"චර්ම රෝග පිළිබද අධ්‍යයන විද්‍යාව" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
No edit summary
1 පේළිය:
'''චර්ම රෝග''' පිළිබද අධ්‍යයන විද්‍යාව යනු සම සහ එහි ව්‍යුත්පන්නයන් (කෙස්, ශ්වේද ග්‍රන්ථි) පිළිබදව අධ්‍යයනය කෙරෙන වෛද්‍ය විද්‍යාවේ එක් ශාඛාවකි.
 
==ප්‍රතිකාර ක්‍රම==
සම බාහිරව ලබාදෙන අ‍ාලේපන ප්‍රතිකාර ක්‍රම සදහා වඩාත් යෝග්‍ය වේ. සමෙහි ඇතිවන ආසාදන රෝග සදහා ප්‍රතිජීවක ආලේපන ද ස්ටීරොයිඩ සහිත ආලේපන වර්ග විවිධ ආසාත්මිකතා නිසා ඇතිවන චර්ම රෝග සදහා ද භාවිතා කෙරේ. චර්ම රෝග විශේෂඥ වෛද්‍යවරුන් ප්‍රතිශක්ති කරණය වැඩි දියුණු කර ගැනීමේ ප්‍රතිකාර ක්‍රම හදුන්වා දී ඇත. ඒවා නම් සම මතුපිටෙහි ඇතිවන පිළිකාවන් සදහා ලබාදෙන Imiquimod ආලේපන වර්ග සහ ඉන්නන් සදහා ලබාදෙන ප්‍රතිශක්තිකරණ එන්නත් ප්‍රතිකාර ක්‍රමයි.
 
=== ආලේපන ප්‍රතිකාර ක්‍රම ===
බහුතරයක් චර්ම රෝග සදහා ආලේපන ප්‍රතිකාර ක්‍රමයන් භාවිතා කෙරුණද මුඛ මාර්ගයෙන් ලබාදෙන ඖෂධ වර්ග ද භාවිතා කරයි. ප්‍රතිජීවක ඖෂධ, ප්‍රතිශක්තිකරණය මර්දනය කිරීමේ ඖෂධ හෝ ප්‍රතිශක්තිකරණය වැඩි දියුණු කර ගැනීමට භාවිතා කරන ඖෂධ වර්ග විවිධ සමෙහි පිළිකා හා රෝග තත්වයන් සදහා භාවිතා කරයි. Isotretinoin යනු උග්‍ර ලෙස කුරුලෑ ඇති වන අවස්ථාවන්හි දී ලබාදෙන ඖෂධයක් වන අතර එමගින් ජීවිත කාලය මුළුල්ලේම රෝගය නැවත ඇති වීම වළක්වාලයි. ඇමරිකා එක්සත් ජනපදය විසින් Isotretinoin නිර්දේශ කිරීමේදී එය පාලනය කිරීමක් ආහාර සහ ඖෂධ අධිකාරිය මගින් සිදුකරයි. ප්‍රතිකාර ක්‍රමයක් ලෙසට ලේසර් තාක්ෂණය හදුන්වාදීමත් සමගම විවිධ නව ප්‍රතිකාර ක්‍රමෝපායන් බිහිවෙමින් පවති.
 
=== ආලෝක ප්‍රතිකාර ක්‍රම ===
මෙහිදී පාරජම්බුලකිරණ භාවිතා කරනු ලැබේ. තවද මුඛ මාර්ගයෙන් ලබාගන්නා සහ ආලේප කරනු ලබන ඖෂධ ද සමෙහි රෝග සදහා ප්‍රතිකාර කිරීමේ දී භාවිතා වේ.
 
=== සැත්කම් මගින් ලබාදෙන ප්‍රතිකාර ක්‍රම ===
නහර ගැට ගැසීම සහ ඇතැම් පිළිකා රෝග සදහා චර්ම රෝග ශල්‍ය වෛද්‍යවරයෙකු මගින් ලබාදෙන සැත්කම් ක්‍රම උපකාරී වේ. නහර ගැට ගැසීම සදහා එලෙස අවහිර වූ ශිරා සදහා එන්නත් ලබාදීම මගින් හෝ Nd : YAG ලේසර් ප්‍රතිකාර ක්‍රම මගින් සුවයක් ලබාදිය හැකිය. සමෙහි ඇතිවන පිළිකා සදහා ප්‍රතිකාර ලබාදීමේ දී Mohs සැත්කම් ක්‍රම, ක්‍රියෝ සැත්කම්, එක්ස්කිරණ හෝ ප්‍රතිශක්තිය වැඩි දියුණු කර ගැනිමේ ප්‍රතිකාර ක්‍රම වන Imiquimod භාවිතා කෙරෙයි.
 
=== මානසිකව ඇතිවන චර්ම රෝග ===
මෙලෙස මානසික වශයෙන් හටගන්නා චර්ම රෝගයන් සදහා ප්‍රතිකාර කිරීමේදී විවිධ මෝහන ක්‍රමෝපායන් සහ අනෙකුත් මානසික ප්‍රතිකාර ක්‍රමයන් භාවිතා කෙරේ.