"විකිපීඩියා:සම්භූති චින්තනයෙන් වැළකෙන්න" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
සංස්කරණය
සංස්කරණය
7 පේළිය:
'''විකිපීඩියා ලිපි තුල සම්භූති චින්තන අඩංගු නොවිය යුතුය'''. "සම්භූති චින්තන" (සචි) යන පදය විකිපීඩියාව තුල භාවිතාවන්නේ [[WP:V#විශ්වාසනීය මූලාශ්‍ර |විශ්වාසනීය හා ප්‍රකාශයට පත් කෙරුණු මූලාශ්‍ර]] නොපවතින —තතු, දෝෂාරෝපණ සහ අදහස් වැනි— කරුණු හැඳින්වීමටය. <ref name=Exists> "පවතින" යන පදයෙන් ප්‍රජාව අදහස් කරන්නේ, ලිපිය තුල දැනට කිසිම මූලාශ්‍රයක් නම් කර නොතිබුනද, විශ්වාසනීය මූලාශ්‍රය ප්‍රකාශයට පත් කිරීම දැනට කර ඇති අතර එම මූලාශ්‍රය තවමත්—එය වෙතට මාර්ගගත ලෙසින් ප්‍රාප්ත විය හෝ නොහැකි හෝ වූවද, ලොව කිසියම් තැනක, කිසියම් භාෂාවකින්— පවතින බවයි. ඇතුලත් කර ඇති කරුණු සමස්ත අංශු මාත්‍රයක්ම, ප්‍රකාශයට පත් කෙරුණු සහ විශ්වාසනීය මූලාශ්‍රයකින් වෙතින් අනුග්‍රහය ලබන බවට {{අවධා|සාධාරණ අපේක්ෂණයක්}} තිබේ නම්, කිසිම ආකාරයක ආශ්‍රිත දැනට අඩංගු නොවන ලිපි පවා මෙම ප්‍රතිපත්තියට පූර්ණ වශයෙන් අනුකූල වෙයි.. </ref> [[#ප්‍රකාශයට පත් කර ඇති කරුණු සංස්ලේෂණය කිරීම | එම මූලාශ්‍රයෙහි පැහැදිලි ලෙසින් ප්‍රකාශ කර නොමැති නිර්ණයයක් වෙත එළඹීමට හෝ එවැන්නක් ඇඟවීමට හෝ හැකි වන පරිද්දෙන්]] ප්‍රකාශිත කරුණු අරභයා කිසියම් නව විශ්ලේෂණය හෝ සංස්ලේෂණය හෝ සිදු කිරීමද නොකල යුතු දේ අතරට අයත් වෙයි. ඔබ විසින් සම්භූති චින්තනය ලිපියට එක් නොකරන බවට ආදර්ශනය කිරීම සඳහා ඔබ විසින් කල හැක්කේ, ලිපියෙහි මාතෘකාවට {{අවධා|සෘජු ලෙසින් සබැඳි }} සහ ඉදිරිපත් කර ඇති කරුණු වලට {{අවධා|සෘජු ලෙසින් අනුග්‍රහය දක්වන }} විශ්වාසනීය සහ ප්‍රකාශයට පත් කර ඇති මූලාශ්‍ර උපුටා දැක්වීමයි. (මෙම සම්භූති චින්තන ප්‍රතිපත්තිය [[උදවු:සාකච්ඡා පිටු භාවිතා කිරීම |සාකච්ඡා පිටු]] සඳහා නොයෙදෙයි.)
 
විකිපීඩියාවේ පලවන සියළුම කරුණු ඇත්ත වශයෙන්ම දැනට එසේ {{අවධා|උපලක්ෂණය නොකර තිබුණද}}, විශ්වාසනීය හා ප්‍රකාශයට පත් කෙරුණු මූලාශ්‍රයකට {{අවධා|උපලක්ෂණය කල හැකි}} විය යුතු බව, සම්භූති චින්තනය පිළිබඳ පනවා ඇති තහනම වෙතින් අදහස් වෙයි.<ref name="Exists" /> විකිපීඩියා [[විකිපීඩියා:සත්‍යෝක්ෂ්‍යතාව | සත්‍යෝක්ෂ්‍යතා]] ප්‍රතිපත්තිය පවසන්නේ, සියළු උද්ධරණයන් සඳහා මෙන්ම [[WP:අභියෝගයට ලක්වීම|අභියෝගයට ලක්වී ඇති හෝ අභියෝගයට ලක්වීමට ඉඩ ඇති හෝ]] ඕනෑම කරුණක් සඳහා, විශ්වාසනීය මූලාශ්‍රයක් වෙතට පේළි ගත උපහරණයක් දැක්විය යුතු අතර, කිසි අයුරින් අභියෝගයට ලක් නොවන කරුණු සඳහා වුවද, මූලාශ්‍රයක් {{අවධා|පැවතිය යුතු}} බවයි. නිදසුනක් වශයෙන්: කිසි කෙනෙක් මෙය අභියෝගයට ලක් කරතැයි සිතිය නොහැකි නිසා, <!-- DO NOT CHANGE THE WORD ORDER IN THE Paris-France SENTENCE -->"ප්‍රංශයෙහි අගනුවර පැරිස් වෙයි"<!-- DO NOT CHANGE THE WORD ORDER IN THE Paris-France SENTENCE - it was chosen deliberately because some other Parises are not capitals of France --> යන ප්‍රකාශය සඳහා මූලාශ්‍ර අවශ්‍ය නොවන්නේ නමුදු, එය සඳහා මූලාශ්‍ර පවතින බවට අපි දනිමු. ඉහත ප්‍රකාශය {{අවධා|උපලක්ෂණය කර නොතිබුනද}}, එය {{අවධා|උපලක්ෂණය කල හැකි වෙයි}}.
 
== සටහන් ==