"උණ" හි සංශෝධන අතර වෙනස්කම්
Content deleted Content added
සුළු Bot: Migrating 78 interwiki links, now provided by Wikidata on d:q38933 (translate me) |
No edit summary ටැග: ජංගම සංස්කරණය ජංගම යෙදුම් සංස්කරණය |
||
1 පේළිය:
==උණ==
උණ ගැනෙන්නේ ඇයි? ([[උෂ්ණත්වමානය]] දිව යට දමා බලද්දී) ශරීරයේ සාමාන්‍ය උෂ්ණත්වය ෆැරන්හයිට් අංශක 98.6ක් (සෙල්සියස් අංශක 37ක්) පමණ වෙනවා. ඒත් දවස පුරාම පුද්ගලයෙකුගේ උෂ්ණත්වය අංශකයකින් හෝ දෙකකින් අඩු වැඩි විය හැකියි.එමනිසා, උදේට ඔබේ උෂ්ණත්වය අඩු විය හැකි අතර දහවල් කාලයේදී එය ඉහළ යා හැකියි. තාප පාලකයක් උෂ්ණත්වය පාලනය කරනවා හා සමානව, මොළයේ පහළ කොටසේ පිහිටි හයිපොතැලමසයද ශරීරයේ උෂ්ණත්වය පාලනය කරනවා. බැක්ටීරියා හෝ වයිරස් ශරීරය ආක්‍රමණය කළ විට ප්‍රතිශක්ති පද්ධතිය ඊට ප්‍රතිචාරය දක්වමින් රුධිරය තුළ පයිරොජන් නමැති උණ වඩවන ද්‍රව්‍ය නිපදවනවා. උණ ගැනෙන්නේ එමනිසයි. මෙහි ප්‍රතිඵලයක් වශයෙන් හයිපොතැලමසයද එහි උෂ්ණත්වය ඊට සාපේක්ෂව “සකස් කරගන්නවා.”
උණ ගනිද්දී ශරීරයට අපහසුතාවක් දැනෙන්න පුළුවන්. ඒ වගේම විජලනය ඇති වෙන්නත් පුළුවන්. ඒත්, උණ ගැනීමෙන් ශරීරයට අනිවාර්යයෙන්ම හානියක් සිදු නොවෙයි. ඇත්තෙන්ම කියනවා නම්, ශරීරයේ ඇති වී තිබෙන [[බැක්ටීරියා]] හෝ [[වයිරස්]] ආසාදන බැහැර කිරීම සඳහා උණ වැදගත් කාර්යභාරයක් ඉටු කරන බවක් පෙනෙන්න තිබෙනවායයි වෛද්‍ය විද්‍යාව පිළිබඳව හදාරන හා ගවේෂණය කරන මායෝ ආයතනය සඳහන් කරනවා. “[[සෙම්ප්‍රතිශ්‍යාව]] හා ශ්වසන පද්ධතිය ආශ්‍රිත වෙනත් ආසාදන ඇති කරවන වයිරස් උෂ්ණත්වය අඩු පරිසරයකට ප්‍රිය කරනවා. ඒ නිසා, ශරීරය එහි උෂ්ණත්වය මදක් ඉහළ නංවන විට එම වයිරස් බැහැර කිරීමට දායක වෙනවා විය හැකියි.” එම ආයතනය තවදුරටත් මෙසේ සඳහන් කරයි. “උණ මදක් ඉහළ නඟින විට එය අඩු කිරීමට වෑයම් කිරීම අනවශ්‍යයි. තවද එසේ කිරීමෙන් ඔබේ දරුවාගේ ස්වාභාවික සුවවීමේ ක්‍රියාවලිය ඇණ හිටීමට පවා ඉඩ තිබෙනවා.” ඇත්තෙන්ම, මෙක්සිකෝවේ එක්තරා රෝහලක ඇතැම් රෝගී තත්වයන්ට ප්‍රතිකාර දෙන්නේ ශරීර උෂ්ණත්වය ඉහළ නැංවීම මගිනුයි. එම ප්‍රතිකාර ක්‍රමය හඳුන්වන්නේ හයිපතර්මියා ලෙසයි.
එක්තරා වෛද්‍ය විද්‍යාලයකට (American College of Emergency Physicians) අයත් වන වෛද්‍ය ඇල් සාක්කේට්ටි මෙසේ පවසනවා. “උණ ගැනෙන එක හානිකර දෙයක් වන්නේ ඉතා කලාතුරකින්. එත් ශරීරයේ ආසාදනයක් ඇති බවට එය අනතුරු ඇඟවීමක් විය හැකියි. එමනිසා, දරුවෙකුට උණ ගනිද්දී අවධානය දිය යුත්තේ දරුවාට හා ඔහුට තිබිය හැකි ආසාදනය වෙතට මිසක ඔහුගේ උණ නිතර නිතර පරීක්ෂා කර බැලීමට නොවෙයි.” ළමා වෛද්‍ය විශේෂඥයන් සඳහා අමෙරිකානු ශාස්ත්‍රාලය සඳහන් කරන්නේ මේ ආකාරයටයි. “සාමාන්‍යයෙන් උණ ෆැරන්හයිට් අංශක 101කට (සෙල්සියස් අංශක 38.3කට) වඩා අඩුයි නම් එයට ප්‍රතිකාර දීම අවශ්‍ය නැහැ. දරුවාට යම් අපහසුතාවක් දැනේ නම්, එහෙමත් නැත්නම් කලින් උණ ගත් අවස්ථාවලදී වලිප්පුව ඇති වී තිබෙනවා නම් පමණක් ප්‍රතිකාර කරන්න. උණ ඊටත් වඩා ඉහළ යන අවස්ථාවලදී පවා එය අනිවාර්යයෙන්ම අනතුරුදායකයි කියා සිතමින් කලබල වීමට හේතුවක් නැහැ. ඒ ගැන සැලකිලිමත් විය යුත්තේ දරුවාට කලින් වලිප්පුව ඇති වී තිබේ නම් හෝ ඔහුට නිදන්ගත රෝගයක් තිබේ නම් පමණයි. වැදගත්ම දේ වන්නේ ඔබේ දරුවාගේ හැසිරීම වෙත අවධානය දීමයි. ඔහු හොඳින් කනවා නම්, ඔහුට හොඳට නින්ද යනවා නම් සහ ඉඳ හිට සෙල්ලම් කරනවා නම්, ඔහුට ප්‍රතිකාරයක් අවශ්‍ය නැති බව නිගමනය කළ හැකියි.”
== මැනීම ==
|