"1908 ගිම්හාන ඔලිම්පික්" හි සංශෝධන අතර වෙනස්කම්

ඡේදය
No edit summary
(ඡේදය)
}}
 
'''1908 ගිම්හාන ඔලිම්පික්''', නිල වශයෙන් '''Games of the IV olympiad''' ලෙස හැඳින්වෙන්නේ [[එක්සත් රාජධානිය|එක්සත් රාජධානියේ]] [[ලන්ඩන්]] නුවර දී 1908 වසරේ පැවති අන්තර්ජාතික බහු-ක්‍රීඩා උළෙලකි. එම ක්‍රීඩා උළෙල [[රෝමය|රෝමයේ]] පැවැත්වීමට මුලින් සැලසුම් කර තිබුණද 1906 වසරේ දී [[විසුවියස් ගිනි කන්ද]] විනාශකාරී ලෙස විදාරණය වීම නිසා හටගත් මූල්‍යමය බාධක හේතු කොටගෙන, ක්‍රීඩා උළෙල ලන්ඩනයේ පැවැත්වීමට තීරණය විය. ඔලිම්පික් උළෙල වසර හතරකට වතාවක් පැවැත්වීමේ පිළිගත් සම්ප්‍රදායයට අනුව 1908 ලන්ඩන් ඔලිම්පික් උළෙල සිව්වන නූතන ඔලිම්පික් උළෙල ලෙස සළකනු ලබයි. (අන්තර්ජාතික ඔලිම්පික් කමිටුව විසින් නිල ඔලිම්පික් උළෙලක් ලෙස වර්තමානයේ දී පිළිගනු නොලබන ඔලිම්පික් ක්‍රීඩා උළෙලක් 1906 දී [[ග්‍රීසිය|ග්‍රීසියේ]] පවත්වනු ලැබීය.) මෙම තරඟාවලිය පැවැත්වෙන කාලයේ දී IOC හි ප්‍රධානීත්වය හොබවනු ලැබුවේ [[පියේර් ඩි ක්යුබර්ටින්]] විසිනි. දින 187 ක්, නොඑසේ නම් මාස 6 ක් සහ දින 4 ක් පුරාවට පැවති මෙම ක්‍රීඩා උළෙල නූතන ඔලිම්පික් සම්ප්‍රදායයට අනුව පැවති දීර්ඝතම ඔලිම්පික් ක්‍රීඩා උළෙල ලෙස ඉතිහාසයට එක් වී ඇත.
 
{{ඔලිම්පික් ක්‍රීඩා}}

සංස්කරණ

3,234

ක්

"https://si.wikipedia.org/wiki/විශේෂ:MobileDiff/366222" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි