"රොඩී" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
No edit summary
14 පේළිය:
 
අතීතයේදී අනුරාධපුරයේ විසු මවක් තම බල දියණියත් කැටුව තෙල් මල් හා සුවඳ දුම් රැගෙන අභයගිරි චෛත්‍ය වැඳ පුදා ගැනීමට ගියාය. මෑණියෝ දියණිය සෑ මළුවේ නවත්වා පැන් ටිකක් ගෙනෙනු පිණිස අසල පොකුණකට ගියාය. ඒ අතරතුර කාලයේහි මලස්න නොසෝදා අත දෝවනය නොකොට මේ දැරිය මල් මිට චෛත්‍යයට පිදු බව සද්ධර්මාලංකාරයෙ ස්වර්ණලතා කතා වස්තුවෙන් පෙනේ. මලස්න නොසෝදා අත දෝවනය නොකොට මල් පුජා කිරීම ගැන උදහස් වූ මෑණියෝ, දියණියට වගවිත්ති කියමින් බැන වැදුනාය. " තී නම් සැඩොලියක්ම තමා යි " අම්ම කී වචනයකට කෝපාවිෂ්ට වූ දියණිය " මං නොවෙයි උබයි සැඩොලිය " කියා බැන වැදීමේ පාප කර්මය හේතු කොටගෙන ඈ මිය ගොස් දබදිව සැඩොල් කුලයක උපත ලැබූ බව කියා තිබේ. නමුත් රොඩී කුලයේ උපත සෙවීමට මෙයද කරුණක් හැටියට සැලකිය නොහැක.
 
==අතීතයේ ( රජ දවස ) රොඩී ජන ජීවිතය==
 
මහනුවර රජ කාලයේ ලංකාවේ රොඩී කුප්පායම් කිහිපයක් තිබුන බවත්, ඒවා පාලනය කිරීමට නිලධාරීන් යොදා සිටිය බවත් ශ්‍රීමත් ජෝන් ඩොයිලි පවසා ඇත. කුප්පායම් ගෙවල් එහි පදිංචිකාරයින්ට මනාප අන්දමට ඉදිකරගත නොහැකිය. ගෙයක ජනේල, දොර ආදිය වෙනුවට ඇත්තේ පැලලි පමණකි. මේ පැලලි කොළ අතුවලින් හෝ සමකින් සාදා ගත හැකිය. තවද රොඩීන්ට ඔරුවක නැගී ගඟක් තරණය කල නොහැක. වෙල්යායක විශේෂයෙන්ම රාජකීය වෙල්යායක නියරක් දිගේ යාම පවා ඔවුන්ට තහනම්ය.
මංකොල්ලයක් ,සොරකමක් හෝ මිනීමැරුමක් සම්බන්ධයෙන් රොඩීයකු චෝදනා ලැබූ කල්හී කුප්පායමේ හුලවාලියා ( නායකයා ) මේ කරණය සිරගෙයි කංකානමට දැන්විය යුතුය. ඉක්බිති සිරගෙයි කංකානම ඒ චුදිතයා තොටුපොලට කැඳවාගෙන එන ලෙස දිනයක් නියම කරයි. මෙසේ කිරීමට හේතුව රොඩීයකු ගඟෙන් මෙගොඩට ගෙන්වා ගැනීමට නීතියෙන් බලයක් නැතිකමය. නඩු දිනයෙහි චුදිතයා පමණක් නොව, ඔහුගේ නෑදෑයන් ද පවුල් පිටින් තොටුපොළට රොක්වන්නේ නඩුව විසඳෙන හැටි නරඹන්නටය. ඉක්බිති සිරගෙයි කංකානම ඔරුවක නැග ගඟින් මෙහා තොටුපොළේ නැවතී නඩුව විසඳන්නට පටන් ගන්නේය. චුදිතයගේ වරද ඔප්පු වූ කල්හී ඔහුට කටුසැමිටි වලින් තලන්නට නියම කරනු ලැබේ. මේ දඬුවම් දීම සඳහා වැඩිපුරම පාවිච්චි කොට ඇත්තේ ගැට සහිත එරමිනියා පොල්ලක් හෝ කැප්පෙට්ටියා පොල්ලකි. ඇතැම්විට ඒ දඬුවම් දීම සඳහා අලුගෝසුවකු වෙනින් රොඩී ගමකින් කැඳවනු ලබයි. උඩරට ප්‍රදේශයන්හි කුරහන්පිටිය , කොස්කොටේ යන දෙගම්හි විශාල රොඩී කුප්පායම් දෙකක් තිබුණු බව පැරණි පොත පතේ සඳහන් වෙයි. ඒවා පාලනය කරන ලද්දේ මහා අධිකාරම් විසිනි.
 
සැබවින්ම එකල රොඩී නම්වූ කුලය පහත් ලෙස සැලකුවද වර්තමානය වනවිට එහි පහත් බව නුතන ජනයා එතරම් සලකන්නේ නැත. එය හොඳ ප්‍රවණතාවයකි. සතුටට කරුණකි. බුදුරජාණන් වහන්සේ දේශනා කර ඇත්තේ කෙනකු උපතින් වසලයකු හෝ බ්‍රාහ්මණයකු වන්නේ නොවේ. ක්‍රියාවෙන්ම බ්‍රාහ්මණයෙක් හෝ වසලයෙක් වෙත්මැයි.
 
==උප ගෝත්‍ර==
"https://si.wikipedia.org/wiki/රොඩී" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි