"බැටරි" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
No edit summary
4 පේළිය:
බැටරි පොදුවේ වර්ග 2කට වෙන් කරනු ලැබේ. ප්‍රාථමික (ඉවතලිය හැකි) හා ද්විතීක ( නැවත ආරෝපණය කළ හැකි) වශයෙනි. ප්‍රාථමික කෝෂවල රසායන ද්‍රව්‍ය අප්‍රතිවර්ත ලෙස ප්‍රතික්‍රියාව කර විද්‍යුතය උපදවන නිසා නිසා ඒවා රසායන ද්‍රව්‍ය අවසන් වන තෙක් ක්‍රියා කරන අතර එක් වරක් පමණක් භාවිතයට නිමවා ඇත. ද්විතීක කෝෂවල භාවිතා වන රසායනික ද්‍රව්‍ය ප්‍රතිවර්ත්‍යව ප්‍රතික්‍රියා කරන නිසා නැවත ආරෝපණය කළ හැක. ඒවා මඟින් ධාරාව ලබා දෙන දිශාවට විරුද්ධ දිශාව ඔස්සේ ධාරාවක් යැවීම මඟින් ආරෝපණය කළ හැක. ද්විතීක කෝෂ වාර ගණනාවක් නැවත ආරෝපණය කළ හැකි නිසා ඒවා ‘ආරෝපණය කළ හැකි කෝෂ’ සේද හැදින්වේ. නරක් වීමෙන් පසු සමහර බැටරි ප්‍රතිචක්‍රීකරණය කළ හැක.
 
මුල් කාලීනව යම් බැටරි ආකාරයක් භාවිතා කරන්නට ඇති වුව ද නූතන බැටරියේ වැඩි දියුණුව ඇරඹුනේ ඉතාලි ජාතික භෞතික විද්‍යාඥ ඇලෙස්සැන්ඩ්‍රෝ වෝල්ටා විසින් 1800 දී වෝල්ටීය පුංජය සොයා ගැනී‍මත් සමගය. ඉන්පසු බැටරිය ප්‍රවාහනය(එහා මෙහා ගෙනයාම)පහසු වීම නිසාත් එමඟින් කරගත හැකි කාර්යන් බහුල වීම නිසාත් ජනප්‍රියත්වයට පත් විය. බැටරිය පුළුල්ව භාවිතයත් සමග පරිසර පිළිබඳ මහත් අවධානයක් දැක්වීමට සිදුවිය. බැටරියේ අඩංගු [[බැර ලෝහ]] මඟින් සිදුවන පරිසර දූෂණය මීට හේතු විය. බොහෝ පිළිසැකසුම් සමාගම් ප්‍රතිචක්‍රීකරණය කිරීම මඟින් අපද්‍රව්‍ය බැහැර කිරීමේදී පොළවට යටවන බැටරි ප්‍රමාණය අවම කර ගැනේ.
 
==ඉතිහාසය==
අද සමාජයේ භහුල වශයෙන් භාවිතා කරන මෙම බැටරිය මුලින්ම සොයාගනු ලැබුයේ ඉතාලි ජාතික ,කොමෝ විශ්වවිශ්යාැලයේවිශ්වවිද්‍යාලයේ මහාචාර්යලමහාචාර්ය [[ඇලෙස්සැන්ඩ්‍රෝ වෝල්ටා]] විසිනි. ඉතාලි ජාතික ලුගී[[ලුයීජි ගැල්වානි]] 1791දී, දිනක් ගෙම්බෙකු විච්චේදනය කරමින් සිටින විට ගෙඹි කකුලෙ එක් පසක ස්නායු තන්තුවක් තඹ කම්බියකට සවිකර, අනෙක් කෙලවර විච්චෙදන පිහියේ සවිකර පිහිය මගින් ගෙඹි කකුලෙ ඇඟිලි ස්පර්ශ කරන විට කකුල මදක් ගැස්සෙන බව නිරික්ශණය කරන ලදී. මියගිය සතකුගේ පටක වලට විද්යුනතය ලබාදුන් විට මෙලෙස ගැස්සීමක් ඇතිවන බව පෙරසිටම දැනසිටි කරුණක් විය. ඇලෙස්සැන්ඩ්‍රෝ වෝල්ටා මෙම ගෙඹි කකුලේ ගැස්සීමද සිදුවනුයේ විදුලිය නිසා යැයි උපකල්පනය කළේය. ගෙඹි කකුලේ පවතින රසායනික සහ වෙනස් ලෝහ වර්ග දෙක නිසා මෙය සිදුවන බව හෙතෙම උපකල්පනයකර, පරීක්ශන පවැත්වීය. ඇලෙස්සැන්ඩ්‍රෝ වෝල්ටා ලුණු(NaCl(aq)) පෙඟවූ කඩදාසි දෙපසට Zn සහ Cu තහඩු තබා තනි කොශයක් සාදා එවැනි කෝශ ගනනාවක් සමාන්තරගතව සවිකර බැටරියක් නිපදවූයේය. මෙය වෝල්ටා පුංජය ලෙස හදුන්වයි.
 
==කෝශයක සිදුවන රසායනික ක්‍රියාවලිය==
"https://si.wikipedia.org/wiki/බැටරි" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි