"සෞර ග්‍රහ මණ්ඩලයෙහි නිර්මාණය සහ පරිණාමය" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
සංස්කරණය
සංස්කරණය
6 පේළිය:
 
එහි මුල් නිර්මාණයෙන් පසුව, සෞර ග්‍රහ මණ්ඩලය බෙහෙවින් [[පරිණාමය|පරිණාමයට]] ලක් වී ඇත. ඒවායේ පීතෘක ග්‍රහ ලෝක වටා කරකැවෙන වායු සහ ධූලි තැටි වෙතින් බොහෝ චන්ද්‍රයන් නිර්මාණය වූ අතර, අනෙකුත් චන්ද්‍රයන් ස්වාධීනව නිර්මාණය වීමෙන් පසුව ඒවායේ පීතෘක ග්‍රහ ලෝක විසින් අත්පත් කරගෙන ඇත. පෘථිවියෙහි [[චන්ද්‍රයා]] වැනි තවත් සමහර ඒවා, [[යෝධ ගැටුම් උපකල්පිතය |යෝධ ගැටුම්]] වෙතින් නිර්මාණය වී ඇත. වස්තූන් අතර ගැටුම් වර්තමානය දක්වාම නිරන්තරයෙන් සිදුවී ඇති අතර, සෞර ග්‍රහ මණ්ඩලයෙහි පරිණාමයට හේතු පාදක වී ඇත. ගුරුත්වාකර්ෂණ අන්තර්ක්‍රියාවන් නිසා ග්‍රහ ලෝකයන්ගේ පිහිටුම් ස්ථානයන්ගේ වෙනස් කම් සිදුවී ඇත.<ref name="Gomes" /> සෞර ග්‍රහ මණ්ඩලයෙහි ආදිතම පරිණාමය සඳහා මෙම [[ග්‍රහ ලෝක සංචරණය]] ඉවහල් වූයේ යැයි දැන් සිතනු ලැබේ.
 
දළ වශයෙන් වසර බිලියන&nbsp;5 ක් ගත වෙත්ම, සූර්යයා සිසිල් වී එහි වත්මන් විෂ්කම්භය මෙන් කිහිප ගුණයක් වන තුරු පිටතට ප්‍රසාරණය වීමෙන් පසුව ([[රතු යෝධයා|රතු යෝධයෙකු]] බවට පත් වෙමින්), [[ශ්වෙත වාමනයා|ශ්වෙත වාමනයෙක්]] ලෙසින් හැඳින්වෙන තාරීය අවශිෂ්ටයක් ඉතිරි කරමින් [[ග්‍රහ නිහාරිකාව|ග්‍රහ නිහාරිකාවක්]] බවට එහි බාහිර ස්ථර පත් කරයි. ඈත අනාගතයෙහිදී, එය පසු කර යන්නාවූ තාරකාවන්ගේ ගුරුත්වාකර්ෂණය විසින් සූර්යයාගේ ග්‍රහ ලෝක කට්ටලය කෙමෙන් අඩු කර දමනු ඇත. සමහරක් ග්‍රහ ලෝක විනාශ වනු ඇති අතර, අනෙක්වා [[අන්තස්තාරීය අවකාශය]] වෙතට නෙරපා හැරෙනු ඇත. අත්‍යන්තයෙහිදී, වසර [[ඈත අනාගතයෙහි කාලානුක්‍රමය |බිලියන දස ගණනක]] කාල සීමාවකදී, පෙරදී එය වටා පරිභ්‍රමණය වූ වස්තූන්ගෙන් කිසිවක් සූර්යයා සතුව ඉතිරි වනු නොමැත.<ref name=dyson />
 
==ඉතිහාසය==
{{ප්‍රධාන|සෞර ග්‍රහ මණ්ඩලයෙහි නිර්මාණය සහ පරිණාමය පිළිබඳ උපකල්පිතයන්ගේ ඉතිහාසය }}
[[ගොනුව:Pierre-Simon Laplace.jpg|thumb| නිහාරිකා උපකල්පිතයෙහි මූලාරම්භකයන්ගෙන් කෙනෙකු වන [[පියර්-සිමොන් ලප්ලාස්]]]]