"සෞර ග්‍රහ මණ්ඩලයෙහි නිර්මාණය සහ පරිණාමය" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
සංස්කරණය
සංස්කරණය
17 පේළිය:
අප දන්නා පැරණිතම ලියවිලි වල පටන්, ලෝකයේ සම්භවය සහ ඉරණම පිළිබඳ අදහස් දක්නට ලැබේ; කෙසේවෙතත්, එම කාලසීමාවෙහි සමස්තය පුරාවටම පාහේ, "සෞර ග්‍රහ මණ්ඩලයක" පැවැත්ම පිළිබඳ එවන් මතිමතාන්තර දක්නට නොලැබෙන්නේ, අප දැනට වටහාගෙන ඇති ආකාරයේ සෞර ග්‍රහ මණ්ඩලයක් පැවති බවට එකල සාමාන්‍යයෙන් නොසිතූ නිසාය. සෞර ග්‍රහ මණ්ඩලයෙහි නිර්මාණය සහ පරිණාමය පිළිබඳ සිද්ධාන්තයක් දෙසට තැබූ පළමු පියවර ලෙසින් දැක්විය හැක්කේ, පද්ධතියේ කේන්ද්‍රයෙහි සූර්යයා තබමින් [[පෘථිවිය]] එය වටා පරිභ්‍රමණය වන බවට සැලකුනු [[සූර්ය කේන්ද්‍රවාදය]] සාමාන්‍ය ලෙසින් පිළිගැනීමයි. සහස්‍රයක් පුරාවටම මෙම සංකල්පිතය ජන සමාජය තුල ගැබ් ගෙන පැවතියද ([[සැමොස් හී ඇරිස්ටාකස්]] විසින් ක්‍රිපූ 250 තරම් අතීතයෙහිදී පවා මෙය යෝජනා කර තිබුණි), එයට පුළුල් පිළිගැනීමට ලක්වූයේ 17වන සියවසෙහි අග භාගය වන විට පමණි. "සෞර ග්‍රහ මණ්ඩලය " යන පදය භාවිතා වූ බවට පළමු වාර්තාව හමුවන්නේ වසර 1704 දීය.<ref>{{උපන්‍යාස වෙබ් | work=මෙරියම් වෙබ්ස්ටර් ඔන්ලයින් ඩික්ෂනරි | title=සෝලර් සිස්ටම් | url = http://www.merriam-webster.com/dictionary/solar%20system | accessdate=2008-04-15 |year=2008 }}</ref>
 
සෞර ග්‍රහ මණ්ඩලයෙහි නිර්මාණය පිළිබඳ වර්තමාන සම්මත සිද්ධාන්තය වන [[නිහාරිකා උපකල්පිතය]], 18 වන සියවසෙහිදී [[ඉම්මානුවෙල් ස්වියඩන්බෝර්]], [[ඉමැනුවෙල් කාන්ට්]] සහ, [[පියර්-සිමොන් ලප්ලාස්]] විසින් සූත්‍රායනය කිරීමෙන් පසුව ප්‍රසාදයට ලක්ව ඉන්පසු අභියෝගයට ලක් විය. උපකල්පිතයෙහි වඩාත්ම සැලකිය යුතු විවේචනය වූයේ, අනෙකුත් ග්‍රහ ලෝක සමග සංසන්දනය කරන කල සූර්යයාගේ [[කෝණික ගම්‍යතාවය]] සාපේක්ෂ වශයෙන් මඳ බව පැහැදිලි කිරීමට එහි පෙනෙන්නට තිබූ නොහැකියාව වෙයි. <ref>{{උපන්‍යාස ජර්නල් | author=එම්. එම්. වුල්ෆ්සන් | journal=ෆිලෝසොෆිකල් ට්‍රාන්සැක්ෂන්ස් ඔෆ් ද රෝයල් සොසයිටි | volume=313 | title=රොටේෂන් ඉන් ද සෝලර් සිස්ටම් | issue=1524 |year=1984 | pages=5–18 | bibcode=1984RSPTA.313....5W | doi=10.1098/rsta.1984.0078 }}</ref>කෙසේවෙතත්, 1980 ගණන් වල මුල් අවදියෙහි සිට නවක තාරකා පිළිබඳ අධ්‍යයනය විසින්, නිහාරිකා උපකල්පිතය විසින් පුරෝකථනය කල ආකාරයටම ධූලි සහ වායු වලින් සැදුම් ලත් සිසිල් තැටි වලින් ඒවා වටවී ඇති බව දක්වන ලද අතර, එම නිසාම මෙම උපකල්පිතය යළි-පිළිගැනුමට එය හේතු කාරක විය. <ref>{{උපන්‍යාස වෙබ් | url = http://space.newscientist.com/channel/solar-system/comets-asteroids/mg13117837.100 | title=බර්ත් ඔෆ් ද ප්ලැනට්ස්: දි අර්ත් ඇන්ඩ් ඉට්ස් ෆෙලෝ ප්ලැනට්ස් මේ බී සර්වයිවර්ස් ෆ්‍රොම් අ ටයිම් වෙන් ප්ලැනට්ස් රිකෂේටඩ් අරවුන්ඩ් ද සන් ලයික් බෝල් බෙයාරිංස් ඔන් අ පින්බෝල් ටේබ්ල් | work=නිව් සයන්ටිස්ට් | author=නයිජල් හෙන්බෙස්ට් |year=1991 | accessdate=2008-04-18 }}</ref>
 
==මූලාශ්‍ර==