"ඔලිම්පික්" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
Removing Link GA template as it is now available in wikidata
ටැග: ජංගම සංස්කරණය ජංගම යෙදුම් සංස්කරණය
233 පේළිය:
[[File:Charlotte Cooper.jpg|upright|thumb|මහා බ්‍රිතාන්‍යෙය් ටෙනිස් ක්‍රීඩිකා චාලට් කූපර් - ප්‍රථම කාන්තා ඔලිම්පික් ශූරිය - 1900 උළෙලේ දී]]
 
ප්‍රථම වරට ඔලිම්පික් උළෙලකට කාන්තාවන්ට සහභාගී වීමේ අවස්ථාව ලබා දුන්නේ 1900 වර්ෂයේ දී වුව ද 1992 ඔලිම්පික් උළෙල වන විටත් කිසිඳු ඔලිම්පික් උළෙලකට ක්‍රීඩිකිවන් සහභාගී නොකරවූ රටවල් 35 ක් තිබී ඇත. <ref name="nytimes.com" /> පසු කාලයේ දී එම සංඛ්‍යාව ශීඝ්‍රෙයන් අඩු විය. 1996 ඇට්ලන්ටා උළෙලේ දී වෙඩි තැබීමේ ඉසව්වට සහභාගී වූ ලීටා ෆැරිමන්, [[ඉරානය]] වෙනුවෙන් ඔලිම්පික් නියෝජනය කළ ප්‍රථම ක්‍රීඩිකාවයි. <ref>Henderson, John. [http://www.denverpost.com/sports/ci_14481174 "Iranian Olympic skier Kalhor a pioneer"], ''Denver Post'', 27 February 2010</ref> 2000 වසරේ දී ෆාතිමා හමීඩ් ගරාෂි සහ මාරියම් මොහොමඩ් හාඩි අල් හිලි යන ක්‍රීඩිකාවෝ දෙදෙනා ප්‍රථම වරට බහරේනය නියෝජනය කරමින් ඔලිම්පික් උළෙලට සහභාගී වූහ. <ref>[http://sportsillustrated.cnn.com/olympics/news/2000/09/23/anderson_arab_women/ "Arab women make breakthrough at Games"], CNN, 23 September 2000</ref> ඇෆ්ගනිස්ථානය නියෝජනය කරමින් ඔලිම්පික් උළෙලක තරග වැදීමට වරම් ලද ප්‍රථම ක්‍රීඩිකාවන් වූයේ රබීනා මුකිමයර් සහ ෆරීබා රෙසායි යන දෙදෙනායි. (2004 ඇතන්ස්) <ref>[http://news.bbc.co.uk/2/hi/south_asia/3826673.stm "Afghan women's Olympic dream"], BBC, 22 June 20042005</ref> 2008 වසරේ දී ටයිකොන්ඩෝ තරගයට සහභාගී වූ මයිතා බින්ට් මොහොමඩ් බින් රෂීඩ් අල් මක්ටූම් ක්‍රීඩිකාව සහ අශ්වාරෝහණ තරගයට සහභාගී වූ ලතීෆා අල් මක්ටූම් ක්‍රීඩිකාව එක්සත් අරාබි එමීර් රාජ්‍ය වෙනුවෙන් ප්‍රථම වතාවට ඔලිම්පික් නියෝජනය කළ ක්‍රීඩිකාවන් ය. ඔවුන් දෙදෙනාම ඩුබායි රජ පවුලේ සාමාජිකයන් වීම විශේෂත්වයකි. <ref>{{cite news |title=Should Saudi Arabia be Banned from the Olympics? |url=http://www.huffingtonpost.com/david-wallechinsky/should-saudi-arabia-be-ba_b_115736.html |publisher=''Huffington Post'' |date=29 July 2008 |first=David |last=Wallechinsky}}</ref>
 
20102011 වන විටත් [[සවුදි අරාබිය]], බෘනෙයි සහ කටාර් රාජ්‍යය යන රටවල් කිසිඳු ඔලිම්පික් උළෙලකට ක්‍රීඩිකාවන් සහභාගී කර නොතිබිණ. බෘනෙයි රාජ්‍යය වරකට එක් ක්‍රීඩකයා බැගින් වසර තුනකදී පමණක් ඔලිම්පික් නියෝජනය කර තිබුණි. නමුත් සවුදි අරාබිය සහ කටාර් රාජ්‍යය නිරතුරු ව ඔලිම්පික් නියෝජනය කළේ පිරිමි කණ්ඩයම් සමග පමණි. 2010 වසරේ දී අන්තර්ජාතික ඔලිම්පික් කමිටුවේ කාන්තා ක්‍රීඩා කමිටුවේ සභාපතිනිය වූ අනීතා ඩිෆ්‍රැන්ට්ස්, කාන්තාවන් සහභාගී නොකරවන්නේ නම් 2012 ඔලිම්පික් උළෙල නියෝජනය කිරීමේ අවස්ථාව ලබා නොදෙන බවට නිවේදනයක් නිකුත් කරමින් සවුදි අරාබියට සහ කටාර් රාජ්‍යයට කාන්තාවන් සහභාගී කරවීමට බල කළාය. ඉන් අනතුරුව 2012 ඔලිම්පික් උළෙලේ වෙඩි තැබීම සහ කඩු හරඹ ඉසව්වලට ක්‍රීඩිකාවන් සහභාගී කරවීමට තමන් බලාපොරොත්තු වන බව කටාර් රාජ්‍යය දන්වා සිටියේ ය.
 
2008 වසරේ දී ගල්ෆ් කටයුතු සම්බන්ධ කාර්යාංශයේ අධ්‍යක්ෂවරයා වූ අල් අල්-අහමඩ්, සවුදි අරාබිය වෙතට ත් පෙර කී පරිදි අනතුරු ඇඟවීමක් කරමින් පැවසුවේ කාන්තාවන්ට ඔලිම්පික් සඳහා සහභාගී වීමට අවස්ථවක් නොදීම අන්තර්ජාතික ඔලිම්පික් ප්‍රඥප්තිය උල්ලංගනය කිරීමක් බවය. තවදුරටත් ඔහු සඳහන් කළේ පසුගිය වසර 15ක කාලය පුරාම ලොව පුරා ඇති විවිධ අන්තර්ජාතික රාජ්‍ය නොවන සංවිධාන විසින් සවුදි අරාබියට ඔලිම්පික් තහනම් කිරීම සඳහා නීති ගෙන ඒමට අන්තර්ජාතික ඔලිම්පික් කමිටුවට බලපෑම් කරනු ලබන බව ය. ඔලිම්පික් සඳහා කාන්තාවන්ගේ සහභාගීත්වය වැඩි කර ගැනීමට අන්තර්ජාතික ඔලිම්පික් කමිටුව ගත් පියවර සාර්ථක විය. එනමුත් රටවල්වලට අනතුරු අඟවමින් ඔවුන්ගේ ඔලිම්පික් තත්ත්වය පහත හෙලීමේ හෝ අවලංගු කිරීමේ ස්ථාවරයක සිටීමට අන්තර්ජාතික ඔලිම්පික් කමිටුව අකමැති විය. <ref name="nytimes.com" /> 2010 ජූලි මාසයේ දී ''The Independent'' සඟරාව ඒ සම්බන්ධව මේ අයුරින් වාර්තා කර තිබිණි. "සවුදි අරාබියට ඔලිම්පික් තහනම් කිරීමට අන්තර්ජාතික ඔලිම්පික් කමිටුවට කෙරෙන බලපෑම් එන්න එන්නම වැඩි වන අයුරු දක්නට ලැබේ. 2012 වසර වන විට කාන්තාවන්ට ඔලිම්පික් වරම් ලබා ගැනීම අවහිර කරන එකම ප්‍රධාන රාජ්‍යය සවුදි අරාබියයි. 2012 වසරේ දී ත් පිරිමි පමණක් සමන්විත වන කණ්ඩායමක් ලන්ඩන් ඔලිම්පික් උළෙලට යවන්නේ නම්, කාන්තා අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටින සංවිධානවල උද්ඝෝෂණයන්ට මුහුණ දීමට ඔවුන්ට සිදු වනු ඇත.“<ref name="independent.co.uk" />
"https://si.wikipedia.org/wiki/ඔලිම්පික්" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි