"අයිස් හොකී" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
නව ලිපිය
 
සංස්කරණය
20 පේළිය:
}}
 
'''අයිස් හොකී''' යනු හිම පෙතක් මත ක්‍රීඩා කරනු ලබන, ශාරීරික ඝට්ටන සහිත, කණ්ඩායම් ක්‍රීඩාවකි. ක්‍රීඩාවේ යෙදෙන කණ්ඩායම් දෙකේ ක්‍රීඩකයින්ක්‍රීඩකයෝ ඔවුන්ගේ අයිස් [[හොකී පිත්ත|හොකී පිති]] භාවිතයෙන් වල්කනීකෘත රබර් ඩිස්කය ප්‍රතිවාදී පිලේ දැල වෙතට විදීම මගින් ලකුණු රැස් කිරීමට උත්සාහ කරනු ලබයිලබති. අයිස් හොකී කණ්ඩායමක් සාමාන්‍යයෙන් ක්‍රීඩකයින් හය දෙනෙකුගෙන් සමන්විත වේ. ඒ ගෝලරකින්නා සහ, ඩිස්කය ලබාගෙන ප්‍රතිවාදී පිලට එරෙහිව ගෝල රැස්කිරීම සඳහා අයිස් පෙතේ ඒ මේ අතට ලිස්සා යන ක්‍රීඩකයින් පස්දෙනෙකුගෙනි.
 
වේගවත්, ශාරීරික ක්‍රීඩාවක් වන අයිස් හොකී [[උතුරු ඇමෙරිකාව|උතුරු ඇමෙරිකාවේ]] (විශේෂයෙන්ම [[කැනඩාව|කැනඩාවේ]] හා උතුරු [[එක්සත් ජනපදය|එක්සත් ජනපදයේ]]), උතුරු සහ නැගෙනහිර [[යුරෝපය|යුරෝපා]] රටවල ඉතා ජනප්‍රිය වේ. මෙම ක්‍රීඩාවට අති මහත් ජනප්‍රියත්වයක් හිමි කැනඩාවේ [[ජාතික ක්‍රීඩාව|ජාතික ශීත ඍතු ක්‍රීඩාව]] වන්නේ ද අයිස් හොකී වේ. උතුරු ඇමෙරිකාවේ, පිරිමි හොකී සඳහා ඉහළම මට්ටම මෙන්ම වඩාත් ජනප්‍රිය ද වන්නේ ජාතික හොකී ලීගය (NHL) යි. [[රුසියාව|රුසියාවේ]] සහ නැගෙනහිර යුරෝපයේ උසස්ම ලීගය වන්නේ කොන්ටිනෙන්ටල් හොකී ලීගය (KHL) යි. අයිස් හොකී ක්‍රීඩාවේ අන්තර්ජාතික පරිපාලනය සිදු කරනු ලබන්නේ අන්තර්ජාතික අයිස් හොකී ෆෙඩරේෂණය (IIHF) යි. IIHF මගින් අන්තර්ජාතික තරඟතරග කළමනාකරණය මෙන්ම IIHF ලෝක ශ්‍රේණිගත කිරීම ද සිදු කරනු ලබයි. ලොව පුරා රටවල් 74 ක අයිස් හොකී ෆෙඩරේෂණ පවතී.
"https://si.wikipedia.org/wiki/අයිස්_හොකී" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි