"සම්මා සම්බුදුවරු" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
ටැගය: ජංගම යෙදුම් සංස්කරණය
16 පේළිය:
 
 
බුදු දහමේ ඉගැන්වීම් වලට අනුව බුද්ධත්වය යනු සර්වඥතාඥාණය හෙවත් අවබෝධතා ඥාණය ලබා ගැනීමයි. (සංස්කෘත භාෂාවෙන් බුද්ධත්ව - පාලී බුද්ධත්ත නැතහොත් භාෂා දෙකෙන්ම බුද්ධභාව යනුයි.) අවබෝධතා ඥානය යනු සංස්කෘත භාෂාවෙන් සම්‍යසම්බෝධිසම්‍යක්සම්බෝධි, පාලී සම්මා සම්බෝධි යනුයි.
ධර්මය කුමක්දැයි පහදා දීමට ගුරුවරයෙකුද නොමැතිව, චතුරාර්ය සත්‍ය සහ ආර්යාෂ්ඨාංගික මාර්ගයද ලෝකයේ නොපවතින අවස්ථාවක ස්වොත්සාහයෙන් බුද්ධත්වය ලබා ගෙන ඒ දහම කියා දීම පිණිස පහල වන තැනැත්තා හඳුන්වාදීම සඳහා පාලී ග්‍රන්ථ වල සහ ථෙරවාදී සම්ප්‍රදායයෙහි 'බුද්ධ' යන යෙදුම සාමාන්‍යයෙන් භාවිතා වේ. ඉතා පුළුල් වශයෙන් 'නිර්වාණ'ය ලබා ගත් සියලු තැනැත්තන් සඳහාද එය යොදනු ලැ‍බේ. බුදු වරයෙකුගේ ඉගැන්වීම් අනුව අවබෝධතා ඥාණය ලබා ගත් අය 'අර්හත්' ලෙස හැඳින්වෙන අතර බුදුන් සඳහාද එය යෙදේ. නිර්වාණය යන්නෙහි මූලික පරමාර්ථය අනුව අර්හත් සහ බුද්ධ සමාන වුවද (රහතුන් වහන්සේලා සහ බුදුවරු) ඒ තත්වයන් දෙකෙහි වෙනස්කම් පෙන්නුම් කරන්නේ පාරමිතා පිරීම පැත්තෙනි.
මහායාන සම්ප්‍රදායට අනුව අවබෝධතා ඥාණය ලබා ගත් සියලු තැනැත්තන් හැඳින්වීම තෙක් 'බුද්ධ' යන වචනයෙහි අර්ථය පුළුල් වෙයි. 'ථෙරවාද අරහත්' යනුද එක්තරා බුදු කෙනෙකු ලෙස මෙම මහායාන සම්ප්‍රදායයෙහි ඉගැන්වෙන අතරම මෙම භාවිතාව ථෙරවාදි අටුවා වලද සමහර විට හමුවේ.
සිද්ධාර්ථ ගෞතමයන් එකම බුදුන් ලෙස බෞද්ධයෝ නොසළකති. පාලි ග්‍රන්ථ වල ඊට පෙර සිටි බුදුවරුන් බොහෝ ගණනක් ගැන සඳහන් කර ඇත. (බුදුන් 28 නමකගේ ලේඛණය බලන්න.) මේ අතර මහායාන බුද්ධාගමෙහි ඊට අමතරව ඓතිහාසික සාධක වලින් හමු වන බුදුවරුන්ට වඩා දේවත්වය ආරෝපණය කළ බුදුවරු වෙති. (අමිතාභ නැතහොත් වයිරෝචන ආදී උදාහරණ බලන්න.) බුද්ධාගමේ සියලු පාර්ශව වල පොදු පිළිගැනීමක් වන්නේ ඊළඟ බුදුන් වහන්සේ මෛත්‍රිය නම් බුදුවරයෙකු බවයි.
 
 
== අටවිසි බුදුවරු ==
"https://si.wikipedia.org/wiki/සම්මා_සම්බුදුවරු" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි