"බුධ" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
No edit summary
89 පේළිය:
 
උදෑසන ඉර නැගෙන විට පමණක් දුටු ග්‍රහයා ඇපලෝ ලෙසටත් ඉර බැස යන විට දුටු ග්‍රහයා හර්මිස් ලෙසත් ඔවුන් විසින් නම් කරන ලදි. Mercury නමැති බුධ ග්‍රහයාගේ ඉංග්‍රීසි නම රෝමානු ජාතිකයන් විසින් තබන ලද අතර ඔවුහු එය නම් කළේ රෝමානු දෙවි මර්කරි සිහිපත් වීමට ය. ඔවුහු එය ග්‍රීක දෙව් හර්මිස්ට සම කළහ. බුධ ග්‍රහයාගේ තාරකා ලකුණ ලෙස භාවිතා වන්නේ නවීකරණය කරන ලද හර්මිස්ගේ Caduceus එකය.
 
[[ගොනුව:Mercury Internal Structure.svg|thumb|left|1. කබල—100–300&nbsp;km ඝන<br /> 2. පිට කබාය—600&nbsp;km ඝන<br /> 3. මැද—1,800&nbsp;km අර්ධවිෂ්කම්භය]]
 
Line 109 ⟶ 108:
 
සෞරග්‍රහ මණ්ඩලයේ ඇති අනෙකුත් ප්‍රධාන ග්‍රහයන් සැමට වඩා වැඩි යකඩ සංයුතියක් බුධ ග්‍රහයා සතුය. මෙය පැහැදිලි කිරීමට මත බොහොමයක් ඉදීරිපත් වී ඇත. බොහෝ දෙනා විසින් පිලිගත් මතය වන්නේ මුල් කාලයේ දී බුධ ග්‍රහයාගේ ලෝහ - සිලිකා අනුපාතය සාමාන්‍ය කොන්ඩ්‍රයිට් ධූම කේතු වලට සමාන වන්නට ඇති බවය. මෙම අනුපාතය සෞරග්‍රහ මණ්ඩලයේ ඇති සාමාන්‍ය පාෂාණ ද්‍රව්‍ය වල ලක්ෂණයක් බවට විශ්වාස කෙ‍රේ. කෙසේ නමුදු සෞරග්‍රහ මණ්ඩලයේ මුල් ඉතිහාසයේ දී බුධ ග්‍රහයා සමග ඇති වූ ගට්ටනයකින් එහි මුල් මැන්ටලය සහ කබොල්ලෙන් වැඩි ප්‍රමාණයක් ගැලවී ගොස් හරය වැඩි වශයෙන් ඉතිරිවන්නට ඇත. පෘථිවි චන්ද්‍රයා සෑදුනු අයුරු පැහැදිලි කිරීමටත් මෙවැනිම ක්‍රියාවලියක් යෝජනා වී ඇත.
[[ගොනුව:Terrestrial planet size comparisons.jpg|thumb| පෘථිවි ප්‍රමාණය සමග සැසඳිම (වම සිට දකුණට): බුද, [[සිකුරු]], [[පෘථිවිය]], සහ [[අඟහරු]]]]
 
 
[[ගොනුව:Terrestrial planet size comparisons.jpg|thumb| පෘථිවි ප්‍රමාණය සමග සැසඳිම (වම සිට දකුණට): බුද, [[සිකුරු]], [[පෘථිවිය]], සහ [[අඟහරු]]]]
== පෘෂ්ඨයේ භූ විද්‍යාව ==
[[ගොනුව: Mercury_in_color_c1000_700_430.png |thumb|alt=tiny globe|Messenger මඟින් සම්ප්‍රේෂණය කරනු ලැබු බුධ ග්‍රහයාගේ ප්‍රථම අධි විභේදන දර්ශනය]]
Line 137 ⟶ 135:
 
බුධ ග්‍රහයා පෘථිවියේ සිට බලන කල වැඩි ම දීප්තියකින් දිස්වන්නේ එහි හතරෙන් පංගුවක අවධියේ සිට සම්පූර්ණ වන අවධිය අතරතුරේ දීය. මේ අවධියේ දී පෘථිවියේ සිට බුධ ග්‍රහයාට ඇති දුර වැඩි නමුත් ග්‍රහ පෘෂ්ඨයේ වැඩි ප්‍රමාණයක් ආලෝකමත් වන බැවින් මේ අවධියේ දී වැඩිම දීප්තියකින් දිස් වේ. නමුත් සිකුරු ග්‍රහයා සැලකු විට නම් වැඩිම දීප්තියක් දක්නට ලැබෙන්නේ පෘථිවියේ සිට අවම දුරකින් පිහිටන අඩ සඳ හැඩැති අවධියේ දීය.
 
== පිටස්තර සම්බන්ධක ==
==කාක්ෂික හා භ්‍රමණය==
ග්‍රහලෝක අතර වඩාත් විකේන්ද්‍රික වන්නේ බුධගේ කාක්ෂිකයයි. සුර්යයාගේ සිට දුර කිලෝමීටර් මිලියන 46 සිට 70 දක්වා විචලනය වන එහි විකේන්ද්‍රිකතාව 0.21 කි. කාක්ෂිකය සම්පුර්ණ කිරීමට දින 88 ක් ගත වේ. ජ්‍යාමිතික වාන්තාකාර කාක්ෂිකය එකම උප ප්‍රධාන අක්ෂ දරයි. උප හේලිකය ආසන්නයේදී ග්‍රහලෝකයේ ඉහළ ප්‍රවේගය සෑම දින 5 ක කාලපරාසයකටම එය ආවරණය කරන විශාල දුරින් පැහැදිලි වේ. ගෝල වල ප්‍රමාණයන් ඒවායේ හිරුගේ සිට ඇති දුරට ප්‍රතිලෝමව සමානුපාතික වේ. සුර්යය කේන්ද්‍රික විචලනය වන දුර ප්‍රමාණයන් නිරූපණයට එය යොදා ගනී. භ්‍රමණ කාක්ෂික අනුනාදය 3 : 2 වන ග්‍රහලෝකයේ අක්ෂය වටා භ්‍රමණය සුර්යයා ගේ සිට විචලනය වන දුර සමග සංයෝජනය වී ඇති අතර මතුපිට උෂ්ණත්වයේ සංකිර්ණ විචලතාවයන් ඇති කරයි.
 
බුධගේ කාක්ෂිකය පෘතුවි කාක්ෂික තලයට අංශක 7 ක් ආනත වන අතර එය රූපයේ වම්පස දක්වා ඇත. එහි ප්‍රතිඵලයක් වශයෙන් සුර්යයාගේ මුහුණත හරහා බුධගේ සම්ප්‍රේෂණයන් ඇති වන්නෙ‍් ග්‍රහලෝකය සුර්යයා හා පෘතුවිය අතර පවතින එහි තලය හරහා යන විට පමණි. මෙය දළ වශයෙන් අවුරුදු 7 කට වරක් ඇති වෙයි.
 
බුධගේ අක්ෂයේ ආනතිය 0.01 අංශක පමණක් වේ. මෙය බ්‍රහස්පතිට වඩා 300 වාරයක් කුඩා වේ. එය දෙවන කුඩාතම අක්ෂයේ ආනතිය දරණ ග්‍රහලෝකය වන අතර ආනතිය අංශක 3.1 කි. මෙහි අර්ථය වන්නේ ප්‍රදේශීය මධ්‍යන්‍යයේදී බුධගේ සමකයේ සිටින නිරීක්ෂකයෙකුට ශිකරයෙන් උතුරට හෝ දකුණට අංශක 0.01 කට වඩා කිසිදා හිරු දැක ගත නොහැක. විලෝමය වශයෙන් ධ්‍රැවයන් අසලදී සුර්යයා අංශක 0.01 කට වඩා කිසිදා ශිතිජයෙන් ඉහළ නොනගී.
 
බුධගේ මතුපිට ඇතැම් තැන්වල නිරීක්ෂකයෙකුට හිරු අඩක් නගිනු දැක ගත හැකිය. ඒ අතරම යලිත් හිරු නැගීමට පෙර එය ආපසු බැසීම දැක ගත හැකිය. මේ සියල්ල බුධගේ එක් දිනයක් තුළ දැක ගත හැක. මීට හේතු වන්නේ උපහේලිකයට දින 4 ක‍ට පෙර බුධගේ කෝණික කාක්ෂික ප්‍රවේගය එහි කෝණික භ්‍රමණ ප්‍රවේගයට සර්වසම වන බැවින් උප හේලිකයේදී සුර්යයාගේ දෘෂ්‍ය චලනයක් දැක ගත නොහැකි බැවිනි. බුදගේ කෝණික කාක්ෂික ප්‍රවේගය ඉන් අනතුරුව කෝනික භ්‍රමණ ප්‍රවේගය ඉක්මවා යයි. එබැවින් හිරු දිස් වන්නේ ප්‍රතිගාමි දිශාවලක ගමන් කරන ලෙසය. මෙම ලක්ෂ්‍ය වලදී උපහේලිකයෙන් දින 4 කට පසුව සුර්යයාගේ සාමාන්‍ය දෘෂ්‍ය චලනය යලි ලගා කර ගැනේ.
 
== බාහිර සබැදි ==
* [http://history.nasa.gov/SP-423/sp423.htm Atlas of Mercury—NASA]
* [http://planetarynames.wr.usgs.gov/jsp/SystemSearch2.jsp?System=Mercury Gazeteer of Planetary Nomenclature - Mercury (USGS)]
"https://si.wikipedia.org/wiki/බුධ" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි