය සීඝ්‍ර දියුණුවකට ලක් වූ අතර විදුලි ඉංජිනේරු විද්‍යාව වඩාත් සීඝ්‍රව වර්ධනය වූයේ 19 වැනි සියවසේ අග භාගයේ දීය. නිකොලා ටෙස්ලා , තෝමස් ඒඩියන්, ජෝජ් වෙස්ටින්ග් හවුස් , අර්න්ස්ට් වර්නර් ‍වොන් සීමන්ස්, ඇලෙක්සැන්ඩර් ග්‍රැහැම් බෙල් සහ කෙල්වින් සාමිවරයා ආදීන්ගේ දායකත්වය හේතුවෙන් විද්‍යුතය හුදෙක් විද්‍යාත්මක කුතුහලයක් දන්වන්නක සිට නූතන ජන ජීවිතයේ අත්‍යාවශ්‍ය අංගයක් දක්වා පරිවර්තනයකට භාජනය වූ අතර විද්‍යුතය දෙවැනි කාර්මික විප්ලවය ඇති කිරීම සඳහා ද හේතු විය.
 
== විද්‍යුත් ‍ක්ෂේත්‍රය ==
"https://si.wikipedia.org/wiki/විද්‍යුතය" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි