"හැල් 9000" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
සංස්කරණය
සංස්කරණය
17 පේළිය:
 
'''හැල් 9000''' යනු, [[ආතර් සී. ක්ලාක්| ආතර් සී. ක්ලාක්ගේ ]] ''[[ස්පේස් ඔඩිසි]]'' කතාමාලාවෙහි එන [[කල්පිත චරිතය|කල්පිත චරිතයකි]]. ''[[2001: අ ස්පේස් ඔඩිසි (චිත්‍රපටය)|2001: අ ස්පේස් ඔඩිසි]]'' හිදී මුලින්ම පෙනීසිටින [[සචේතන|සචේතනික]] [[පරිගණකය|පරිගණකයක්]] (හෝ [[කෘත්‍රිම සාමාන්‍ය බුද්ධිය| කෘත්‍රිම සාමාන්‍ය බුද්ධියක්]]) වන මෙම හැල් සඳහා ඉංග්‍රීසි වචනය වන HAL යන්න බිඳී ඇත්තේ '''H'''euristically programmed '''AL'''gorithmic computer යන්නෙහි දක්වා ඇති මුල් අකුරු අනුසාරයෙනි. මෙහි අර්ථය ''ස්වයංගවේෂණ හැකියාව සහිතව ක්‍රමලේඛිත ඇල්ගොරිතමික පරිගණකය'' යන්නයි. ''[[ඩිස්කවරි වන්]]'' අභ්‍යාවකාශ යානයෙහි පද්ධතීන් පරිපාලනය කරන මෙම හැල් විසින් යානයේ [[අභ්‍යාවකාශගාමියා|අභ්‍යාවකාශගාමී]] කාර්ය මණ්ඩලය හා සමගින් අන්තර්ක්‍රියාකාරිත්වයක් ඇති කර ගනියි. චිත්‍රපටයෙහි අග කොටසට වන්නට, හැල්ගේ දෘඩාංග කොටසක් පෙන්වන අතර, ඔහු බෙහෙවින් නිරූපණය කෙරෙන්නේ රතු තිතක් සහිත කැමරා කාචයක් ලෙසින් වන අතර, එහි පිටපත් යානය පුරාම ස්ථානගත කොට තිබුණි. ''ස්පේස් ඔඩිසි'' කතා මාලාවේ චිත්‍රපට අනුවර්තනයන් දෙකකදීම හැල් 9000 වෙනුවෙන් හඬ කවනුයේ [[ඩග්ලස් රේන්]] විසින් වන අතර, කෙටි චිත්‍රපටයකදී [[ඇන්ඩ්‍රෑ ස්ටැන්ටන්]] විසින් හඬ කවනු ලබයි. කාර්යමණ්ඩල සාමාජීක, [[ඩේවිඩ් බෝමන් (ස්පේස් ඔඩිසි)|ඩේවිඩ් බෝමන්]] සහ ෆ්‍රෑන්ක් පූල් ට හාත්පසින්ම ප්‍රතිවිරුද්ධ ලෙසින් මුදු, සන්සුන් හඬකින් සහ සාකච්ඡාමය ස්වරූපයෙන් හැල් කථා කළේය.
 
කතා මාලාව සන්දර්භයෙහි සලකන කල, නිෂ්පාදිත අංක 3 ලෙසින් 1999 ජනවාරි 12 දිනදී හැල් ක්‍රියාත්මක වී ඇත්තේ [[උර්බානා, ඉලිනෝයි|ඉලිනෝයි ජනපදයෙහි උර්බානා නගරයෙහි]] පිහිටි හැල් පරීක්ෂණාගාර තුලදීය; ''2001'' චිත්‍රපටයයෙහිදී, සක්‍රීයන වසර වී ඇත්තේ 1992 සහ මුල් තිර ප්‍රදර්ශනයන්හී 1991 වෙයි.<ref name="Meaning">{{උපන්‍යාස වෙබ් | url = http://www.palantir.net/2001/meanings/essay11.html | title = මීනිංන්ස්: ද සර්ච් ෆො මීනිං ඉන් 2001| accessdate = 2007-05-10| author = ජෝර්ජ් ඩී. ඩිමෙට්}}</ref> [[බ්‍රහස්පති ග්‍රහලෝකය|බ්‍රහස්පති]] වෙත (හෝ, චිත්‍රපටය තිරගත වී සුළු කලකින් ප්‍රකාශයට පත් කෙරුණු මුල් නවකතාව පරිදී [[සෙනසුරු ග්‍රහලෝකය|සෙනසුරු]] වෙත) අන්තර් ග්‍රහලෝක අභ්‍යාවකාශ ගමන අතරතුර ''ඩිස්කවරි වන්'' යානය තුල අභ්‍යාවකාශ යානා පද්ධති නඩත්තු කිරීමට අමතරව, [[භාෂණ සංස්ලේෂණය|කථාකිරීම]], [[කථන හැඳුනුම]], [[වක්ත්‍ර හැඳුනුම් ක්‍රමවේදය | වක්ත්‍ර හැඳුනුම]], [[ස්වභාවික භාෂා සැකසුම]], [[තොල් පාඨනය]], [[කලාකෘති විචාරය |කලාකෘති ආස්වාදනය]], [[ආවේදනාත්මක පිරිගණනය | චිත්තවේගී චර්යාවන් අර්ථකථනය කිරීම]], [[ස්වයාක්‍රියාකෘත තර්කනය]] සහ, [[පරිගණක චෙස් |චෙස් ක්‍රීඩාව]] යන්නෙහි හැකියාවක් හැල් වෙත තිබුණි.
 
==ආශ්‍රිත==
"https://si.wikipedia.org/wiki/හැල්_9000" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි