"සෞර ග්‍රහ මණ්ඩලයෙහි නිර්මාණය සහ පරිණාමය" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
සංස්කරණය
සංස්කරණය
19 පේළිය:
සෞර ග්‍රහ මණ්ඩලයෙහි නිර්මාණය පිළිබඳ වර්තමාන සම්මත සිද්ධාන්තය වන [[නිහාරිකා උපකල්පිතය]], 18 වන සියවසෙහිදී [[ඉම්මානුවෙල් ස්වියඩන්බෝර්]], [[ඉමැනුවෙල් කාන්ට්]] සහ, [[පියර්-සිමොන් ලප්ලාස්]] විසින් සූත්‍රායනය කිරීමෙන් පසුව ප්‍රසාදයට ලක්ව ඉන්පසු අභියෝගයට ලක් විය. උපකල්පිතයෙහි වඩාත්ම සැලකිය යුතු විවේචනය වූයේ, අනෙකුත් ග්‍රහ ලෝක සමග සංසන්දනය කරන කල සූර්යයාගේ [[කෝණික ගම්‍යතාවය]] සාපේක්ෂ වශයෙන් මඳ බව පැහැදිලි කිරීමට එහි පෙනෙන්නට තිබූ නොහැකියාව වෙයි. <ref>{{උපන්‍යාස ජර්නල් | author=එම්. එම්. වුල්ෆ්සන් | journal=ෆිලෝසොෆිකල් ට්‍රාන්සැක්ෂන්ස් ඔෆ් ද රෝයල් සොසයිටි | volume=313 | title=රොටේෂන් ඉන් ද සෝලර් සිස්ටම් | issue=1524 |year=1984 | pages=5–18 | bibcode=1984RSPTA.313....5W | doi=10.1098/rsta.1984.0078 }}</ref>කෙසේවෙතත්, 1980 ගණන් වල මුල් අවදියෙහි සිට නවක තාරකා පිළිබඳ අධ්‍යයනය විසින්, නිහාරිකා උපකල්පිතය විසින් පුරෝකථනය කල ආකාරයටම ධූලි සහ වායු වලින් සැදුම් ලත් සිසිල් තැටි වලින් ඒවා වටවී ඇති බව දක්වන ලද අතර, එම නිසාම මෙම උපකල්පිතය යළි-පිළිගැනුමට එය හේතු කාරක විය. <ref>{{උපන්‍යාස වෙබ් | url = http://space.newscientist.com/channel/solar-system/comets-asteroids/mg13117837.100 | title=බර්ත් ඔෆ් ද ප්ලැනට්ස්: දි අර්ත් ඇන්ඩ් ඉට්ස් ෆෙලෝ ප්ලැනට්ස් මේ බී සර්වයිවර්ස් ෆ්‍රොම් අ ටයිම් වෙන් ප්ලැනට්ස් රිකෂේටඩ් අරවුන්ඩ් ද සන් ලයික් බෝල් බෙයාරිංස් ඔන් අ පින්බෝල් ටේබ්ල් | work=නිව් සයන්ටිස්ට් | author=නයිජල් හෙන්බෙස්ට් |year=1991 | accessdate=2008-04-18 }}</ref>
 
සූර්යයාගේ පරිණාමය සිදු වන්නේ කෙලෙසද යන්න තේරුම් ගැනීමට නම් එහි බල ප්‍රභවය තේරුම් ගැනීම අවශ්‍ය වෙයි. [[ආතර් ස්ටැන්ලි එඩිංටන්]] විසින්, [[ඇල්බට් අයින්ස්ටයින්|ඇල්බට් අයින්ස්ටයින්ගේ]] [[සාපේක්ෂතා වාදය]] තහවුරු කිරීම ඔස්සේ, ඔහු තේරුම් ගත්තේ සූර්යයාගේ ශක්තිය නිකුත් වන්නේ එහි ගර්භයෙහි සිදු වන්නාවූ [[න්‍යෂ්ටික විලයනය|න්‍යෂ්ටික විලයන]] ප්‍රතික්‍රියාවන් වෙතින් බවයි. <ref>{{උපන්‍යාස පොත | title=ද සන්: අ බයෝග්‍රෆි | author=ඩේවිඩ් වයිට්හවුස් | date=2005 | publisher=ජෝන් විලී සහ පුත්‍රයෝ | isbn=978-0-470-09297-2 }}</ref> 1935 වසරෙහිදී, මෙයින් ඔබ්බට තර්ක කල එඩිංටන් පැවසුවේ අනෙකුත් මූලද්‍රව්‍යයන් පවා තාරකා තුල ජනිත විය හැකි බවයි.
 
==මූලාශ්‍ර==