"සසම්භාවී ප්‍රවේශ මතකය" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
No edit summary
No edit summary
1 පේළිය:
[[Image:Memory module DDRAM 20-03-2006.jpg|right|thumb|සසම්භාවී ප්‍රවේශ මතක-රැම්]]
'''සසම්භාවී-ප්‍රවේශ මතකය''' ('''Random­access memory - RAM /ræm/රැම්''') යනු ධාවනය වෙමින් පවතින වැඩසටහන් (ක්‍රමලේඛ) හා සිදුකරමින් සිටින ක්‍රියාවලීන්ට අවශ්‍ය දත්ත තාවකාලිකව රඳවා තබා ගැනීමට භාවිතා කරන [[පරිගණක දත්ත ගබඩාව| පරිගණක දත්ත ගබඩා]] ආකාරයකි. සසම්භාවී-ප්‍රවේශ උපාංගයක් විසින් ඕනෑම ගබඩා පරිස්ථානයක ගබඩා කර ඇති [[දත්ත]] ප්‍රවේශනය කිරීමේදී බොහෝ ලෙසින් එක සමාන කාල සීමාවක් ගත කරන බැවින්, දත්ත ප්‍රවේශනය කිරීම විගසින් හා ඕනෑම සසම්භාවී ආකාරයකට සිදු කල හැකි වෙයි.සසම්භාවී මතක උපාංග වල දත්ත වල භෞතික පිහිටීම (මතකය තුළ දත්ත පිහිටන ස්ථානය) නොසලකන බැවින් විවිධ ස්ථාන වල පිහිටියද දත්ත වෙත ප්‍රවේශ වීමට ගත වනුයේ එකම කාලයකි. රැම් එක තුළ ඇති [[දත්ත]] හා [[තොරතුරු]] වලට ඉතා ඉක්මනින් හා ඕනෑම අයුරකින්,එනම් නිශ්චිත අනුපිළිවෙලකින් තොරව පිවිසිය හැක. ([[දත්ත]]/[[තොරතුරු]] වෙත පිවිසීම යනුවෙන් අදහස් වනුයේ ඒවා කියවීම හා ලිවීමයි.) මීට ප්‍රතිවිරුද්ධ ලක්ෂණ දරන [[අනුක්‍රමික ප්‍රවේශ මතකය]] දෘඩ තැටි, සංගත තැටි, සංඛ්‍යංක බහුවිධ තැටි වැනි ආචයන මාධ්‍ය වල දැකිය හැක.සාමාන්‍යයෙන් රැම් ආකාරයේ මතකයක් පරිගණක චිප (Computer chips) තුළ පවතී.රැම් එකෙහි අන්තර්ගතයන් (ගබඩා වී ඇති [[දත්ත]]/[[තොරතුරු]]/උපදෙස්) වෙත වෙනත් ආකාරයේ තොරතුරු ගබඩා වලට වඩා වේගයෙන් ප්‍රවේශ විය හැකි නමුත් මෙහි ඇති වාෂ්පශීලී ගතිගුණය (Volatile) නිසා [[පරිගණකය]] ක්‍රියාවිරහිත වූ විට ගබඩා වී තිබූ අන්තර්ගතයන් මැකී යයි.මහත් පරිශ්‍රමයන් දරා වාෂ්පශීලී නොවන සසම්භාවී-ප්‍රවේශ මතකයන් ('''Non-volatile random-access memories (NVRAMs)''') ද නිපදවා දියුණු කර ඇති අතර<ref>{{cite web|last=Gallagher|first=Sean|title=Memory that never forgets: non-volatile DIMMs hit the market|url=http://arstechnica.com/information-technology/2013/04/memory-that-never-forgets-non-volatile-dimms-hit-the-market/|publisher=Ars Technica}}</ref> මිල අධික හා සාපේක්ෂව අවම වේගයකින් ක්‍රියා කරන බැවින් ඒවා භාවිතය අවමය. අනුකලිත පරිපථ රැම් චිප 1970 දශකයේ මුල භාගයේදී වෙළඳපළට පැමිණියේ 1970 ඔක්තෝම්බර් මස හඳුන්වා දුන් වාණිජමය වටිනාකමකින් යුත් පළමු ඩී-රැම් චිපය වන Intel 1103 සමගය. <ref>{{cite web|first=Mary|last=Bellis|url=http://inventors.about.com/library/weekly/aa100898.htm|title=The Invention of the Intel 1103}}</ref>
==පරිගණක මතක වර්ග දෙකකි.==
මතක වර්ග දෙකකි.
1. ප්‍රාථමික මතක(primary memories).
i. සසම්භාවී ප්‍රවේශ මතකය (RAM-Random Access Memory
Line 10 ⟶ 11:
 
මින් සසම්භාවී ප්‍රවේශ මතකය අයත් වන්නෙ ප්‍රාථමික මතක යටතටයි.ප්‍රාථමික මතකවල විශේෂත්වය වන්නෙ ඒවා ඍජුවම මධ්‍ය සැකසුම් ඒකකය(CPU-Central Processing Unit) සමග සම්බන්ධ වීමයි.මෙම ප්‍රාථමික මතක අතරින් පඨන මාත්‍ර මතකය (ROM-Read Only Memory) හැර අනෙක් සියල්ලේම කාර්යය සැකසුම් ඒකකය(CPU-Central Processing Unit)ට සැකසීමක් කිරීමට අවශ්‍ය දත්ත තාවකාලිකව ගබඩා කර තබා ගැනීමයි. ROM හි කාර්යය පරිගණකයක් පණගන්වා මෙහෙයුම් පද්ධතියට ප්‍රවේශ වීමට පෙර සිදුකරන කාර්යයන් සදහා අවශ්‍ය ස්ථීරාංග(Firmware) ගබඩා කොට තබා ගැනීමයි.
 
==විවිධ සසම්භාවී ප්‍රවේශ මතක වර්ග==
ගතික හා ස්ථිතික වශයෙන් සසම්භාවී ප්‍රවේශ මතක ප්‍රධාන වශයෙන් වර්ග 2කි. මෙම දෙවර්ගයම වාෂ්පශීලී ගුණය සහිතය. සාමාන්‍යයෙන් විවිධ වර්ගවල රැම් එකම [[පරිගණකය]]ක ක්‍රියාත්මක නොවේ. බොහෝ පරිගණක තුළ ඇත්තේ එක් වර්ගයකට අයත් රැම් පමණි. ඇතැම් ඒවායේ රැම් වර්ග ඉතා සීමිත ප්‍රමාණයක් භාවිත කළ හැක. බොහෝ විට විවිධ වර්ගයේ රැම් වල සම්බන්ධකද හැඩයෙන් එකිනෙකට වෙනස් වන බැවින් එක් [[පරිගණකය]]කට සම්බන්ධ කළ හැකි රැම් චිප ගණන සීමිත වේ.
===ගතික සසම්භාවී ප්‍රවේශ මතකය (ඩී-රැම්/Dynamic random access memory –DRAM)===
එස්-රැම් වලට සාපේක්ෂව මිල අඩුය. බහුලව පරිගණක තුළ භාවිත වේ. වත්මන් පරිගණක වල විවිධ වර්ගවල ඩී රැම් භාවිත වේ. 2002 වසරට පෙර බොහෝ පරිගණක වල භාවිත වූයේ එස්ඩීආර්-රැම් (single data rate (SDR) RAM)ය. පසුකාලීනව නිපදවුණු බොහෝ පරිගණක තුළ ඩීඩීආර් (double data rate (DDR)), ඩීඩීආර්2 හෝ ඩීඩීආර්3 රැම් භාවිත විය.
ඩීඩීආර්2 මගින් ඩීඩීආර් රැම් එකට වඩා ඉක්මනින් ගබඩාකර ඇති දත්ත වෙත පිවිසිය හැක. එවිට සකසනයට වඩාත් කාර්යක්ෂම ලෙස දත්ත සැකසීම සිදු කිරීමේ හැකියාවක් ලැබේ. සාපේක්ෂව ඩීඩීආර්3 වඩාත් වේගවත් ය.
===ස්ථිතික සසම්භාවී ප්‍රවේශ මතකය (SRAM/එස්-රැම්)===
දත්ත රඳවා තබා ගැනීමට බල ශක්තිය අවශ්‍ය නමුත් පරිගණකය ක්‍රියාත්මක තත්වයේ පැවතීම අවශ්‍ය නොවේ. ඇතැම් එස්-රැම් චිප වල විදුලි කෝෂ බලය උපයෝගී වේ(battery-backed). [[පරිගණකය]] ක්‍රියා විරහිත කළ විට දත්ත නොමැකීම සහතික කරගැනීමට මෙම වර්ගය තුළ චිපය හා එක්කොට සකසන ලද බැටරියක් අන්තර්ගත වේ.
ඩී-රැම් වලට සාපේක්ෂව මිල අධික,වේගවත් හා අවම බලශක්තියක් පරිභෝජනය කරන එස්-රැම් මතකයන් වත්මන් පරිගණකවල සකසනයේ වාරක මතකය ලෙස භාවිත වේ.
 
 
 
 
"https://si.wikipedia.org/wiki/සසම්භාවී_ප්‍රවේශ_මතකය" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි