"සිංහල සාම්ප්‍රදායික කුල" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
199 පේළිය:
*[http://en.wikipedia.org/wiki/Radala රදල]
*[http://en.wikipedia.org/wiki/Govigama ගොවිගම කුලය]
 
හන්දුරුදුරු පුරාණය
 
මේ 18 වන ශත වර්ෂයේ පුස්කොළපතක ලියවුණු කතාන්දරයකි.කවියෙන් ලියවී ඇති ‍මේ කථාව තුළ ඇති සත්ය පුවතත් , එදා වැහැරුණු බසේ ස්වභාවයත් විමසා බලන්න. මෙහි වර්ෂය හෝ කතුවරයාගේ නම සොයා ගැනීම අසීරුය.මෙම පුස්කොළපොතේ තිබෙන විවිධ වැඩ සටහන් කර අප වෙත යොමුකළේ කොටවැල්ලේ ඩී.ජී.තොමස් මේඝසූරිය මහතායි.මෙහි සදහන් කරුණු පුරාණ තල් කොළපතේ තිබූණු අයුරින්ම සදහන් කර ඇත. (2009.දෙසැම්බර් 02 වැනිදා දිවයින පුවත්පතේ බදාදා අතිරේකය පිටු අංක 04 උපුටා ගන්නා ලදි). බුදුරජාණන් වහන්සේ වංශයක් ගැන දේශනාකර නැත. ක්රිේයාවෙන් යමෙකුගේ යහපත හෝ අයහපත් ස්වභාවය පෙන්නුම් කරයි.මෙසේ හෙයින් පැරණි වෘත්තයක් නිසා වටිනාකමින් යුක්තය.
1) නව චණ්ඩාල නාව රැල නවරැහ එකද
සතර ගුලන් හඟරන් නමයත් උන්ද
පලු වල් හා පට්ටි රැලයොත් උන්ද
දනු ලොව වහල් කින්නර දූවගෙ පුත්තුද
 
2) ගෙරි පදු කෙවුල් පදු
කියා දෙමගෙක ඇති පදු
ඒ පදු රැහන් පදු
හටන දක්වා කියන් පරසිඳු
 
පඬි රජුගේ ගවයින් රැකීම-ගවයින් කෑම - රටින් පිට කීරීම.
3) රජුට කල අන දර
එලු බැටලු සොරකම් කර
ගව මස් කාපු හොර
පැදි එලවම් රටින් පිට කර
 
4) රට නතර කින් තර
පඬි රජුට බැල මෙහෙ කර
පට්ටි රකිමින් එම වර
රැකි එනුවර කලහක් මන හර
 
පඬි රටින් පැන්නූ පැදි රැල සොලී හමුවී
 
5) දහසක් පමණ හොරු
සොලී රට ඇවිදින් හෙම සරු
මහරජුට වැද ගරු සරු
කීය පඬි රජ කල අන දරු
 
6) කුපිත වී පඬි රද
ගුටි බැට දෙවා අපට මද
පඩි නඩි නොදී සැම ටද
යන්ට අනකලෙ රටින් පිටවද
 
7) පඬි රජ එම කල්
සොරුන් සනසා මන කල්
නාඩම්ව රැල වල්
දෙමැයි තනතුරු තොපට හැම කල්
 
 
8) නමින් පසිඳු පඬි රජුගේ හරක් බැලූ පට්ටියො රැල
හෙමින් රජුගෙ ගවයින් හා එලු බැටලුන් මස් කෑ කල
එහෙන් මෙහෙන් කල හොරකම් රජුට දැනී පැන්නූ කල
ගොසින් සොලී රට අලිමන්දා රජු පාවැද ඇඬු කල
 
9) කණ්ඩ කෑම අය වියදම් සොලි රජ කරුණා කරලා
ඉන්ට සැමට විල්ලන් සෝඩිය නිවසේ නියම කලා
රජ සන්තක ගව බැටලුන් බලාගන්ට නියම කලා
මෙලෙස ඔවුන් සොලී රටේ සිය වරුෂය සිටින කලා
 
10) මෙසේ අරිස් චන්ද්ර රත්න ධර්ම රජුගෙ පුත්ර ලීල
තොසේ සුමිත්රාො සුන්දර කුමරා රජ කරණ කල
මෙසේ පට්ටි වල නවරැහැ රාජ අපස් වාදය කල
ලසේ නොවී රජුට හොරෙන් හරක් මරා මස් කෑ කල
 
පට්ටි රැල සුමිත්රාන කුමරුගෙන් බමුණන්ගෙන් හොරෙන් කෑම
 
11) සේල සිටුත් සහ බමුණගෙ තුන්සියයක් කිරිදෙනුන්
කෝල නැතිව රජුගෙ පට්ටිවල සැඟවුව වංචාවෙන්
බියක් නැතිව තුන්සීයම රැට මරා කාසි හොරුන්
ඒක දැනී සේල බමුණු කිරිගවයින් සොයති නිතින්
 
12) නැතිව හරක් සියගණනම කිරි ගන්නට බැලූ කල උන්
කැටුව සිටුත් බමුණු ගොසින් රජු ලඟ සිට කී මෙලෙසින්
හිමි අපගේ කිරි ගවයින් ඔබගේ හරක් සමඟ උනින්
දැක ගන්නට දැන් නැත උන් කුමක් උනාදැයි මෙලෙසින්
 
13) නොදනි කියා පට්ටි බලන නව පට්ටින් රැහැලට
සොලී රජුන් පණිවිඩකර ගවයින් සොයනා විල සට
එවිට පට්ටි හොරුන් සැවොම ඇවිත් රජුගෙ පා වැද සිට
සාවි ඔබගෙ හරකුන් මිස සිටුගෙ හරක් නැත දැකුමට
 
14) බමුණු සිටානන් දෙදෙනම රජු පැවසුවෙ මෙහෙම පුවත්
තොපගෙ හරක් වන්දිය දෙමි අදට ඉවසුවොත් මම වන්
අපගේ හරක් හරියට දෙනු දෙවනුව සොයලා ගෙන විත්
ඉතින් යමුව අවසරගෙන බමුණන් නිවසට යහපත්
 
15) සිටුත් බමුණු රැහැන වසති රාජසබෙන් පන්න ලා
රටත් රාජ්ජේ සැම තැන රජ සේවක ගෙන්නා ලා
තවත් මන්ත්රී ඇමති වරුන් දූත පිරිස් ගෙන්නා ලා
කඩුත් කොන්ත දුනු අවිගෙන සියලුම සෙන් සැරසී ලා
 
 
 
ගව හොරු ඇල්ලීම - සොලී රටින් නෙරපීම
 
16) රෑට රාජ බෝජන කා සැමසෙන් පිරිවර සියලා
විගස ගොසින් විල්ලන් තෝ සිය හිමයට රැස්වීලා
ගව හොරුන්ගෙ ගොපලු නුවර සතර අතින් වටකරලා
සිටින කලට හරක් මරණ බව දැනුනිය එකලා
 
හන්දුරු පුරාණය
 
17) සොලී රජුන් සහ සියසෙන් පැනල උන්ගෙ ගෙවල් තුළට
පට්ටි හොරුන් මැදි කරගෙන අල්ලා ගුටි බැට දෙන විට
දොහොත් නඟා සොලී රජගෙ දෙපා මුලට වැටෙමින් සිට
සමාව අයදති සැමහොරු තමන් කරපු අපරාදෙ ට
 
18) මැරූ හරක් බොකු බඩවැල් ඔලු සහ කුර එකක් නෑර
ගැසූ නමුත් නාන්පොල උන් ලව්වා එක් කර කර
ඉවු මස්ද පිය පැසිවිලි ගෑනු ලවා එක්කර කර
ගෙරිහන්ගෙන වර ඉරවා අතපය බදවති වද කර
 
19) රටේ සිටිය හැම ගෙරි හොරු රංචු පිටින් ගල තාලා
දඟ ගෙට යවමින් ගෙරි හොරු වට කරමින් මුර කර ලා
තවත් උන්ගෙ ගොපලු නුවර සතර දිගින් මුර කරලා
කිව් මහරජ සේල බමුණු සිටානන්ට මේ මේ සිය ලා
 
20) ඇවිත් සේල සිටුත් බමුණු උද‍යෙම නඩු ශාලාව ට
හරක් හොරුන් සියගණනින් බැම්මෙන් ගෙන විත් එතනට
රජුන් ඉදිරිපිට හරියට හොරුන්ගෙ නඩු අහන කළට
කියති හොරුන් සැම බියවී ගෙරි මස් කෑ සැම කදිමට
 
21) වරුසෙන් වෙයි දාහතරක් ගෙරිමස් කන්නට අර ගෙන
දවසම වෙයි සියගණනක් නිතර මරා මස් කන තැන
කිරි දෙන්නුන් තුන්සියයම කෑවෙය ඇත්තයි දෙවි යෙන
වෙන හරකුත් රජතුමාන්ගේ නිමක් නැතිව මර මර කන
 
22) පසොලී රජුන් උදහස් වී පට්ටිපාල නව රැහ ලට
කිරි දෙන්නුන් හයසියයක් දෙති සතුටින් බමුණු හට
තවත් මදිය කල වරදට දඬුවම ගෙරි පට්ටින් හට
කියා ඉදිරියෙ සිට දසවද කරවති හොරු හට
 
 
 
 
 
ගව හොරුන්ගෙ ගෙරි ඇදුම
 
23) නැවක්ද ගෙන්වා හනිකට වරායෙ නවතලා සිට
හරක් කෑම පැදි සැවොම එලවමු අපෙ රටෙත් නොසිට
කියා හොරුන් හැදිනගන්ට හංවඩු තබලා සියලු රැහැට
රජ අණ කෙරුවයි රැහලම සැරසෙන්නට ගෙරි පැදු මට
 
24) නැසූ හරක් හම ගෙන්නා මැහුම් ලවති උන් ලව්වම
කැපු හරක් මාළු සමඟ ඔලු බඩවැල් ගෙන්නා සැම
පිසූ බතුත් හරක් මසුත් පිස පැසවිලි ගෙන්නා සැම
කන්ට කීව්වෙ උන් සැමටම සියල්ල බඩ පැලෙන තරම
 
25) ඉරු එගෙරි වර ඉන බැද ගෙරිහන් අන්දා ඉන වට
මැහූ එගෙරි හන් පොරවා කැපූ තනේ පිට වැහෙන් ට
ඉවූ එගෙරි මස් හැලිගෙඩි පණඩර මැණි කෙල හිස පිට
ලැවූ නැවට ගෙරි පදු රැල සමුදුර ගෙරි පදින ලෙසට
 
26) මැසූ එගෙරිහන් අන්දා දනෙන් ඉහල උන් සැවො මට
තිබූ එගෙරි බොකු බඩවැල් පැටලූවේ උන්ගෙ කර වට
කැපූ හමින් පිට කරපිට බාපන ලැව්වා විලස ට
රැහේ ලියෝ නැවට දමති සමුදුර නැව පදින ලෙස ට
 
27) ගව වල්ගා කොටි වල්ගා පිටවල්වල පුස්සා ලති
හරක් හොරුන් ඇදින ගන්ට ගවකුර නළලේ පුස්සා ලති
ගැරඩි කබර බලු වල්ගා උන් ලවාම පුස්සා ලති
උන් ලව්වම දස වද කර ගෙරිපදු සැම නැවට දමති
 
28) කින්නර දුවගෙන් ඇතිවූ ගෙරි මස් කෑ නව රැහැ ලට
රද වැටුනි සොලී රජුගෙ හරක් මරා කාපු අපරා දෙට
උන් හැමගෙ තිබු සම්පත් උන්ලව්වම ලමින් නැවට
හරක් හොරුන් දැන් සැරසෙති සමුදුර ගෙරි පදින ලෙසට
 
29) ඉරා හරක් හන් අරගෙන උන් ලව්වවම මස්වා සිට
සරා එසම දෙක දෙකොනේ මහලා රෙද්දක් විල සට
නුරා රුවල ඇඳ කුඹ පිට සොරු සැමටම ගෙරිපැදු මට
සොලී රජුගෙ උදහස නැව පැදලව්වයි මුහුදට
 
30) පැද පැද සයුරේ ගෙරි නැව යන කල බලනුව පදු හැම
බැද කොඩි රුවලට ගෙරිහම සුලඟට සැරසෙන ගෙරි හැම
යන රට කොතනද නිමනැත සිංහල පුරයෙමු අපි සැම
වෙන රට පැද්දොත් අපි හැම මරා දමති දුටු දුටු හැම
 
 
 
ගෙරි පැදි රැල සිංහල දේසෙට පැදගෙන ඒම
 
31) මෙසේ ඊස්වර වර් සේ
යසේ එසත වර්ෂය නම්
රොසේ සොලී රජ පිටදැමූ සොරුන්
තොසේ එගෙරි නැව පැදගෙන සේන රජ මුරපලට ආය
 
32) එවිට එසේන රජුන් කිපෙමින් සොයා බැලුවෙ දූතයෝ හැර
රාජ අණට ඇමතිවරුන් සොයා බලා විපරම් කර
එවිට උන්ට සොලී රජුන් කිපෙමින් කල ඒ අන දර
සේන රජුන් හට පවසති රසකර කර බොරු එක්කර
 
33) බමුණු සිටාණන් දෙදෙනට පොදු ගවදෙන කිරි ගැනු මට
නිවට එකොලු කිරිදෙවු මට ගොසින් එකිරි දොන කලට
උගේ පවට බිම පෙරලා ඇන්නයි මැරෙනා තරමට
පසුව ඌට ආ තරහට ගවදෙන මැරුවා වද කොට
 
34) ඉතින් අපට නිදහස දෙන්නට මුලුලොව නැත රට වල
රජතුමගෙන් ටිකක් පමණවත් නිදහස නැත්නම් මෙම කල
කගෙන් ගසා එකපාරට මරන්න අප නැත සංවල
කියා දුකින් අඩා වැටුනි සිංහල රජුගේ පා මුල
 
 
සිංහල රජ ඇමති රට වැසියන් රැවටීම
 
35) සේන රජුන්කම්පාවිය පට්ටින් කී ඒ බොරුවල ට
ඇමතින් සහ හෙළ වැසියොත් රැවටී දැන් එබොරුවල ට
කෝක වුනත් අපි පිහිටක් වෙමුව කියා මෙවන් තැනට
කැතයි මුංගෙ හං දුරලා පිලි ටික ටික දෙමු අඳින්ට
 
36) ඉගෙන් පහළ දනෙන් ඉහල දා කඩ සුදුපිළි උන්ට
ඉගෙන් පොටක් කැපූ තනේ වසාගන්ට ගෑහැණුන් හට
ඉතින් උන්ගෙ දිවි රැකෙන්ට ඇවිද ඇවිද ඉල්ලන් කන්ට
මෙසින්හලේ රජුන්ගෙ අණ හිමවල සිට දිවි ගෙවන් ට
 
37) එතැන් පටන් හිඟමන් පස් වර්ෂය කුසගිනි නැති කල
සොදින් උන්ට තේරුන් ගියෙ පෙලකට බාසේ සිංහල
එකල සැවොම එක්සත් වී හංදුරු ගැට යෙදුවේය කල
මෙරට රජුන් රට වැසියොත් බොරුදන්නේ නැත කිසි කල
 
 
 
 
38) හරක් හොරුන් හොර මායම් යොදාගත්තු සැටි අපූරු
මෙ සිංහලුන් රවටාගෙන ගරු බුහුමන් ගත්ත අයුරු
ඉතින් මෙරට දස ධර්මය නැතිවෙන්නට වෙච්ච නපුරු
සොදින් උන්ට කලගුණ දම් මදකුත් නොව සැලක හොරු
 
39) පැවිදි වෙසින් සියම් රජුන් තපසට එනවයි යොමු කර
එකසිය තිස් දෙදනෙකු එක්ව නැව් අය වියදම් රැස් කර
ගසේ සියම් රජ විලසට ජෝන් ඔටුනු දරා පව ර
තවත් එක්ලක්ෂ විසිදාහක් සියම් රජුන් හා ආවර
 
40) හත් අවුරුදු දසමසකුත් සිටිනට ගත්තේ අවසර
සිත් සතුටින් සියම් රජුන් ආව කියා බොරු කර කර
ගස් ගල් යට මහහිමයේ තපස් රකින මෙන් පල කර
ගත් බඹසර රකින ලෙසට සිංහල රජුගෙන් අවසර
 
41) බිම් ගෙවලුත් සියගණනක් හිමයේ කපලා තැන තැන
ගල් හබකුත් අටවා නොපෙනෙන්නට යන එන තැන
රක්කවමින් කඩඉම් මුරපොළවල් බලමින් තැන තැන
හත් අවුරුදු එද සමසට මැරු සිහලුන් ගනනක් නැත සැම තැන
 
42) සැදැති අපේ සියම් රජුන් තපසට වැඩිය ලක තුළ
කැමති කෙනෙක් බලන්ට හැකි අණ බෙර ගහලා ගම්වල
සිහල දනන් රජ දකින්ට ගිය සැකයක් නැත කිසි කල
දමල එවුන් බිම් ගේ තුල ආ අය නැත මෙ මිහිතල
 
 
ගෙරි පදු රැල මුලු සිංහලයම වැනසීම
 
43) සොලී රටින් ආ ගම හොරු දහස් ගනනක් සහ
සියම් රටින් ආ හොරු දහස් ගනනක් සහ
මුන් සැම දෙන එක්සත් වී රට නසන්ට කල බොරු මහ
ඒත් අපේ සිංහලයො හරක් හොරුන් හට විස්වහ
 
44) රාම රාවණ යුද්දය හෙලදිව තිබු බව සැබෑය
විජය කියන හොර දෙටුවා සිංහලය නොවේය
මේක අපේ හෙලයන් හට තව තේරෙන්නෙ නැතේ ය
පැද ගෙන ආ ගෙරිපදු සැම දැන් හෙලයේ රජ කෙරේ ය
 
 
45) හම්පොරවා ගෙන ආවට ආපු හමා කියති උන්ට
තන කපලා හං ඇන්දට එකතන හාමි ගැහැනුන් හට
නව රැල හැම හම් ඇන්දම රාල හමා නමත් උන්ට
හන්දුරුවෝ කියන නම සිහලුන් දුන් නමයි උන්ට
 
46) නිළ මැස්සන් වැහුවට චී නිළමා කී ඔවුන්ට
සොලී රටින් ආ හින්දා රටේ මිනිහා කී ඔවුන්ට
හාමි හාමු අප්පෙ අප්පො පණඩාරම් කී ඔවුන්ට
මේ සිංහලේ සිහලුන් හට මේනම් නැත කීව්මෙ ගව හොරුන්ට
 
47) කුල මළ හා වංශෙ කියා මුලු සිංහලයන් වන සල
නම් ගම් දස ධර්මෙත් සිංහල සිරිත් සැම වන සල
මහ වංශය කියා පොතක් ලිව්ව ශිව ග්ර්න්තය වන සල
තවත් මුන්ගෙ ගෙරිපදු නම බත්ගමුන්ට කීව්වෙ සකල
 
48) සොලි රටේ ගව හොරකම සිට සිංහල බත් ගමුන්හට පෙරලුව
විජේ රජෙක් ආව කියා සිංහලුන්ට බොරුව කෙරුව
යක්කු කපා රට ගත්තා කියා තවත් බොරුව කෙරුව
ගෙරි පදි රැල මේ විලසට මුලු සිංහලයම දිනපුව
 
 
 
ආපු හමා - අප්පුහාමි
රාල හමා - රාලහාමි
එකතනහාමි - එතනහාමි
නිලමා - නිලමේ
හං දුරුකල නිසා - හංදුරුවෝ
සොලීන් ආ නිසා -රටේ මිනිස්සු
පාත්ඩාරම් - බණ්ඩාර
හාමි
පත්වූ
අප්පෙ
අප්පො
ගොයිගම
රදළ
 
==මූලාශ්‍ර==
"https://si.wikipedia.org/wiki/සිංහල_සාම්ප්‍රදායික_කුල" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි