"අඟහරු ග්‍රහලොව" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
61 පේළිය:
 
අඟහරු පෘෂ්ඨය මත කලක් ද්‍රව ජලය පැවති බවට තවත් සාක්ෂියක් වන්නේ හෙමටයිට් හා ගොයිතයිට් නමැති විශේෂිත ඛනිජ ලවණ දෙක එහි පෘෂ්ඨයෙන් සොයා ගැනීමය. මේවා ජලය ඇති ඇතැම් අවස්ථාවලදී සෑදෙන ඛනිජ ලවණ දෙකකි.
 
==වායු ගෝලය==
[[ගොනුව:Mars atmosphere.jpg|thumb|left|අඟහරු‍ගේ වායු ගෝලය, මෙම පහත් කක්ෂීය ඡායාරුවේ දිගන්තයේ දෘෂ්‍යමානව.]]
 
අවුරුදු බිලියන 4කට පෙර එහි චුම්බකගෝලය අඟහරු හට අහිමි වූ අතර එම නිසා සූර්ය සුළං කෙලින්ම අඟහරු අයන ගෝලයට බැලපෑම් ඇති කරයි. මෙම ක්‍රියාවලිය බාහිර ස්ථරයෙන් පරමාණු ඉවත් කරමින් වායුගෝලය වඩාත් තුනී බවට පත් කර ඇත. මෙම අයනීකරණය වූ වායුගෝලීය අංශු අඟහරු පිටුපසින් ඇදී යනු Mars Global Surveyor හා Mars Express යන 2ම මඟින් අනාවරණය කරගන්නා ලදී. අඟහරුගේ වායුගෝලය දැන් සාපේක්ෂව ඉතා තුනීව පවතී. ඔලිම්පස් මොන්ස් සිට හෙලාස් ප්ලැනිෂියාහි අභ්‍යන්තරය දක්වා පෘෂ්ඨය මත වායු ගෝල‍ පීඩනය 30 Pa (0.03 kPa) සිට 1155 Pa (1.155 kPa) දක්වා වෙනස් වේ. අඟහරුගේ මධ්‍යන්‍ය පෘෂ්ඨ වායුගෝල පීඩනය 600 Pa (0.6 kPa) පමණ වේ. මෙය පෘථිවි පෘෂ්ඨ වායුගෝල පීඩනයෙන් (101.3 kPa) සියයෙන් එකකටත් වඩා අඩු ප්‍රමාණයකි. අඟහරුගේ මධ්‍යන්‍ය පෘෂ්ඨ වායුගෝල පීඩනය පෘථිවි පෘෂ්ඨයෙන් 35 km ඉහළ පවතින පීඩනයට සමාන වෙයි. වායුගෝලයේ පරිමානීය උස, 11 පමණ, පෘථිවියට වඩා වැඩි අතර (6 km) මෙයට හේතුව අඩු ගුරුත්වයයි.
අඟහරුගේ වායුගෝලයේ 95% කාබන් ඩයොක්සයිඩ්, 3% නයිට්‍රජන්, 1.6% ආගන් හා ඔක්සිජන්, ජලය අංශු මාත්‍ර වශයෙන් පවතී. වායුගෝලය දුහුවිලි සහිත වන අතර 1.5 µm පමණ විශ්කම්භයක් ඇති අංශුවලින් ගහනය. මෙම නිසා පෘෂ්ඨයේ සිට බලන කළ අඟහරු අහසට දුඹුරු වර්ණයක් ලැබී ඇත.අඟහරු වායුගෝලයේ පරිමාව අනුව 10 ppb(අංශු බිලියනයට) සාන්ද්‍රණයක් සහිතව මෙතේන් පවතින බවට සමහර පරීක්ෂකයන් ප්‍රකාශ කරති. මෙතේන් පාරජම්බුල කිරණ මගින් බිඳ වැටෙන, ආකෘතික වශයෙන් අවුරුදු 340 ක් අඟහරු වායුගෝලයේ ජීව කාලයක් පවතින, අස්ථායී වායුවක් නිසා එහි පැවැත්ම ග්‍රහලොව මත වර්තමාන හෝ මෑත කාලීන ප්‍රභවයක් පිළිබඳ ඉඟි කරයි. ගිනි කඳු ක්‍රියාකාරකම් , ධූමකේතු ගැටීම් හා මෙතේන් නිපදවන ක්ෂුද්‍ර ජීවීන්ගේ පැවැත්ම මෙලෙස පැවතිය හැකි ප්‍රභවයන්ය. පසු කාලීනව අඟහරු මත බහුලව ඇති ඛනිජමය ඔලිවයින්, කාබන් ඩයොක්සයිඩ් හා ජලය එක්ව සිදුවිය හැකි ජීව විද්‍යාත්මක නොවන සංසිද්ධියක් වන “සර්පන්ටයින්කරණය” නම් ක්‍රියාවලිය මගින් ද මෙතේන් නිපදවෙන බව පෙන්වා දෙන ලදී.
ධ්‍රැව ශීත කාලවලදී මෙය දිගු අඳුරක පවතින අතර පෘෂ්ඨය සීතල කරමින් මුළු වායුගෝලයෙන් 25-30% පමණ ඝන CO2 (වියළි අයිස්) ඵලක බවට මිදීමට ලක්වේ. ධ්‍රැවය සූර්යාලෝකයට නැවත නිරාවරණය වූ පසු මිදුණු CO2 ඌර්ධවපාතනය වී ධ්‍රැව හරහා 400 km/h වේගයෙන් හමායන වේගවත් සුළං ඇති කරයි. මෙම සෘතුමය ක්‍රියාකාරකම් දූවිලි හා ජල වාෂ්ප විශාල ප්‍රමාණවලින් ප්‍රවාහනයකට ලක් කරන අතර පෘථිවියේ මෙන් තුෂාර හා කෙඳි වළාකුළු ඇති කරයි. ජල අයිස්වලින් සැදුම් ලත් වළාකුළු 2004 ඔපචුනිටි රෝවරය මගින් ඡායාරූපගත කරන ලදී.
 
{{සෞරග්‍රහ මණ්ඩලය}}
"https://si.wikipedia.org/wiki/අඟහරු_ග්‍රහලොව" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි