"බලංගොඩ ආනන්ද මෛත්‍රෙය හිමි" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
සුළු Reverted 1 edit by 61.245.173.173 (talk) to last revision by SusithCM. (TW)
33 පේළිය:
== චරිතාපදානය ==
 
1896 අගෝස්තු 23 බලන්ගොඩ කිරිදිගල දී උපත ලදහ.(උන් වහන්සේගේ ඥාති පරම්පරාවක් වන වර්තමානයේ අත්තුඩාවේ ධර්මසේන ජයසේකර මහතාගේ නිවස) උන්වහන්සේ ගේ පියා එන්. ඒ මැතිස් අප්පුහාමි වු අතර මව බී. හීන් මැණිකේ වුවාය. <ref name=xy/> උන්වහන්සේ ගිහිකල පුංචි මහත්තයා සහා විලියම් යන නම්වලින් හැදින්වු එතුමන්ට වයස අවුරුදු 14 දී සිය මව අහිමි විය. එයින් පසු ඔහු සිය පියාගේ වැඩිමල් සහෝදරයාගේ නිවසේ හැදී වැඩෙමින් බලංගොඩ කුමාර විද්‍යාලයෙන් මූලික අධ්‍යපනය ලැබුවේය. පුංචි මහත්තයා වයස අවුරුදු 15 දි පැවිදි වීමට තීරණය කළ අතර බලංගොඩ උඩුමුල්ල ශ්‍රී නන්දාරාමයේ දී 1911 මාර්තු 02 දා සාමණේර පැවිද්ද ලැබූවේය. <ref name=xy>{{cite news|last = Fernando|first = Thilak|title = Face to face with late Ven. Aggamaha Panditha Balangoda Ananda Maitreya Thero |publisher = The Island - Saturday Magazine|date = 1994-09-24|url = http://www.infolanka.com/org/diary/179.html|accessdate = 2010-05-04}}</ref> උන්වහන්සේ ගේ ආචාර්යවරයන්වහන්සේ වුයේ දහමාහාන ධම්මානන්ද තෙරුණුවන්ය. උපාධ්‍යයන්වහන්සේ වුයේ දෙනියායේ ශීලානන්ද තෙරණුවන්ය. විසිවස් සපුරා සිටිහෙයින් උන්වහන්සේ 1916 ජූලි මස 14 වන දින බලංගොඩ උළුගංතොට උදකුඛේප [[සීමාමාලකය|සීමාමාලකයේ]] දී උපසම්පදාව ලදහ. <ref name="BA"/>
 
උන්වහන්සේ පැවිදි බිමට ඇතුලු වීමෙන් අනතුරුවද අධ්‍යාපන කටයුතු ඉදිරියටම පවත්වාගෙන් ගිය අතර පසුවකාලීනව උන්වහන්සේ බුදු දහම හා භාෂා ශාස්ත්‍රයේ විශාරදයන් වහන්සේ කෙනෙකු බවට පත්විය .වසර 1919 දී උන්වහන්සේ කොළඹ [[ආනන්ද විද්‍යාලය|ආනන්ද විද්‍යාලය]]ට ඇතුලුව අධ්‍යාපනය ලැබු අතර පසුව 1922 දී එහිම බුදුදහම පිළිබදව ආචාර්යවරයා බවට පත්විය <ref name="BA"/> . උන්වහන්සේ විවිධ සමයන් හා දර්ශනයන් පිළිබදව ගැඹුරු අධ්‍යයනයන්හි නියුතු වු අතර [[මහායාන බුදු දහම|මහායානය]] හා [[තන්ත්‍රයානය]] පිළිබදවද විශාරද විය. එතුමා හිමාලීය යෝගීන් හා පරම විඥ්ඥානාර්ථ සමා‍ගමේ සාමාජිකයන් ද ඇසුරු කළහ. ඉන්දීය දාර්ශනිකයෙකු වූ ක්‍රිෂ්ණමූර්ති ද උන්වහන්සේ ඇසුරුකළ චින්තකයෙකි.
"https://si.wikipedia.org/wiki/බලංගොඩ_ආනන්ද_මෛත්‍රෙය_හිමි" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි