"ඇපලෝ වැඩසටහන" හි සංශෝධන අතර වෙනස්කම්

සංස්කරණ සාරාංශයක් නොමැත
{{verylong|date=අගෝස්තු 2011}}
[[Image:Apollo_program_insignia.png |thumb|alt=tiny globe|ඇපලෝ වැඩසටහන් ලාංඡනය]]
ඇපලෝ වැඩසටහන 1961 – 1975 වර්ෂ අතර තුර මිනිසුන් සහිත චන්ද්‍ර ගමන් ඇති කිරීමේ අරමුණ මත නාසා මගින් අරඹන ලදී. එය මිනිසුන් සහිත අභ්‍යවකාශ ගමන් වැඩ සටහනකි. ජනාධිපති ජෝන් එෆ් කෙනඩි විසින් මෙම අරමුණ 1961 දී ප්‍රකාශයට පත් කළ අතර එය 1969 ජුලි 20 වන දා නිල් ආම්ස්ට්‍රෝන් හා බස් ඔල්ඩ්‍රින් විසින් ඇපලෝ 11 මෙහෙයුම අතරතුරදී ඉටු කරන ලදී. වෙනත් ඇපලෝ මෙහෙයුම් 5 ක් විසින්ද ගගනගාමීන් චන්ද්‍රයා මතට ගොඩ බස්සවන ලදී. ඒවායින් අවසාන ගමන සිදුවුයේ 1972 දීය. මෙම ඇපලෝ අභ්‍යවකාශ ගමන් 6 මිනිසුන් වෙනත් ලෝකයක් මත පා තැබූ අවස්ථාවන් විය.විශේෂයෙන් ඇපලෝ චන්ද්‍රයා මතට ගොඩබෑම, මනුෂ්‍යය ඉතිහාසයේ ලැබු විශාලම ජයග්‍රහණයක් ලෙස සැලකේ.
 
 
[[Image:Aldrin_Apollo_11_original.jpg|thumb|alt=tiny globe|1969 දී බස් ඇල්ඩ්‍රින්, ඇපලෝ 11 හි ප්‍රථම සඳ මතට ගොඩට බැසීමේ මෙහෙයුම]]
==ඇපලෝ වැඩසටහනෙහි පසුබිම ==
එක්සත් ජනපදයේ මර්කරි (Mercury) වැඩ සටහනේ දෙවැනි කොටස ලෙස අයිසන් හවර් පාලන සමය තුළ 1960 දශකයේ මුල් භාගයේ දී ඇපලෝ (Apollo) වැඩ සටහන පිළිබද සංකල්පය මුල් වරට ඉදිරිපත් විය. මර්කරි කැප්සුලය මගින් සීමිත පෘතුවි කක්ෂීය මෙහෙයුමක් වෙනුවෙන් එක් ගගන ගාමියෙක් පමණක් රැගෙන යාමේ හැකියාව පැවතිණි. නමුත් ඇපලෝ යානය අභ්‍යවකාශගාමීන් තිදෙනෙකු චන්ද්‍රයා වටා කක්ෂයක් දක්වා ගෙනයාම අරමුණු කොට ගෙන නිර්මාණය වු අතර එහිදී සදමත ගොඩ බැසීමක් සදහා ද ඉඩ කඩ සැලසිණි. මෙම වැඩසටහන නාසා (NASA) ආයතනයේ පාලක අබේ සිල්වස්ටයින් විසින් ආලෝකය සහ දුනු ශිල්පයට අධිපති ග්‍රීක දෙවියාගේ නමින් නම් කරන ලදී. පසුව “මම අභ්‍යවකාශ යානය මගේම බිළිදෙකු නම් කරන ලෙසට නම් කලෙමි.” යැයි ඔහු පැවසීය. නාසා ආයතනය ඇපලෝ ව්‍යාපෘතිය සැලසුම් කිරීමේ කටයුතු දිගින් දිගටම කර ගෙන ගිය නමුත් වැඩ සටහන සඳහා මුදල් ප්‍රතිපාදන ලැබීම ස්ථිර වී නොතිබුණි. මේ තත්ත්වය මිනිසුන් සහිත අභ්‍යවකාශ චාරිකා කෙරෙහි අයිසන් හවර් දැක්වු සැක සහිත ආකල්පය හේතුවෙන් පැන නැගුණකි. 1960 වර්ෂයේ නොවැම්බර් මාසයේදී අභ්‍යවකාශ ගවේෂණය සහ මිසයිල ආරක්ෂණය යන ක්ෂේත්‍ර ඔස්සේ සෝවියට් සංගමයට සාපේක්ෂව ඇමරිකාව ඉහළ මට්ටමකට ඔසවා තබන බවට පොරොන්දු වෙමින් ගෙන ගිය ඡන්ද ව්‍යාපාරයක් ඔස්සේ ජෝන් F කෙනඩි ජනාධිපති ධුරයට පත් විය. ඔහු අභ්‍යවකාශ ගවේෂණය ජාතික අභිමානයෙහි සලකුණක් ලෙස භාවිතා කල අතර එක්සත් ජනපදය සහ සෝවියට් සංගමය අතර මිසයිල අන්තරයක් පිළිබද අනතුරු ඇඟවීය. ඒ අතරම ඔහු එක්සත් ජනපද මිසයිල ක්ෂේත්‍රයේ පෙරගමන්කරුවා මෙන්ම හදිසි තත්ත්වයකදී එම ක්ෂේත්‍රය පළමුවරට භාවිත කරන රාජ්‍යය බවට පත් කිරීමට ද පොරොන්දු විය. කෙසේ වෙතත් කෙනඩි ජනාධිපති ධුරයට පත් වු වහාම ඇපලෝ වැඩසටහනේ තත්ත්වය පිළිබද නිගමනයකට එළඹීමෙන් වැළකුණි. අභ්‍යවකාශ වැඩසටහනෙහි තාක්ෂණික විස්තර පිළිබද ඔහුගේ දැනුම අවම වු අතර මිනිසුන් සහිත යානයක් සද මත ගොඩ බෑම සදහා වියදම් කල යුතු විශාල මුදල ඔහු අධෛර්යයට පත් කරන්නක් විය. නාසා ආයතනයේ පාලකයා වු ජේම්ස් වෙබ් සිය ආයතනය සදහා ලබා දෙන ප්‍රතිපාදන 30% කින් ඉහළ නංවන ලෙස ඉල්ලා සිටි විට කෙනඩි නාසා ආයතනයේ විශාල හුවන වැඩසටහන වේගවත් කිරීම සදහා සහයෝගය පලකල නමුත් වඩාත් වැදගත් කරුණු සම්බන්ධයෙන් නිසි තීරණයක් ලබාදීමෙන් වැලකී සිටියේය.
 
 
1961 වසරේ අප්‍රේල් 12 වන දින සෝවියට් ගගනගාමී යුරි ගගාරින් අභ්‍යවකාශයට ගමන් කල ප්‍රථම මිනිසා බවට පත් විය. එත් සමගම සෝවියට් සංගමය සමග පැවති තාක්ෂණික තරඟයෙන් ඇමරිකාව පරාජයට පත් වනු ඇති බවට තිබු සැකය ශක්තිමත් විය. යුරි ගගාරීන් සිය චාරිකාව සිදු කල දිනට පසු දින පැවති විද්‍යාව සහ අභ්‍යවකාශ විද්‍යාව පිළිබද එක්සත් ජනපද නියෝජිත මන්ත්‍රී මණ්ඩල කමිටු රැස්වීමකදී බොහෝ කොන්ග්‍රස් සභිකයන් එක්සත් ජනපදයේ මට්ටම ඉහළ නැංවීම ඉලක්ක කර ගත් හදිසි වැඩසටහනක් සදහා සහයෝගය පල කලහ. කෙසේ නමුත් කෙනඩි යුරි ගගාරින්ගේ චාරිකාව පිළිබද ප්‍රවෘත්තියට පරීක්ෂාකාරීව ප්‍රතිචාර දැක්වීය. සෝවියට් සංගමයේ වැඩසටහනට ඇමරිකාව දක්වන ප්‍රතිචාරය ස්ථිරව ප්‍රකාශ කිරීමෙන් කෙනඩි වැලකී සිටියේය. අප්‍රේල් 20 වැනි දින උප ජනාධිපති ලින්ඩන් B ජොන්සන් හට කෙනඩි විසින් එක්සත් ජනපද අභ්‍යවකාශ වැඩසටහනේ තත්ත්වය සහ නාසා ආයතනයට සිය තත්ත්වය ඉහළ නංවා ගැනීමට ආධාර විය හැකි වැඩ සටහන් පිළිබද සොයා බලන මෙන් සිහි කැද වීමක් යවන ලදී. පසු දින ජොන්සන් මේ සම්බන්ධයෙන් පහත පරිදි පිළිතුරක් යවන ලදී. “අප නායකත්ව පිහිටුමක් වෙත ළඟා වීමට අපේක්ෂා කරන්නේ නම් ඒ සඳහා අප මේ වන විට උපරිම උත්සාහයක් යොදන බවක් දැකිය නොහැකි අතර අවශ්‍ය ප්‍රතිඵල ලඟාකර ගැනීමට ද අප අසමත්ව ඇත.” ඔහු තම සිහිකැඳවීම අවසන්කරන ලද්දේ සඳමත ගොඩබෑම මුල්වරට සිදු කිරීමේ ගෞරවය එක්සත් ජනපදයට ලබාගැනීමට හැකිවන තරම් ප්‍රමාණවත් කාලයක් එවැනි වැඩසටහනකට ලඟාවීමට ගත වනු ඇති බව සඳහන් කරමිනි.
 
[[Image:Kennedy_Giving_Historic_Speech_to_Congress_-_GPN-2000-001658.jpg |thumb|alt=tiny globe|සඳ මත ගමන් කිරීමේ තීරණය : 1961 වසරේ මැයි 25 වන දින ජනාධිපති ජෝන් F කෙනඩි එක්සත් ජනපද කොන්ග්‍රස් මණ්ඩලයේ ඒකාබද්ධ රැස්වීමක් අමතන අයුරු ]]
 
කෙනඩි සිය කතාව ඉදිරිපත් කරන විට අභ්‍යවකාශයට ගමන් කොට තිබුණේ එක් ඇමරිකානුවෙකු පමණි. එයද ඔහුගේ කතාවට මාසයකට අඩු කාලයකට ප්‍රථමව වේ. තවද ඒ වන විටද නාසා ආයතනය මිනිසකු කක්ෂගත කිරීමට අසමත් තත්ත්වයක පසුවිය. ඇතැම් නාසා සේවකයින් කෙනඩිගේ අපේක්ෂා සහගත ඉලක්කයන් ට ලඟාවීම පිළිබඳ සැක පලකළහ.
 
 
[[Image:John_F._Kennedy_speaks_at_Rice_University.jpg|thumb|alt=tiny globe|left|1962 වසරේ සැප්තැම්බර් මස 12 වැනි දින එක්සත් ජනපද අභ්‍යවකාශ වැඩ සටහන සම්බන්ධයෙන් ජනාධිපති ජෝන් F කෙනඩි රයිස් (Rice) විශ්ව විද්‍යාලයේදී දේශණයක් ඉදිරිපත් කරන අයුරු.]]
==අභ්‍යාවකාශ යානාව==
චන්ද්‍ර කක්ෂ සංකේතස්ථානයට (Rendezvous) පක්ෂපාතීව ගත් තීරණය ඇපලෝ අභ්‍යාවකාශ යානාවල මූලික සැලැස්ම ලෙස එලි දක්වන ලදී. එය ප්‍රධාන කොටස් 2කින් සමන්විත වේ. ඒවා නම් අණ දීම්/ සේවා මොඩියුලය (CSM) (මෙහෙයුමෙන් වැඩි කාලයක් කාර්ය මණ්ඩලය ගත කරන්නේ මෙය තුළය) හා චන්ද්‍ර මොඩියුලය (LM) (චන්ද්‍ර මතුපිටට ගොඩ බා නැවත පැමිණෙන්නේ මෙයයි.)
 
=== අණ දීම්/සේවා මොඩියුලය ===
 
 
හැරිසන් ස්ටෝම්ස්ගේ නායකත්වය යටතේ නෝර්ත් ඇමරිකන් ඒවියේෂන් විසින් නාසා සඳහා CSM තැනීමේ කොන්ත්‍රාත්තුව දිනා ගන්නා ලදී. නෝර්ත් ඇමරිකන් හා නාසා අතර වූ සම්බන්ධතාවය ඇපලෝ වැඩසටහන අතරතුර දුර්වල විය. (විශේෂයෙන් ගඟනගාමීන් තිදෙනෙක් මිය ගිය ඇප‍ලෝ 1 ගින්නට පසු) මෙම ගින්නට හේතුව ලෙස තීරණය වූයේ අණ දීම් මොඩියුලයේ රැහැන් ඇදීමෙහි වූ විද්‍යුත් ලුහුවත් වීමක්ය. අනතුර සඳහා වගකිවයුත්තන් තීරණය කිරීම සංකීර්ණ වුවත් අදාල කමිටුව තීරණය කළේ එය සිදු වූයේ අණදීම් මොඩියුලය සැලසුම් කිරීමේ, නිර්මාණය කිරීමේ හා තත්ව පාලනයේ දෝෂ නිසා බවයි.
 
 
=== චන්ද්‍ර මොඩියුලය ===
 
 
සඳ මතුපිට වූ ඇපලෝ LM චන්ද්‍ර මොඩියුලය නිර්මාණය කරනු ලැබුවේ සඳ මතට ගොඩ බෑමට හා නැවත සඳෙන් නිකුත් වී අණදීම් මොඩියුලය කරා යාමටය. එයට සීමා සහිත තාපාවරණයක් තිබූ අතර එය නිපදවා තිබුණේ පෘථිවි ගුරුත්වය යටතේ පියාසර කිරීමට නොහැකි තරම් අඩු ස්කන්ධයකින් යුක්තවය. එය කාර්යය මණ්ඩල සාමාජිකයින් දෙදෙනෙක් රැගෙන ගිය අතර අදියර 2 කින්ද සමන්විත විය. ඒවා නම් ගොඩ බෑම් අදියර හා නිකුත් වීම් අදියරයි. ගොඩ බෑම් අදියරට ඇපලෝ චන්ද්‍ර මතුපිට පර්යේෂණ පැකේජය හා චන්ද්‍ර රෝවරය ගෙන යා හැකි කුටි ඇතුළත් විය.
 
==රොකට් බූස්ටර ==
වර්න්හර් වොන් බ්‍රෝන් මඟින් නායකත්වය දුන් ඉංජිනේරු කණ්ඩායමක් ඇපලෝ වැඩ සටහන සඳහා සැලසුම් කිරීම ආරම්භ කළේය. එවිට ඔවුන්ගේ රොකට් බූස්ටරවලට සහාය දීමට ඇත්තේ කිනම් ආකාරයේ මෙහෙයුමකටදැයි ඔවුන්ට පැහැදිලි නොවීය. සෘජු නික්මීමක් සඳහා බූස්ටරයක් අවශ්‍ය වේ. සැලසුම් කර තිබූ නෝවා රොකට්ටුවක විශාල බර ප්‍රමාණයක් එසවීමේ හැකියාව තිබේ. නාසාහි තීරණය නිසා මාෂල් අභ්‍යාවකාශ ගමන් මධ්‍යස්ථානයන්හි වැඩකටයුතු සැටර්න් 1B හා සැටර්න් V නිෂ්පාදනය කරා යොමු විය. මේවා නෝවාට වඩා ජවයෙන් අඩු වූ නමුත් සැටර්න් V ඊට පෙර නිපදවූ ඕනෑම බූස්ටරයකට වඩා බලයෙන් වැඩි විය.
 
===සැටර්න් V===
 
 
සැටර්න් V රොකට්ටුව 1969 ජූලි 16 වනදා ඇපලෝ 11 හා එහි කාර්යය මණ්ඩලය සඳ කරා නිකුත් කරයි.
[[Image:Ksc-69pc-442.jpg |thumb|alt=tiny globe|ඇපලෝ 6 කට්ටලය අඩංගු සැටර්න් V රූපසටහන]]
 
දෙවන අදියර වන S-II , J-2 එංජින් 5කින් සමන්විත වේ. ඒවා දළ වශයෙන් මිනිත්තු 6ක් පුරා දහනය වන අතර අභ්‍යාවකාශ යානය පැයට සැතපුම් 15300 ක වේගයෙන් (6.84kms-1) හා සැතපුම් 115ක් පමණ වන උන්නතාංශයකට රැගෙන යයි. මෙම අවස්ථාව වන විට S-IV B තෙවන අදියර ක්‍රියාත්මක වී අභ්‍යාවකාශ යානය කක්ෂයට ඇතුල් කරයි. එහි එක් J-2 එංජිම ට්‍රාන්ස් චන්ද්‍ර ඇතුල්වීම් දහනය සිදු කිරීම සඳහා නැවත පණ ගැන්වීමට හැකි ලෙස සැලසුම් කර ඇත.
 
===සැටර්න් IB===
 
සැටර්න් IB යනු මුල් සැටර්න් 1හි වැඩි දියුණු කළ සංස්කරණයකි. එයට H-1 එන්ජින් 8කින් යුත් ප්‍රථම අදියරක් හා සැටර්න් V හි තෙවන අදියරට සමාන S-IV B දෙවන අදියරක් ද ඇත. සැටර්න් V හි වූ රාත්තල් මිලියන 7.5ක තෙරපුමට සන්සන්දනාත්මකව සැටර්න් IB ට එහි ප්‍රථම අදියරේ දී ඇත්තේ රාත්තල් මිලියන 1.6ක තෙරපුමක් ඇත. නමුත් එයට අණ දීම් හා චන්ද්‍ර මොඩියුලය පෘථිවි කක්ෂයට යැවීමේ හැකියාව ඇත. එය ඇපලෝ පර්යේෂණ මෙහෙයුම්වල දී ස්කයි ලැබ් වැඩසටහනේ දී හා ඇපලෝ - සොයුස් පර්යේෂණ වැඩසටහනේ දී යොදා ගන්නා ලදී. 1973 දී සැටර්න් V විසින් නිකුත් කරන ලද නැවත සවි කරන ලද S-IVB අදියරක් ස්කයි ලැබ් අභ්‍යාවකාශ මධ්‍යස්ථානය බවට පත් විය.
 
== මෙහෙයුම් වර්ග ==
[[Image:Apollo_15_Lunar_Rover_and_Irwin.jpg|thumb|alt=tiny globe|ජිම් ඉර්වින්, Apollos 15–17 යොදා ගෙන ලූනා කැරකෙන වාහනය භාවිතා කරමින්]]
1967 සැප්තැම්බර්හීදි ටෙක්සාස් හුස්ටන් හි මිනිසුන් සහිත අභ්‍යවකාශ යානා මධ්‍යස්ථාන මිනිසුන් සහිත චන්ද්‍ර ගොඩ බෑමකට මෙහෙයවන මෙහෙයුම් ශ්‍රේණියක් යෝජනා කරන ලදී. මෙහෙයුම් වර්ග 7 ක් ඔවුන් විසින් යෝජනා කරනලද අතර ඒ එක එකක් විසින් විශේෂිත සංරචක හා කොටස් පරීක්ෂා කරයි. ඊළඟ මෙහෙයුම් වර්ගය පරීක්ෂා කිරීමට පෙර ඊට පෙර වු මෙහෙයුම් වර්ගය අනිවාර්යයෙන්ම සාර්ථකව සම්පුර්ණ කළ යුතුව තිබිණි. එම මෙහෙයුම් වර්ග වුයේ,
 
== ඇපලෝ යෙදුම් මෙහෙයුම් ==
 
 
ඇපලෝ මෙහෙයුමේ සාර්ථකත්වයත් සමග නාසා හා එහි ප්‍රධාන කොන්ත්‍රාත්කරුවන් ඇපලෝ දෘඩාංග සඳහා පසු චන්ද්‍ර යෙදුම් සොයා බලන ලදී. පසුව ඇපලෝ යෙදුම් වැඩසටහන ලෙස හැදින් වු ඇපලෝ විස්තාරණ ශ්‍රේණිය පෘතුවි කක්ෂය කරා පියාසර 30 ක් දක්වා යෝජනා කරන ලදී. මෙයින් බොහෝමයක් සදහා භාවිතා කීරිමට යෝජනා කරන ලද්දේ විද්‍යාත්මක උපකරණ රැගෙන යාම සඳහා සැටර්න් රොකට්ටුව තුළ දී චන්ද්‍ර මොඩියුලය භාවිතා කළ අවකාශයයි.
 
ඇපලෝ 16 - 95 kg ඇපලෝ 16 මගින් එකතු කර ගන්නා ලද ෆේරෝන් අනෝර්තෝසයිට් චන්ද්‍ර පාශාණය පෘතුවිය මත ඇති චන්ද්‍ර පාෂාණවලින් ප්‍රභවය වන්නේය. එය සොයා ගන්නා ලද්දේ ඇපලෝ වැඩසටහනෙන්, සෝවියට් එකමුතුවේ ලුනා මෙහෙයුම් වලින් හා චන්ද්‍ර උල්කාෂ්ම වලින් ගත් සාම්පල් වලින් පමණි. අනාගතයේ දී මිනිසුන් සහිත හෝ රහිත මෙහෙයුම් මගින් තව තවත් චන්ද්‍ර පාශාණ එකතුකර ගැනීමට හැකිවනු ඇත.
 
 
ඇපලෝ වැඩසටහන මගින් 381.7 kg ස්කන්ධයකින් යුත් පාෂාණ සහ අනෙකුත් වස්තු සදෙන් ගෙන එන ලද අතර මේවායින් බොහෝමයක් හූස්ටන්හි පිහිටි Lunar receiving විද්‍යාගාරයේ ගබඩා කර ඇත. තවත් කොටසක් ශ්‍රී ලංකාවේ ඇත.
 
 
== කන්ස්ටිලේෂන් (Constillation) වැඩසටහන ==
 
2004 ජනවාරි මස 14 වනදා ජනාධිපති බුෂ් විසින් අභ්‍යාවකාශ ගවේෂණය සඳහා නව දැක්මක් ප්‍රකාශයට පත් කළේය. එයට 2020ට පෙර සඳ වෙත ගඟනගාමීන් යැවීමේ සැලසුමක් ද ඇතුළත් විය. (ප්‍රථම මිනිස් ගොඩ බෑම වන ඕරියන් 17 වර්තමානයේ දී 2019 සඳහා සැලසුම් කර ඇත.) මෙහි මෙහෙයුම් නාසාහි මිනිස් අභ්‍යාවකාශ ගමන් සඳහා වූ අභ්‍යාවකාශ යානාවල නව පරම්පරාවක් ආරම්භ කිරීම සඳහා වූ කන්ස්ටිලේෂන් ව්‍යාපෘතියේ කොටසක් වේ.
 

සංස්කරණ

19,665

ක්

"https://si.wikipedia.org/wiki/විශේෂ:MobileDiff/358216" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි