"යාපනය රාජධානිය" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
98 පේළිය:
===අවනත රාජ්‍ය යුගය===
විසුරේ දොම් කොන්ස්තන්තිනෝද බ්රුගන්සාගේ නායකත්වයෙන් 1560 දී කළ පළමු යුද්ධ චාරිකාවේදි රාජ්‍ය යටපත් කර ගැනීමට අපොහොසත් වු නමුදු මන්නාරම් දුපත උදුරා ගන්නා ලදී. සිද්ධිය පිලිබද විස්තර අපහැදිලි නමුත් 1582 වන විට යාපනයේ රජු ඇතුන් 10 දෙනකු හෝ ඒ වටිනාකමට සමා‍න මුදලක් කප්පම් වශයෙන් ගෙවමින් සිටියේය. අන්ද්‍රේ ෆමාර්ඩෝද මෙන්ඩොන්සාගේ නායකත්වයෙන් 1591 දී කළ දෙවැනි යුද්ධ චාරිකාවේදි පුවිරාස සිංහම් රජ තනතුරෙහි පිහිටු වන ලදී. ඔහුගේ පුත‍ා වු එදිරිමාන්න කතෝලික මිෂනාරි වරුන් ඔවුන්ගේ කටයුතු කරගෙන යාමට නිදහස ලැබුණු අතර රජු විරුද්ද වුවත් නැතත් පෘතුගාලයට ඇතුන් යැවීමේ ඒකාධිකාරයද ලැබුණි. ඔහු 1 වෙනි විමළධර්ම සුරිය සහ සෙනරත් රජුන් යටතේ වු මහනුවර රාජ්‍යයට (1593 – 1635 කාලය තුල) උදවු කළේ පෘතුගිසින්ට එරෙහිව කටයුතු කිරීමට දකුණු ඉන්දියාවෙන් උදව් ලබා ගැනීමේ අදහස ඇතිවයි. කෙසේ වෙතත් ඔහු පෘතුගිසින් ඕනෑවට වඩා කුපිත කිරීමකින් තොරව රාජ්‍යයේ ස්වාධීනව තබාගැනීමට කටයුතු කළේය.
==අවසානය==
===අරාජික යුගය===
1617 දී සිදුවු පරරාජසේකරම්ගේ මරණයෙන් පසු ඔහු විසින් රජකමට නම් කල තැනැත්තා මරාදමා අනියමින් රාජ්‍ය බලය ලබා ගත්තේ 11 වැනි සංකිලිය. ඔහුගේ රාජ්‍යත්වය පෘතුගිසීන් පිලි නොගත් බැවින් 11 සංකිලි තන්ජෝර් නායක් වෙතින් යුධ ආධාර ඉල්ලා සිටියේය. තවද මලබාර්ගි මුහුදු කොල්ල කරුවන්ට නෙදුන්තිවු හි කදවුරක් පාවිච්චි කිරීමට අවසර දුන්නේය . පෝක් සමුද්‍ර සන්දිය හරහා පෘතුගිසින්ගේ නැව් ගමනා ගමනයට එය තර්ජනයක් විය. 1619 චලබාර් හි මුහුදු කොල්ලකරුවන් විසින් ව්‍යවර්ථ කරන ලදී.
1617 දී යාපනය රාජ්‍යයට උරුම කරුවෙකු නොවු 11 සංගිලි පෘතුගිසීන් හා ගැටුනේය.
 
===පෘතුගිසීන් ශ්‍රී ලංකාවේ කොටසක් වීම===
සංගිලි පරාජය විය. එයින් පසු එතෙක් එහි පැවති ස්වාධීනත්වය 1619 දී නිමාවට පත්විය. පිලිප් ද ඔලිවේජා විසින් කළ දෙවැනි ආක්‍රමණයට 5000 ක් වු බලසම්පන්න හමුදාවක් සහභාගි වුහ. ඔහු 11 වැනි සංකිල පරාජය කලේය. සංකිල සහ ඒ වන විට ඉතිරිව සිටි රාජකීය පවුලේ අනෙකුත් සාමාජිකයන් අල්ලා ගනු ලැබ ගෝවට ගෙන ගොස් එහිදි එල්ලා මරණු ලැබුහ. අල්ලා ගත් ඉතිරි පිරිසට දේවගැති වරු වීමට බල කරන ලදී. බොහෝ දෙනා ඊට එකග වුහ. මේ නිසා යාපනය රාජ්‍යයට තවදුරටත් උරුමක් කාරයෙකු ඉතිරි නොවීය.
"https://si.wikipedia.org/wiki/යාපනය_රාජධානිය" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි