"ප්‍රිස්මය" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
No edit summary
 
1 පේළිය:
[[ප්‍රකාශ විද්‍යාව|ප්‍රකාශ විද්‍යාවේදී]], '''ප්‍රිස්මයක්''' යනු පැතලි, ඔප දැමන ලද මුහුණත් සහිත [[ආලෝකය]] [[වර්තනය]] කරදමන පාරදෘශ්‍ය ප්‍රකාශ වස්තුවකි. අවම වශයෙන් එහි පැතලි මුහුණත් දෙකක් අතර කොණයක් පැවතිය යුතුම වේ.
[[ගොනුව:Light dispersion conceptual waves.gif|thumb|ත්‍රිකෝණාකාර ප්‍රිස්මයක් ආලෝකය අපකිරණය කරයි]]
 
==ක්‍රියාකරන අයුරු==
[[ගොනුව:Light dispersion conceptual waves.gif|thumb|ත්‍රිකෝණාකාර ප්‍රිස්මයක් ආලෝකය අපකිරණය කරයි]]
ආලෝකය එක් මාධ්‍යයක සිට තවත් මාධ්‍යයකට යාමේ දී එහි වේගය වෙනස් වේ. (උදාහරණ -වාතයේ සිට වීදුරු ප්‍රිස්මයක් තුළට යාමේ දී) එක් මාධ්‍යයක සිට තවත් මාධ්‍යයකට ආලෝකය ඇතුළු වීමේ දී වර්තනයට ලක් වී නව මාධ්‍යයට පතන කෝණයට වෙනස් කෝණයකින් ඇතුළු වීමට මෙම වේග වෙනස බලපායි. (හයිගන් සංකල්පය) ආලෝකයේ පථයේ අපගමන කෝණයත් ආලෝක කදම්භය පෘෂ්ඨය සමඟ සාදන පතන කෝණයත් අතර අනුපාතය සහ මාධ්‍ය දෙකෙහි වර්තන අංක අතර අනුපාතය (ස්නෙල්ගේ නීතිය) මත රඳා පවතී. බොහෝ ද්‍රව්‍යවල (වීදුරු වැනි) වර්තන අංකය ආලෝකයේ තරංග ආයාමය හෝ භාවිතාකරනආලෝකයේ වර්ණය අනුව වෙනස් වේ. මෙම සංසිද්ධිය අපකිරණය ලෙස හැඳින්වේ. මෙය ආලෝකයේ වර්ණ වි‍භේදනය වීමට හා වෙනස් කෝණවලින් ප්‍රිස්මයෙන් පිට වී දේදුන්නක ආකාරයේ වර්ණාවලියක් ඇති කිරීමට හේතු වේ.මෙම ආචරණය සුදු ආලෝකයේ වර්ණ වර්ණාවලියේ වර්ණවලට වෙන් කිරීමට භාවිතා කරයි . සාමාන්‍යයෙන් ප්‍රිස්ම, විවර්තන ග්‍රේටිමවලට සාපේක්ෂව ඉහළ සංඛ්‍යාත පරාසයක් ආලෝකය අපකිරණය කරන නිසා ඒවා පුළුල් වර්ණාවලි වර්ණාවලීක්ෂය නිර්මාණයේදී යොදා ගනී. සියලු ග්‍රේටිමවලට පොදු වර්ණාවලි පෙළ අතිච්ඡාදනය වීමෙන් ඇතිවන සංකූලතා, ප්‍රිස්ම යොදාගත් විට ඇති නොවේ.
 
"https://si.wikipedia.org/wiki/ප්‍රිස්මය" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි