"උෂ්ණත්වය" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
1 පේළිය:
[[ගොනුව:Translational_motion.gif‎ |thumb|ඒක පරමාණුක උච්ච වායුවක උෂ්ණත්වය යනු එහි පරමාණු චලිතයේ මධ්‍යන්‍ය චාලක ශක්තියට අදාල මිණුමකි. මෙහි දැක්වෙන සලරූ සටහනේ පරිදි හීලියම් පරමාණුවල විශාලත්වය ඒවායේ අවකාශයට සාපේක්ෂව වායු ගෝලීය 1950 ක පීඩනයක් යටතේ පරිමාණයකට පෙන්වනු ලබයි. මෙම කාමර උෂ්ණත්වයේ ඇති පරමාණුවලට නිශ්චිත මධ්‍යන්‍ය වේගයක් (ට්‍රිලියන දෙවාරයකින් අඩු වූ මධ්‍යන්‍ය වේගයක් ) පවතී.]]
 
 
'''උෂ්ණත්වය''' උණුසුම හා සීතල හඟවන පද්ධතියක වූ භෞතික ගුණයකි. උණුසුම් දේවල්වල සාමාන්‍යයෙන් වඩා ඉහළ උෂ්ණත්වයක් පවතී. විශේෂයෙන් උෂ්ණත්වය යනු ද්‍රව්‍යයකට අදාල ගුණාංගයකි. උෂ්ණත්වය යනු තාප ගති විද්‍යාවේ ප්‍රධාන පරාමිතීන්වලින් එකකි. අන්වීක්ෂීය පරිමාණය මත උෂ්ණත්වය අර්ථ දක්වනුයේ සුචලන අංකයට පද්ධතියේ තනි අංශුවක අන්වීක්ෂීය චලිතයේ සුචලනය අංක 1ට මධ්‍යන්‍ය චාලක ශක්තිය ලෙසයි. මහේක්ෂ පරිමාණයේ දී උෂ්ණත්වය යනු අද්විතීය භෞතික ගුණයක් වන අතර එය තාපජ ස්පර්ශක තබා ඇති වස්තු දෙකක් අතර තාපය ගැලීමේ දිශාව නිර්ණය කරයි. තාප ගැලීමක් සිදු නොවේ නම් වස්තු දෙකට සමාන උෂ්ණත්වයන් පවතී. එසේ නොමැති නම් උණුසුම් වස්තුවේ සිට සිසිල් වස්තුව දෙසට තාපය ගලා යයි. මෙම මූලික සංකල්පයන් දෙක පිළිවෙලින් තාපගති විද්‍යාවේ ශුන්‍යාදී නිය‍මයේ සහ තාප ගති විද්‍යාවේ දෙවන නියමයේ සදහන් කෙ‍ෙරයි. ඝන සදහා මෙම අන්වික්ෂීය චලිතයන් යනු ප්‍රධාන වශයෙන් ඝනය තුළ ඒවායේ පරමාණු ඒවායේ මධ්‍ය පිහිටීම වටා සිදුකරන කම්පනයයි. ඒක පරමාණුක උච්ච වායු සදහා අන්වීක්ෂීය චලිතයන් යනු සංඝටක වායු අංශුවල උත්තාරණ චලිතයන් වේ. බහු පරමාණුක වායු සදහා කම්පන හා වෘත්තයක චලිතයන් දෙකම ඇතුළත් විය යුතුය.
 
Line 21 ⟶ 19:
මෙහි T යනු උෂ්ණත්වය ද n යනු වායු මවුල සංඛ්‍යාව ද R යනු වායු නියතය ද වේ. ඒ අනුව වායුවේ අනුරූප පීඩනය හා පරිමාව මත පදනම් වූ උෂ්ණත්ව පරිමාණයක් පහත ලෙස අර්ථ දැක්විය හැක. කෙල්වින්වලින් උෂ්ණත්වය 1m<sup>3</sup> භාජනයක අඩංගු වායු මවුලයක පීඩනය 8.31 න් බෙදූ විට ලැබෙන අගයට සම වේ. ප්‍රායෝගික භාවිතයේ දී මෙවැනි වායු උෂ්ණත්ව මානයක් එතරම් සුදුසු නොවේ. නමුත් වෙනත් මිණුම් උපකරණ ක්‍රමාංකනය කිරීම සඳහා මෙවන් පරිමාණයක් යොදා ගත හැක.
 
පීඩනය , පරිමාව හා ද්‍රව්‍ය මවුල සංඛ්‍යාව යන සියල්ල නෛසර්ගිකවම ශුන්‍යයට සමාන හෝ ඊට වඩා වැඩි බව මතකයේ තබා ගැනීම වැදගත් වේ. මින් හැගවෙන්නේ උෂ්ණත්වය ද ශූන්‍යයට සමාන හෝ විශාල විය යුතු බවයි. වායුවක උෂ්ණත්වය ශූන්‍ය වීමට පෙර එය දියර බවට ඝනීභවනය වීමට පෙළඹෙන බැවින් ප්‍රායෝගික අවස්ථාවක දී නිරපේක්ෂ ශූන්‍යය මැනීම සඳහා වායු තාපමානය ප්‍රයෝජනයට ගැනීමේ හැකියාව නොමැත. නමුත් පවතින උෂ්ණත්වයට කෙතරම් අංශක සංඛ්‍යාවක් පහළින් නිරපේක්ෂ ශූන්‍යය ඇත්දැයි (1) වන සමීකරණය ක්‍රියාත්මක වන උෂ්ණත්ව පරාසයේ සිට තක්සේරු කර ගැනීමට හැකි වේ.
 
==උෂ්ණත්ව පරිමාණ සැසඳීම==
[[ගොනුව:Untitled hkm.JPG|මෙම වගුවේ ඇති සමහර සංඛ්‍යා වටයා ඇත.]]
 
#උෂ්ණත්ව පරිමාණ භාවිතයේ නොමැති ඇති අතර ඓතිහාසිකව පමණක් වැදගත් වේ.
#සාමාන්‍ය මිනිස් ශරීර උෂ්ණත්වය 36.80C + 0.70C හෝ 98.20F + 1’30F වේ. පොදු වශයෙන් දෙනු ලබන අගය මත 98.60F යනු 19වන ශතවර්ෂයේ ජර්මානු සම්මතයට වූ 370C සඳහා වූ සරල පරිවර්තනයකි. ඒ සමඟම පිළිගත හැකි පරාසයක් සඳහන් කර නොමැති බැවින් එය අනවශ්‍ය නිරවද්‍යතාවකින් යුතුව ප්‍රකාශ කර ඇතැයි කිව හැකිය. මෙහි විවිධාකාර මිනුම්වල ලැයිස්තුවක් ඇත.
 
 
"https://si.wikipedia.org/wiki/උෂ්ණත්වය" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි