"පොලිබියුස්" හි සංශෝධන අතර වෙනස්කම්

සංස්කරණය
(සංස්කරණය)
(සංස්කරණය)
 
==සම්භවය==
එය [[අකියානු ලීගය | අකියානු ලීගයෙහි]] සක්‍රීය සාමාජිකයෙක්ව සිටින විට [[ආර්කාඩියා| ආර්කාඩියාහී]], [[මෙගලාපොලිස්, ග්‍රීසිය|මෙගලාපොලිස්හී]], ක්‍රිපූ 200 දී පමණ පොලිබියුස් උපන්නේය. [[ලයිකොටස්]] නම්වූ ඔහුගේ පියා, ප්‍රමුඛ, ඉඩම්-හිමි දේශපාලනඥයෙක් සහ පාලක පෙලැන්තියෙහි සාමාජිකයෙක් වූ අතර, [[අකියානු ලීගය | අකියානු ලීගයෙහි]] අශ්වරෝහක හමුදාවෙහි ආඥාපතියා බවට පත් විය. මෙහි ප්‍රතිඵලයක් වශයෙන්, මෙගලාපොලිස්හී දේශපාලන සහ හමුදාමය කටයුතු පිළිබඳ සෘජු ලෙසින් නිරික්ෂණය කිරීමට පොලිබියුස්ට හැකි විය. ඔහු විසින්, අසුන් පිට යෑම සහ දඩයම පිළිබඳ උනනදුවක් දැක්වූ අතර, පසු කලෙක ඔහුව අත් අඩංගුවට ගත් රෝමානුවන් තුල ඔහු පිළිබඳව ප්‍රශංසා සිතුවිල්ලක් ඇති වීමට මෙම විපථනයන් හේතු කාරක විය. ඔහුගේ කාලයෙහි ජීවත් වූ අතිශය ප්‍රමුඛතම අකියානු දේශපාලනඥයෙක් වූ [[ෆීලොපොයිමේන්| ෆීලොපොයිමේන්ගේ]] භෂ්මාවශේෂ සහිත කරඬුව උසුලාගෙන යෑමේ ගෞරවය, ක්‍රිපූ 182 දී ඔහුට හිමි විය. බොහෝවිට වාර්ෂික ''[[ස්ට්‍රැටජීයා]]'' (ප්‍රධාන ආඥාදායකත්වය) තනතුරට පත් වීමේ පෙරනිමිත්තක් ලෙසින් සැලකුණු [[හිපාර්කස් (අශ්වාරෝහක නිලධාරි)]] තනතුරට තේරී පත්වීමට, ක්‍රිපූ 169 හෝ ක්‍රිපූ 170 දී පොලිබියුස් සමත් විය. ඔහුගේ මුල් කාලීන දේශපාලන ජීවිතය බෙහෙවින් කැප වූයේ මෙගලාපොලිස්හී ස්වාධිනත්වය පවත්වා ගෙන යෑම කෙරෙහිය.
 
==පුද්ගලික අත්දැකීම්==
"https://si.wikipedia.org/wiki/විශේෂ:MobileDiff/363676" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි