"සසම්භාවී ප්‍රවේශ මතකය" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
සුළුNo edit summary
28 පේළිය:
රික්තක නළ ට්‍රයෝඩ(vacuum tube triodes) සහ පසුකාලීනව වියුක්ත ට්‍රාන්සිස්ටර(discrete transistors) මගින් නිපදවූ අගුළු (Latches) රෙජිස්තර වැනි කුඩා සහ වේගවත් මතක සඳහා භාවිත විය. එවැනි රෙජිස්තර ප්‍රමාණයෙන් විශාල දත්ත සඳහා භාවිත කිරීමේදී සාපේක්ෂව විශාල හා මිල අධික වූ අතර, සාමාන්‍යයෙන් ඉන් සපයාගත හැකි වූයේ බිටු සිය ගණනක කුඩා මතකයකි.<!--generally only a few dozen or few hundred bits of such memory could be provided.මෙය ඉහත වැකියේ “,“ ලකුණෙන් පසු කොටසේ නිවැරදි ඉංග්‍රීසි අදහසයි.මා විසින් කළ පරිවර්තනය වැරදීමට බොහෝදුරට ඉඩ ඇත,එය නිවැරදි කරන්න. ස්තුතියි, රන්දේව්-->
 
පළමු ප්‍රායෝගික ආකෘතියේ සසම්භාවී ප්‍රවේශ මතකය වූයේ 1947 නිපදවූ විලියම් කපාටය (Williams tube)යි.කැතෝඩ කිරණ නළ මුහුණතක විද්‍යුත් ආරෝපිත ලක්ෂ්‍යයන් මත දත්ත ගබඩා කිරීම එහිදී සිදු විය.කැතෝඩ කිරණ නළයේ ඉලෙක්ට්‍රෝන කදම්භයට අනුපිළිවෙලකින් තොරව නළයේ ඕනෑම ලක්ෂ්‍යයක් කියවීමට හා ලිවීමට හැකි වීමෙන් මතකය “සසම්භාවී ප්‍රවේශ“ තත්වයට පත්විණි.විලියම් නලයේ ධාරිතාව බිටු 1000කට ආසන්න වූ අතර ඒවා තනි රික්තක නළ තරංක (latches) වලට සාපේක්ෂව කුඩා, වේගවත් හා වඩා ප්‍රබල කාර්යක්ෂමතාවකින් යුතු විය.ලොව පළමුවරට ඉලෙක්ට්‍රොනිකව ක්‍රමලේඛයක් ගබඩා කරන ලද්දේද එංගලන්තයේ මැංචෙස්ටර්හි වික්ටෝරියා විශ්ව විද්‍යාලයේදී දියුණු කෙරුණු මෙම විලියම් නළයකය.එම ක්‍රමලේඛය භාවිත වූ පරිගණකය නම්, 1948 ජූනි 21 වන දින පළමුවරට ක්‍රමලේඛයක් සාර්ථකව ධාවනය කළ එස්එස්ඊඑම් (SSEM -Manchester Small-Scale Experimental Machine) පරිගණකයයි.<ref>{{Citation | last = Napper | first = Brian | title = Computer 50: The University of Manchester Celebrates the Birth of the Modern Computer | url = http://www.computer50.org/ | accessdate = 26 May 2012 }}</ref>
 
ඇත්ත වශයෙන්ම, SSEM සඳහා නිර්මාණය කරන ලද විලියම් කපාට මතකයට වඩා මතකයේ විශ්වසනීයත්වය ආදර්ශනය සඳහා ආදර්ශයක් (testbed) වූයේ SSEMය.<ref>{{Citation|last1=Williams|first1=F.C.|last2=Kilburn|first2=T.|title=Electronic Digital Computers|journal=Nature|volume=162|pages=487|date=Sep 1948|doi=10.1038/162487a0|issue=4117|postscript=.}} Reprinted in ''The Origins of Digital Computers''</ref><ref>{{Citation|last1=Williams|first1=F.C.|last2=Kilburn|first2=T.|last3=Tootill|first3=G.C.|title=Universal High-Speed Digital Computers: A Small-Scale Experimental Machine|url=http://www.computer50.org/kgill/mark1/ssem.html|journal=Proc. IEE|date=Feb 1951|volume=98|issue=61|pages=13–28|postscript=.|doi=10.1049/pi-2.1951.0004}}</ref>
චුම්බක මාධ්‍ය මතකය (Magnetic-core memory) 1947 නිපදවා 1970 දශකයේ මැද භාගය තෙක් දියුණු කෙරිණ. චුම්බකිත මුදු අරාවක් (පෙළක්) මගින් ගොඩනැගුණු මෙය සුපතල සසම්භාවී ප්‍රවේශ මතකයක් විය. එක් එක් මුදුව චුම්බකනය වූ ප්‍රමාණය වෙනස් කිරීම මගින් මුදුවක් පාසා ගබඩා කර ඇති බිටුවක් සමග දත්ත තැන්පත් කළ හැකි විය.
මුදුව තුළ ඇති මතක කොටස් තෝරාගැනීම හා කියවීම/ලිවීම සඳහා සෑම මුදුවක්ම ලිපින තන්තු වලට සම්බන්ධ වූ බැවින් මතකය තුළ ඕනෑම ස්ථානයකට ඕනෑම අනුපිළිවෙලකින් ප්‍රවේශ වීමේ හැකියාවක් ලැබිණ.
 
1970 දශකයේ මුල භාගයේ නිපදවුණු අනුකලිත පරිපථවල ඝන අවස්ථා මතකය (solid-state memory) භාවිතයට පැමිණෙන තුරු මතක පද්ධතියේ සම්මත ස්වභාවය වූයේ චුම්බක මාධ්‍ය මතක ආකාරයයි. 1968 වසරේ රොබට් එච්.ඩෙනාර්ඩ් (Robert H. Dennard) විසින් ඩී-රැම් එක (ගතික සසම්භාවී ප්‍රවේශ මතකය) නිපදවන ලදි. මෙම ඩී-රැම් එක තුළ එක් එක් මතක බිටුව සඳහා ට්‍රාන්සිස්ටර 4-6 ක අගුළු පරිපථයක් වෙනුවට තනි ට්‍රාන්සිස්ටරය බැගින් ප්‍රතිස්ථාපනය වූ බැවින් වාශ්පශීලීතාවයේ අගය (cost of volatility) මත මතක ඝනත්වය වැඩිවිය.එක් එක් ට්‍රාන්සිස්ටරය තුළ කුඩා ධාරිතාවන් තුළ දත්ත ගබඩා කෙරුනු අතර සෑම මිලිතත්පර කිහිපයකටම වරක් ආරෝපණ කාන්දුවී යාමට පෙර පුබුදු (refresh) කළ යුතු විය.
සංයුක්ත රොම් පරිපථ වලට පෙර පඨන මාත්‍ර (එනම් කියවීමට පමණක් හැකි) සසම්භාවී ප්‍රවේශ මතකයන් දියෝඩ අනුකෘති (Diode matrix) භාවිතයෙන් ගොඩනගන ලදි. මෙම දියෝඩ අනුකෘති ලිපින විකේතක (address decoder) මගින් ධාවනය විය <!--diode matrices driven by [[address decoder]]s, or specially wound core rope memory planes.-->
"https://si.wikipedia.org/wiki/සසම්භාවී_ප්‍රවේශ_මතකය" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි