"සොළොස් මහා ජනපද" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
No edit summary
66 පේළිය:
* 15. '''ගන්ධාර'''
* 16. '''කාම්බෝජ'''
 
{{stub}}
==කසී==
කසීවරු ආර්යය ජනතාව වු අතර ඔවුන් වරණාසි (නූතන බරණැස) අවට ප්‍රදේශයේ තම ජනාවාස පිහිටුවා ගෙන සිටියහ. කසී ජනපදයේ අගනුවර වුයේ වරණාසිය. වරණාසි නගරය උතුරෙන් දකුණෙන් පිළිවලින් වරුණ හා ආසි ගංඟා වලින් සීමා‍වී තිබු නිසා එයට එම නම ලැබුණි. බුදුරජාණන් වහන්සේට පෙර කසී ජනපදය මහා ජනපද 16 න් වඩාත්ම බලවත් එක විය. ජාතක කතා කිහිපයක්ම අනෙක් නගර වලට එපිටින් වු එහි ශ්‍රේෂ්ඨත්වය හා සමෘද්ධිමත් භාවය පිළිබද කරුණු හෙලි කරයි. ජාතක කතා මගින් කෝසල, අංග හා මගධ රාජ්‍යයන් සමග කසිරාජ්‍යයේ විරුද්ධවාදි බව ගැනද කරුණු හෙලි කරයි. කාලයක් පුරාවටම ඔවුන් අතර ශ්‍රේෂ්ඨත්වය සදහා ගැටුම් ඇති විය. කසී ජනපදයේ බිහාගත රජතුමා කෝසලය ආක්‍රමණය කළ අතර නමුත් පසුව බුදුරජාණන් වහන්සේගේ කාලයේදී කන්ස රජතුමා විසින් කසී රාජ්‍ය කෝසලය ජනපදයට ඇදාගන්නා ලදී.
 
කසී ජනපද වාසීන් කෝසල හා වේදේහ වාසීන් සමග වේද පාටවල සදහන් වන අතර ඔවුන් සමීපවම මිත්‍රශීලි මිනිසුන් බවට එමගින් හැගවෙයි. මත්ස්‍ය පුරාණ හා ඇල්බෙරුණි ග්‍රන්ථ වලදී කසී යන්න පිලිවෙලින් කෞසිකා හා කෞෂක ලෙස හදුන්වයි. අනෙකුත් සියලු ඉපැරණි පාඨ එය හඳුන්වන්නේ කසී ලෙසය.
 
==කෝසල==
කෝසල වරුන්ගේ රාජ්‍ය පිහිටා තිබුණේ මගධයට වයඹින් වන අතර එහි අගනුවර වුයේ සාවත්ති පුරය එය ගොරක්පූර් වල සිට සැතපුම් 70 ක් පමණ වයඹ දෙසින් පිහිටා තිබු අතර නූතන උත්තර ප්‍රදේශයේ අවාද් ප්‍රදේශයට අනුරූප භූමියකින් යුක්ත විය. එහි දකුණු සීමාව ලෙස ගංඟා නදිය ද නැගෙනහිර සිමා මායිම ලෙස ගන්දක් නදිය ද උතුරු සිමාව ලෙස හිමාල කඳු පන්තිය ද පිහිටියේ ය. මෙම රාජධානිය ප්‍රසංජිත් රජතුමා විසින් පාලනය කළ අතර ඉන් පසු ඔහුගේ පුත් විදුදභ විසින් රාජධානිය භාර ගන්නා ලදී. ප්‍රසංජිත් රජතුමා හා මගධයේ අජටා සතෘ රජතුමා අතර ශ්‍රේෂ්ඨත්වය සදහා සටන් පැවති අතර අවසානයේදී ලිච්ජවී වරුන් මගධ වරුන් සමග සම්බන්ධවීම නිසා එය සමතයකට පත්විය. කෝසලයේ පාලකයා විදුදභ වු කාලයේදී කෝසලය නිතැතින්ම මගධය වෙත ඇදී ගියේය. කෝසලයේ ප්‍රධාන නගර අතර අයෝද්‍යා, සාකේත, බරණැස් හා සාවස්ති නගරවෙයි.
 
[[Category:සොළොස් මහා ජනපද]]
"https://si.wikipedia.org/wiki/සොළොස්_මහා_ජනපද" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි