"තරගකාර නීතිය" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
No edit summary
 
1 පේළිය:
එක්සත් ජනපදයෙහිදී '''ප්‍රතිභාරකාර නීතිය''' ලෙසින්ද හැඳින්වෙන, '''තරගකාර නීතිය''' යනු, සමාගම් වල [[ප්‍රති-කරගකාරී]] පිළිවෙත් නියාමනය කරමින් [[වෙළෙඳපොල තරගකාරීත්වය]] සඳහා අනුග්‍රහය දක්වන හෝ පවත්වාගෙන යන හෝ [[නීතිය]] වෙයි.
 
20 වන සියවස ආරම්භවීමත් සමඟ ඇමරිකාවේ ප‍්‍රධාන වෙළඳපොළ තුල විශ්වාසය නැතිවීයාම හේතුකොටගෙන බිහිවූ නූතන තරඟකාරීත්ව නීතිය එක්සත් ජනපද ෂර්මන් පනත ආදර්ශ කොටගෙන බිහිවූවකි.
 
==ප්‍රධාන අංග==
තරඟකාරීත්ව නීතිය එක්සත් ජනපදය තුල ප‍්‍රතිහාර නීතිය ලෙසින් හැඳින්වෙන අතර එහි ප‍්‍රධාන අංගයන් පහත දැක්වේ.
 
ව්‍යාපාරික ආස්තිත්‍යයන් අතර නිදහස් වෙළඳාම සහ තරඟකාරීත්වය සීමා කරන ගිවිසුම් සහ පරිචයන් තහනම් කිරීම. මෙයට ද්වන්ධ වෙළඳ අධිකාරයන් මැඬපැවැත්වීමද අයත් වේ. වෙළඳපොළ ආධිපත්‍යය දරන ආයතනයන්ගේ එකී තත්වය පවත්වාගෙන යාම සඳහා සිදුකරන්නාවූ තරඟකාරීත්වට විරුද්ධ පරිචයන් සහ ප‍්‍රකෝපකාරී හැසිරීම් තහනම් කිරීම. මේ ආකාරයෙන් පරිචයන් නියාමනය කිරීමට කොල්ලකාරී ලෙස මිළ ගණන් නියම කිරීම, මිළ ඉහල දැමීම ගණුදෙනු කිරීම ප‍්‍රතික්ෂේප කිරීම ආදිය ඇතුලත් වේ.
විශාල සමාගම්වල ඒකාබද්ධවීම් සහ අත්පත් කරගැනීම් අධීක්‍ෂණය කිරීම, තරඟකාරීත්ව කි‍්‍රයාවලියට බාධාකාරී වන්නාවූ ගණුදෙනු තහනම් කිරීම, කිසියම් විසඳුම් යෝජනා කර සිටීම ආදිය මෙහිදී සිදුවේ. තරඟකාරීත්ව නීතියේ හරය සහ පරිචයන් අධිකරණ බලය අනුව වෙනස් වෙයි. පාරිභෝගිකයන්ගේ අභිරුචීන් ආරක්‍ෂා කිරීම (පාරිභෝගික සුභසාධනය) , ව්‍යවසායකයින්ට තරඟ කිරීමට අවස්ථාව ලබාදීම (වෙළඳපොළ ආර්ථිකය) , මෙහි වැදගත් අරමුණු ලෙස සලකනු ලැබේ. වෙළඳපොළ වෙත ප‍්‍රවේශය වෙළඳ ද්‍රව්‍යයන් මත රජයේ සහන ලබාදීම රාජ්‍ය හිමිකාරත්වය යටතේ පවත්නා දේපළ ආරක්‍ෂා කිරීම, ස්වාධීන නියාමන ආයතනයන් ස්ථාපිත කිරීම ආදිය සමඟ තරඟකාරීත්ව නීතිය තදින් බැඳී පවතී. පසුගිය දශක කිහිපය තුල තරඟකාරීත්ව නීතිය වඩා හොඳ මහජන සේවයක් සැපයීමේ ක‍්‍රමවේදයක් ලෙසින් සලකනු ලැබ ඇත.
 
වෙළඳපොළ පරිචයන් ශ්‍රේණීන් සහ රජයන් හැමවිටම නිරීක්‍ෂණයට සහ සමහර අවස්ථාවන්හි දැඩි බාධක පැනවීම් වලට ලක්ව ඇත. 20 වන සියවසේ සිට මෙම නීතිය ගෝලීය එකක් බවට පත්ව ඇත. විශාලතම තරඟකාරීත්ව නියාමනයන් වන්නේ එක්සත් ජනපද ප‍්‍රතිහාර නීතිය සහ යුරෝපීය ප‍්‍රජාවේ තරඟකාරීත්ව නීතියයි. ලෝකය පුරා ජාතික හා කලාපීය අධිකාරීන් විසින් ජාලයන් බලාත්මක කිරීම සඳහා ජා්‍යන්තර සහයෝගය ලබාදී ඇත.
 
== ප්‍රතිභාර නීතිය - තරඟකාරී නීතියේ ඉතිහාසය ==
Line 36 ⟶ 47:
 
== ප්‍රතිභාර නීතියෙහි වෙළඳ ආධිපත්‍යය හා ඒකාධිකාරය ==
[[Image:Monopoly-surpluses.svg|thumb|right|The economist's depiction of [[deadweight loss]] to efficiency that monopolies cause]]
[[Image:Monopoly-surpluses.svg|thumb|right|The economist's depiction of [[deadweight loss]] to efficiency that monopolies cause]]
 
තරඟකාරී වෙළෙඳ පොළවල් හා සැසදීමේ දී විශාල වෙළඳ ‍භාගයක් (Market share) හිමි සමාගම් විසින් වැඩි මිලට තත්ත්වයෙන් බාල භාණ්ඩ පාරිභෝගිකයා අතට පත් කිරීමේ අවධානමක් පවතී. කේසේ නමුත් නව නිෂ්පාදන වෙළෙඳ පොළට ඇතුල්වීම නිසා, ඉහළ වෙළෙඳ භාගයක් හිමි ආයතනවලට මිල ඉහළ දැමීමට ඇති ඉඩකඩ අහුරාලයි. එහෙත් එවැනි ඉතා ඉහළ වෙළෙඳ භාගයන් පැවතීම යන්නේ සැමවිටම පාරිභෝගිකයා විසින් මිලදි ගන්නා භාණ්ඩවලට වැඩි මිලක් ගෙවිය යුතු යැයි අදහස් නොවේ. තරඟකාරී නීතිය මඟින් හුදෙක් වෙළෙඳ සමාගම් සතුව ඒකාධිකාරයක් පැවතීම තහනම් කිරීමක් සිදුනොකරන අතර ඒකාධිකාරී බලය ඇත්තා එය අනිසි ලෙස භාවිතා කිරීම(තරඟකරුවන් නිෂේධනය කිරීම වැනි ක්‍රියාකාරකම්) පමණක් වළක්වාලයි.
 
"https://si.wikipedia.org/wiki/තරගකාර_නීතිය" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි