"අයිස් හොකී" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
නව ඡේදය
නව ඡේදය
26 පේළිය:
18 වන සහ 19 වන ශතවර්ෂ වල දී [[එක්සත් රාජධානිය|එක්සත් රාජධානියේ]] සහ අන් ස්ථාන වල දඬු සහ බෝල භාවිතයෙන් සිදු කරනු ලැබූ සරල ක්‍රීඩා මගින් අයිස් හොකී බිහිවන්නට ඇතැයි විශ්වාස කරනු ලැබේ. මෙම ක්‍රීඩා උතුරු ඇමෙරිකාවට ගෙන එනු ලැබූ අතර නූතන අයිස් හොකී ක්‍රීඩාව වැඩිදියුණු වූයේ කැනඩාවේ ය. 1875, මාර්තු 3 දින කැනඩාවේ [[මොන්ට්‍රියල්]] හි දී ලොව ප්‍රථම ගෘහස්ත හොකී තරඟය පවත්වනු ලැබීය. එම තරඟයේ දී භාවිත කළ හිම පෙතේ දිග සහ රබර් ඩිස්කය භාවිත කිරීම වැනි ඇතැම් ලක්ෂණ අද දක්වාම ඉතිරිව පවතී. වෘත්තීමය නොවන අයිස් හොකී ලීග 1880 ගණන් වලදී ආරම්භ වූ අතර වෘත්තීමය අයිස් හොකී ආරම්භ වූයේ 1900 පමණ කාලයේ දී ය. අයිස් හොකී ඔලිම්පික් ක්‍රීඩාවක් වන අතර ප්‍රථම වට ඔලිම්පික් තරඟාවලියට එක් වූයේ [[1920 ගිම්හාන ඔලිම්පික්]] වලදී ය.
 
අන්තර්ජාතික තරඟ වලදී, රටවල් හයක (Big six) ජාතික කණ්ඩායම් හයක් අයිස් හොකී ක්‍රීඩාවේ ආධිපත්‍යය පතුරුවා ගෙන සිටි. ඒ [[කැනඩා ජාතික පිරිමි අයිස් හොකී කණ්ඩායම|කැනඩාව]], [[චෙක් ජනරජ ජාතික පිරිමි අයිස් හොකී කණ්ඩායම|චෙක් ජනරජය]], [[ෆින්ලන්ත ජාතික පිරිමි අයිස් හොකී කණ්ඩායම|ෆින්ලන්තය]], [[රුසියා ජාතික පිරිමි අයිස් හොකී කණ්ඩායම|රුසියාව]], [[ස්වීඩන් ජාතික පිරිමි අයිස් හොකී කණ්ඩායම|ස්වීඩනය]] සහ [[එක්සත් ජනපද ජාතික පිරිමි අයිස් හොකී කණ්ඩායම|එක්සත් ජනපදය]] යි. මෙතෙක් පැවති ඔලිම්පික් තරඟාවලි වලදී පිරිමි අයිස් හොකී සඳහා පදක්කම් 69 ක් පිරිනැමී ඇති අතර එම රටවල් හයට ඉන් අහිමිව ඇත්තේ පදක්කම් හයක් පමණි. වාර්ෂික අයිස් හොකී ලෝක ශුරතාවලි වලදී පිරිනැමුණු පදක්කම් 201න් 177ක්ම දිනාගෙන ඇත්තේ එම රටවල් හය යි. 1953 සිට මේ දක්වා, Big six හැර වෙනත් රටවල් විසින් දිනාගෙන ඇත්තේ පදක්කම් පහක් පමණි. ඔලිම්පික් කාන්තා ඉසව්ව සඳහා පිරිනැමුණු සියළු පදක්කම් 12 සහ IIHF ලෝක කාන්තා ශුරතාවලි පදක්කම් 36ම දිනාගෙන ඇත්තේ එම රටවල් හය විසිනි. එමෙන්ම කාන්තා ඉසව්වේ සියළු රන් පදක්කම් දිනාගෙන ඇත්තේ කැනේඩියානු ජාතික කණ්ඩායම සහ එක්සත් ජනපද ජාතික කණ්ඩායම විසිනි.
 
කැනඩාව, එක්සත් ජනපදය සහ [[ලැට්වියාව]] හා [[ස්වීඩනය]] වැනි යුරෝපීය රටවල් කිහිපයක "හොකී" යන නමින් පමණක් අයිස් හොකී ක්‍රීඩාව හඳුන්වනු ලබයි. "අයිස් හොකී" යන නාමය භාවිත වන්නේ "හොකී" යන පදය, වැඩිමනක්ම field හොකී හැඳින්වීම සඳහා භාවිත කරන [[දකුණු ඇමෙරිකාව|දකුණු ඇමෙරිකානු]], [[ආසියාව|ආසියානු]], [[අප්‍රිකාව|අප්‍රිකානු]], [[ඕස්ට්‍රේලියාව (මහාද්වීපය)|ඕස්ට්‍රේලියානු]] සහ යුරෝපයේ [[ජර්මනිය]], [[නෙදර්ලන්තය]], [[ස්පාඤ්ඤය]], [[එක්සත් රාජධානිය]] වැනි රටවලයි. [[රුසියාව|රුසියාවේ]] සහ [[යුක්රේනය|යුක්රේනයේ]], [[බැන්ඩි]] ක්‍රීඩාව හැඳින්වීම සඳහා ද "හොකී" යන නම භාවිත කරනු ලබයි. එම රටවල අයිස් හොකී වැඩි වශයෙන් හැඳින්වෙන්නේ "hockey with puck" යනුවෙනි.
 
[[ප්‍රවර්ගය:ක්‍රීඩා]]
"https://si.wikipedia.org/wiki/අයිස්_හොකී" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි