"පටිච්චසමුප්පාදය" හි සංශෝධන අතර වෙනස්කම්

== දුක සකස් වීම ==
 
බුදු රජාණන් වහන්සේ නොයෙක් ආකාරයෙන් විස්තර කර වදාළේ [[පටිච්ච]] සමුප්පන්නව ම දුක සකස් වන බව යි.
 
{{cquote|'''කතමො ච, භික්‌ඛවෙ, දුක්‌ඛස්‌ස සමුදයො? චක්‌ඛුඤ්‌ච [[පටිච්‌ච]] රූපෙ ච උප්‌පජ්‌ජති චක්‌ඛුවිඤ්‌ඤාණං. තිණ්‌ණං සඞ්‌ගති ඵස්‌සො. ඵස්‌සපච්‌චයා වෙදනා; වෙදනාපච්‌චයා තණ්‌හා. අයං දුක්‌ඛස්‌ස සමුදයො... සෝතඤ්ච පටිච්ච... ඝානඤ්ච පටිච්ච... ජිව්‌හඤ්‌ච පටිච්‌ච... කායඤ්ච පටිචච... මනඤ්‌ච පටිච්‌ච ධම්‌මෙ ච උප්‌පජ්‌ජති මනොවිඤ්‌ඤාණං. තිණ්‌ණං සඞ්‌ගති ඵස්‌සො. ඵස්‌සපච්‌චයා වෙදනා; වෙදනාපච්‌චයා තණ්‌හා. අයං ඛො, භික්‌ඛවෙ, දුක්‌ඛස්‌ස සමුදයො'''<br/>
පින්වත් මහණෙනි, දුකෙහි හට ගැනීම යනු කුමක් ද? ඇසත් රූපයත් [[පටිච්‌ච|පටිච්චවීම]] නිසයි ඇසේ විඤ්ඤාණය උපදින්නේ. ඔය තුනේ එකතු වීම එස්ස නම්වේ. ඵස්ස හේතුවෙන් විඳීම ඇති වෙනවා; විඳීම හේතුවෙන් තණ්හාව ඇති වෙනවා; මෙය තමයි දුකේ හට ගැනීම. කණත් නිසා... නාසයත් නිසා... දිවත් නිසා... කයත් නිසා... මනසත් මනසට අරමුණු වන දේත් නිසයි මනසේ විඤ්ඤාණය උපදින්නේ. ඔය තුනේ එකතු වීම ස්පර්ශයයි. ස්පර්ශය හේතුවෙන් විඳීම ඇති වෙනවා; විඳීම හේතුවෙන් තණ්හාව ඇති වෙනවා; පින්වත් මහණෙනි, මෙය තමයි දුකේ හට ගැනීම.<br/>
'''කතමො ච, භික්‌ඛවෙ, දුක්‌ඛස්‌ස අත්‌ථඞ්‌ගමො? චක්‌ඛුඤ්‌ච පටිච්‌ච රූපෙ ච උප්‌පජ්‌ජති චක්‌ඛුවිඤ්‌ඤාණං. තිණ්‌ණං සඞ්‌ගති ඵස්‌සො. ඵස්‌සපච්‌චයා වෙදනා; වෙදනාපච්‌චයා තණ්‌හා. තස්‌සායෙව තණ්‌හාය අසෙසවිරාගනිරොධා උපාදානනිරොධො; උපාදානනිරොධා භවනිරොධො; භවනිරොධා ජාතිනිරොධො; ජාතිනිරොධා ජරාමරණං සොකපරිදෙවදුක්‌ඛදොමනස්‌සුපායාසා නිරුජ්‌ඣන්‌ති. එවමෙතස්‌ස කෙවලස්‌ස දුක්‌ඛක්‌ඛන්‌ධස්‌ස නිරොධො හොති. අයං දුක්‌ඛස්‌ස අත්‌ථඞ්‌ගමො... සෝතඤ්ච පටිච්ව... ඝානඤ්ච පටිච්ච... ජිව්‌හඤ්‌ච පටිච්‌ච... කායඤ්ච පටිච්ච... මනඤ්‌ච පටිච්‌ච ධම්‌මෙ ච උප්‌පජ්‌ජති මනොවිඤ්‌ඤාණං. තිණ්‌ණං සඞ්‌ගති ඵස්‌සො. ඵස්‌සපච්‌චයා වෙදනා; වෙදනාපච්‌චයා තණ්‌හා. තස්‌සායෙව තණ්‌හාය අසෙසවිරාගනිරොධා උපාදානනිරොධො; උපාදානනිරොධා භවනිරොධො ; භවනිරොධා ජාතිනිරොධො; ජාතිනිරොධා ජරාමරණං සොකපරිදෙවදුක්‌ඛදොමනස්‌සුපායාසා නිරුජ්‌ඣන්‌ති. එවමෙතස්‌ස කෙවලස්‌ස දුක්‌ඛක්‌ඛන්‌ධස්‌ස නිරොධො හොති. අයං ඛො, භික්‌ඛවෙ, දුක්‌ඛස්‌ස අත්‌ථඞ්‌ගමො'''<br/>
පින්වත් මහණෙනි, දුකේ නැති වීම යනු කුමක් ද? ඇසත් රූපත් නිසයි ඇසේ විඤ්ඤාණය උපදින්නේ. ඔය තුනේ එකතු වීම ස්පර්ශය යි. ස්පර්ශය හේතුවෙන් විඳීම ඇති වෙනවා. විඳීම හේතුවෙන් තණ්හාව ඇති වෙනවා. ඒ තණ්හාව ම ඉතිරි නැතිව නො ඇල්මෙන් නිරුද්ධ වීමෙන් උපාදාන නිරුද්‍ධ වෙනවා. උපාදාන නිරුද්‍ධ වීමෙන් භවය නිරුද්ධ වෙනවා.භවය නිරුද්ධ වීමෙන් ඉපදීම නිරුද්ධ වෙනවා. ඉපදීම නිරුද්‍ධ වීමෙන් ජරාමරණ, සෝක, වැළපීම්, දුක්දොම්නස් සුසුම් හෙළීම් නිරුද්ධ වෙනවා. ඔය ආකාරයට යි මුළුමහත් දුක්ඛස්කන්ධය ම නිරුද්ධ වන්නේ. මෙය තමයි දුකේ නැති වීම. කණත් නිසා... නාසයත් නිසා... දිවත් නිසා... කයත් නිසා... මනසත් මනසට අරමුණු වන දේත් නිසයි මනසේ විඤ්ඤාණය උපදින්නේ. ඔය තුනේ එකතු වීම ස්පර්ශය යි. ස්පර්ශය හේතුවෙන් විඳීම ඇති වෙනවා. විඳීම හේතුවෙන් තණ්හාව ඇති වෙනවා. ඒ තණ්හාව ම ඉතිරි නැතිව නො ඇල්මෙන් නිරුද්ධ වීමෙන් උපාදාන නිරුද්‍ධ වෙනවා. උපාදාන නිරුද්‍ධ වීමෙන් භවය නිරුද්ධ වෙනවා.භවය නිරුද්ධ වීමෙන් ඉපදීම නිරුද්ධ වෙනවා. ඉපදීම නිරුද්‍ධ වීමෙන් ජරාමරණ, සෝක, වැළපීම්, දුක්දොම්නස් සුසුම් හෙළීම් නිරුද්ධ වෙනවා. ඔය ආකාරයට යි මුළුමහත් දුක්ඛස්කන්ධය ම නිරුද්ධ වන්නේ. පින්වත් මහණෙනි, මෙය තමයි දුකේ නැති වීම.

සංස්කරණ

22,898

ක්

"https://si.wikipedia.org/wiki/විශේෂ:MobileDiff/361617" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි