"අයිස් හොකී" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
සංස්කරණය
නව ඡේදය
23 පේළිය:
 
වේගවත්, ශාරීරික ක්‍රීඩාවක් වන අයිස් හොකී [[උතුරු ඇමෙරිකාව|උතුරු ඇමෙරිකාවේ]] (විශේෂයෙන්ම [[කැනඩාව|කැනඩාවේ]] හා උතුරු [[එක්සත් ජනපදය|එක්සත් ජනපදයේ]]), උතුරු සහ නැගෙනහිර [[යුරෝපය|යුරෝපා]] රටවල ඉතා ජනප්‍රිය වේ. මෙම ක්‍රීඩාවට අති මහත් ජනප්‍රියත්වයක් හිමි කැනඩාවේ [[ජාතික ක්‍රීඩාව|ජාතික ශීත ඍතු ක්‍රීඩාව]] වන්නේ ද අයිස් හොකී වේ. උතුරු ඇමෙරිකාවේ, පිරිමි හොකී සඳහා ඉහළම මට්ටම මෙන්ම වඩාත් ජනප්‍රිය ද වන්නේ ජාතික හොකී ලීගය (NHL) යි. [[රුසියාව|රුසියාවේ]] සහ නැගෙනහිර යුරෝපයේ උසස්ම ලීගය වන්නේ කොන්ටිනෙන්ටල් හොකී ලීගය (KHL) යි. අයිස් හොකී ක්‍රීඩාවේ අන්තර්ජාතික පරිපාලනය සිදු කරනු ලබන්නේ අන්තර්ජාතික අයිස් හොකී ෆෙඩරේෂණය (IIHF) යි. IIHF මගින් අන්තර්ජාතික තරග කළමනාකරණය මෙන්ම IIHF ලෝක ශ්‍රේණිගත කිරීම ද සිදු කරනු ලබයි. ලොව පුරා රටවල් 74 ක අයිස් හොකී ෆෙඩරේෂණ පවතී.
 
18 වන සහ 19 වන ශතවර්ෂ වල දී [[එක්සත් රාජධානිය|එක්සත් රාජධානියේ]] සහ අන් ස්ථාන වල දඬු සහ බෝල භාවිතයෙන් සිදු කරනු ලැබූ සරල ක්‍රීඩා මගින් අයිස් හොකී බිහිවන්නට ඇතැයි විශ්වාස කරනු ලැබේ. මෙම ක්‍රීඩා උතුරු ඇමෙරිකාවට ගෙන එනු ලැබූ අතර නූතන අයිස් හොකී ක්‍රීඩාව වැඩිදියුණු වූයේ කැනඩාවේ ය. 1875, මාර්තු 3 දින කැනඩාවේ [[මොන්ට්‍රියල්]] හි දී ලොව ප්‍රථම ගෘහස්ත හොකී තරඟය පවත්වනු ලැබීය. එම තරඟයේ දී භාවිත කළ හිම පෙතේ දිග සහ රබර් ඩිස්කය භාවිත කිරීම වැනි ඇතැම් ලක්ෂණ අද දක්වාම ඉතිරිව පවතී. වෘත්තීමය නොවන අයිස් හොකී ලීග 1880 ගණන් වලදී ආරම්භ වූ අතර වෘත්තීමය අයිස් හොකී ආරම්භ වූයේ 1900 පමණ කාලයේ දී ය. අයිස් හොකී ඔලිම්පික් ක්‍රීඩාවක් වන අතර ප්‍රථම වට ඔලිම්පික් තරඟාවලියට එක් වූයේ [[1920 ගිම්හාන ඔලිම්පික්]] වලදී ය.
"https://si.wikipedia.org/wiki/අයිස්_හොකී" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි