"රූපවාහිනිය" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
2 පේළිය:
[[ගොනුව:Braun HF 1.jpg|thumb|right|210px|Braun HF 1 වර්ගයේ රූපවාහිනියක්,ජර්මනිය,1958.]]
{{portal}}
'''රූපවාහිනී''' (කෙටියෙන් ටීවී හෝ ටෙලි) යනු යම්කිසි දුර ප්‍රමාණයක් හරහා චලනය වන රූප සහ ශබ්ද ලබා ගැනීම හා විකාශනය සඳහා බහුලව භාවිතා කරන විදුලි සංදේශ පද්ධතියකි. මෙම වදන සමහරක් විට විශේෂයෙන් රූපවාහිනියක්, වැඩසටහන්ගත කිරීම හෝ රූපවාහිනී සම්ප්‍රේශණය හැඳින්වීමට ද යොදා ගනී. මෙම වදන දුර දැක්ම යන තේරුම දෙන ග්‍රීක වදන මත පදනම්ව ගෙතුනු එකකි.
 
1930 සිට වාණිජමය වශයෙන් මිළට ගත හැකි වූ රූපවාහිනී නිවාස හා ආයතනවල විශේෂයෙන් විනෝදාස්වාද හා ප්‍රවෘත්ති ප්‍රභවයක් ලෙස බහුලව භාවිතා වන ගෘහස්ථ සන්නිවේදන උපකරණයක් බවට පත්විය. 1970 VCR පටි මත වීඩියෝ පටිගත කිරීමේ සිට DVD වැනි සංඛ්‍යාංක ධාවන පද්ධති රූපවාහිනී මඟින් පටිගත කළ චිත්‍රපටි හා අනෙකුත් වැඩසටහන් නැරඹීමට ඉඩ ප්‍රස්ථාව ලබා දී ඇත.
43 පේළිය:
 
ජනගහනයෙන් 90% සෑම සතියකම BBC සේවය නරඹනු ලබන අතර 27%ක කොටසක් දායකත්වයක් නරඹන්නන්ගෙන් ලැබේ. මෙම දායකත්වය විවිධ චැනලයන් නැරඹීමේ 85% ක හැකියාවක් ඇති ජන කොටසක් සිටිනා අතර වන අතර ඉන් 42% සේවයන් චන්ද්‍රිකා තාක්ෂණ මඟින් චැනලයන් 200ක පහසුකම් ලබා ගැනීමේ හැකියාවන් තිබිය දීය. එසේම තවත් 43%ක ප්‍රමාණයකට නිදහස් දර්ශකයන් 30ක් සමග ලබා ගැනීමේ පහසුකම ද ඇතළත් වේ. මෙම බදු ආදායම්වලින් මූල්‍ය ශක්තිය ලබා දෙන BBC රූපවාහිනී සේවයනට එනම් වෙළඳ දැන්වීම් භාවිතා නොකරන ආයතනයනට වැයවන මුදල වාර්ෂිකව පවුම් 136 ක මුදලක් වන අතර එය තම ආයතනය සතුව ඇති රූපවාහිනී ප්‍රමාණය සැලකිල්ලට නොගෙනය. BBC චැනලය හා වාණිජමය චැනලයන්‍යන දෙකේ ක්‍රීඩා පිළිබඳ අවස්ථාවන් ඉදිරිපත් කිරීමේ දී BBC නිතරම නිතරඟයෙන් නරඹන්නගේ වැඩිම ආකර්ශනයක් ලබා ගන්නා අතර එයට හේතුව නරඹන්නන් නැරඹීමේ දී බාධාවක් නොවී නැරඹීමට වඩා රුචි කරන බැවිනි.
 
 
ABC ඕස‍්ට්‍රේලියානු ප්‍රචාරක සංස්ථාව වෙළඳ දැන්වීම් ප්‍රචාරණය නොකරන අතර ‍එසේ ප්‍රචාරය කිරීම 1983 පනවනු ලැබූ ව්‍යවස්ථාවකට අනුව තහනම් කිරීමට ලක් කර ඇත. සිය මූල්‍ය අවශ්‍යතා ඕස්ට්‍රේලියානු රජය මඟින් සෑම අවුරුදු තුනකට සැරයක් ලබා දීම සිදු කෙරේ. 2006/2007 අයවැයෙන් ABC ආයතනය ඕස්ට්‍රේලියානු ඩොලර් මිලියන 822.67 ලැබූ අතර එය සිය වියදම් හා වගකීම් පියවීමට ප්‍රමාණවත් විය. එසේම ABC සාප්පු සංකීර්ණයන්ගෙන් ද සිය අරමුදල තර කර ගැනීම අවශ්‍ය තරම් මුදල් උපයා ගනී
Line 49 ⟶ 48:
== ධනාත්මක බලපෑම ==
රූපවාහිනිය වටා කෙරෙන බොහෝ සාකච්ඡා වලදි එහි සමාජිය බලපෑම සහ බව සාකච්ඡා වුවක් මාධ්‍ය කෘතවරයෙකු වු ජොෂුවා රූපවාහිනිය පැමිණිමට පෙර තොරතුරු සහ දැනුම ලබා ගැනිමේ ප්‍රධාන මාර්ගය මුදුණය බව සලකන ලදි. එම දිනවල මිනිසුන් තොරතුරු ලබා ගත් ආකාරය විවිධ ආකාරයෙන් සිමිත වේ.
 
==සාමාජයීය බලපෑම==
නීති සම්පාදකයින්, විද්‍යාඥයින් හා දෙමාපියන් විසින් රූපවාහිණිය මගින් එහි නරඹන්නන් මත වන රූපවාහිණි ප්‍රචණ්ඩතාව (විශේෂයෙන් යෞවනයන්) පිළිබදව වු ආචරණය ගැන වාද විවාද පවත්වයි. රූපවාහිණිය මගින් ළමුන්ගේ චෛතසික හා සමාජීය සංවර්ධනයට වන බලපෑම් පිලිබද වන වසර 50 ක පර්යේෂණ තවමත් එම විවාදය අවසාන කර නොමැත. (See Bushman & Anderson 2001 ; Savage, 2008)
 
අනෙක් අය මෙන්ම බුෂ්මන් හා ඇන්ඩර්සන් (2001) පවසා සිටින්නේ මාධ්‍ය ප්‍රචණ්ඩත්වය හා සමාජීය ප්‍රචණ්ඩත්වය අතර සම්බන්ධයකට සාක්ෂි පැහැදිලිවම සහය දක්වන බවයි. කෙසේ නමුත් අනෙක් නිර්මාණ කරුවන් (ඔල්සන්, 2004, සැවේජ්, 2008) විසින් සාහිත්‍ය හා එක්සත් ජනපදයේ වැඩිවන මාධ්‍ය ප්‍රචණ්ඩත්වය හා අඩුවන අපරාධ සීඝ්‍රතාවය අතර නොගැළපීම සමග සැලකිල්ලට ගත යුතු ක්‍රමානුරූපි ප්‍රශ්න අවධානයට බදුන් කරයි.
 
සයින්ටිෆික් ඇමරිකන්හි 2002 ලිපියක් යෝජනා කර සිටින්නේ අඛණ්ඩ TV නැරඹීම, රූපවාහිණි ඇබ්බැහි වීම අනෙකුත් ඇබ්බැහි වීමකට වඩා එතරම් වෙනසක් නොවන බවයි. කෙසේ නමුත් මෙම දර්ශනය තවමත් බොහෝමයක් ප්‍රඥයින් අතර පුළුල් ඒක මතිකත්වයට පත්වී නොමැති අතර රෝග විනිෂ්චය කිරීමේ හා සංඛ්‍යාත්මක මැනුවලය - IV – TR ට අනුව රූපවාහිණී ඇබ්බැහි වීම විනිෂ්චය කළ නොහැකි තත්ත්වයකි.
 
එක් අධ්‍යයනය කිරීමකට උදාහරණයක් ලෙස, මිනිසුන් 1000 ක් (ළමා වයසේ සිට වයස 26 දක්වා) ඇතුළත් නවසීන්තයේ පැවැත්වු ආයත අධ්‍යයනය නිරූපණය කර සිටියේ ළමා කාලයේ දී හා වැඩිහිටි අවධියේදී රූපවාහිණිය නැරඹීම වය‍ෙස් අවුරුදු 12 කදී වන දුර්වල අධ්‍යාපනික ජයග්‍රහණය කිරීම් සමග සම්බන්ධ වන බවයි. Sexuality Research And Social Policy ජ’නලයේ ප්‍රකාශයට පත් වු අධ්‍යනයන් කියා සිටින්නේ මව්පියන් පිළිබදව වු රූපවාහිණි වැඩ සටහන් වැඩිවියට පත්වු ගැහැණු දරුවන් අතර වැඩි ශරීර තෘප්තිමත් කිරීමක්, ගැහැණු හා පිරිමි යන දෙපක්ෂයේම වැඩිවියට පත් වූවන් අතර අඩු ලිංගික අත්දැකීම් සමග සම්බන්ධ වන බවත් මෙම රූපවාහිණි වැඩ සටහන් වල ප්‍රතිඵලයක් ලෙස ආත්ම ගරුත්වයට හා තම ප්‍රතිරූපයට බලපෑමක් එල්ල විය හැකි බවත්ය. රූපවාහිණිය නැරඹීම හා පාසැල් ශ්‍රේණි අතර වන සම්බන්ධතාවය මත බොහෝමයක් අධ්‍යයන සිදු කර ඇත. කෙසේ නමුත් අනෙකුත් අධ්‍යයන බොහෝමයක් ද රූපවාහිණි නැරඹීම නරඹන්නන් මත කිසිදු බලපෑමක් ඇති නොකරන බව (හෝ ඉතා සුළු බලපෑමක්) සොයා ගෙන ඇත. (Freedman , 2002 බලන්න)
 
==පාරිසරික බලපෑම==
CRT හි අධි ඊයම් අන්තර්ගතය හා පැතලි තිර සංදර්ශක තාක්ෂණවල වේගවත් ව්යාප්තිය, රසදිය ඇතුළත් ලාම්පු භාවිතා කරන සමහරක් ඒවා (LCD) සමඟ ඉවත දමන ලද රූපවාහිනීවලින් වන ඉලෙක්ට්රෝනික අපද්රව්යඅපද්‍රව්‍ය පිළිබඳ වැඩි දියුණු වන සැලකිල්ලක් දක්නට ලැබේ. කොටස්කරන්නන් විසින් CRT වලින් තඹ රැහැන් හා අනෙක් ද්රව්ය ඉවත් කිරීම සඳහා ද අදාල සෞඛ්යමය සැලකිලි දක්නට ලැබේ. තවදුරටත් රූපවාහිනියේ සැලසුම් කිරීමට සම්බන්ධ පාරිසරික සැලකිලි දක්නට ලැබෙන අතර භාවිත කිරීම සම්බන්ධව උපකරණවල වැඩිවන විද්යුත් ශක්ති වුවමනාවන් පිළබඳ සැලකිලි ද වේ.
 
== සටහන් ==
"https://si.wikipedia.org/wiki/රූපවාහිනිය" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි