"මහාවංශය" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
42 පේළිය:
වැදගත් ඓතිහාසික මූලාශ්‍රයක් වීම හැරුණු විට එය [[පාලි|පාලි භාෂාවෙන්]] ලියැවුණු වීර කාව්‍යයකි. කදිම ගීතවත් භාෂාවකින් ලියැවුණු මතක තබා ගත හැකි කථා, එනම් යුද්ධ, ආක්‍රමණ රජ පවුලේ කුමණ්ත්‍රන, මහා ථූප සහ ජලාශ ගොඩනැංවීම පිළිබඳ කථා, කාලීන බෞද්ධ ලෝකයේ අවධානය දිනා ගත්තේය. එකල රුවන්වැලි සෑය මුළු ලෝකයේම උසම ගොඩනැගිල්ල විය.{{citation needed}} [[මහා පරාක්‍රමබාහු රජතුමා|පරාක්‍රමබාහු රජතුමාගේ]] [[ඉංජිනේරු විද්‍යාව​|ඉංජිනේරු ක්‍රම]] එකල ලෝකයේ තිබුණු මහා වාරි ව්‍යාපාර විය. පුරාණ කාලයේ ලියැවුණු අනෙකුත් ලේඛණ මෙන් නොව එය සාමාන්‍ය ජන ජීවිතයේ බොහෝ පාර්ශවයන් ගැන සාකච්ඡා කර ඇත. රජුගේ හමුදාවට බැඳුණේ කෙසේද නැතහොත් ගොවිතැන් කළේ කෙසේද යනාදී වශයෙනි. (පරිච්ඡේද xxii – xxviii බලන්න)
මහාවංශය [[සේද මාවත]] දිගේ බොහෝ බෞද්ධ රටවල්වලට ගෙන යන ලදී. එහි කොටස් වෙනත් භාෂාවලට එක්කෝ පරිවර්තනය කර නැතහොත් එහි අඩංගු කාරණා වෙනත් භාෂාවලින් නැවත කියා ඇත. [[බුරුමය|බුරුමයේ]] හා [[තායිලන්තය|තායිලන්තයේ]] එහි අගනා පිටපත් තිබේ. වෙනත් වංශ කථා වර්ගයේ පාලි කෘතීන්වල දියුණුව කෙරෙහි මහාවංශය බොහෝ සේ බලපෑවේය. එහි ප්‍රථිපලයක් වශයෙන් එකල පාලි කාව්‍යය පිළිබඳ ලෝකයේ ප්‍රධාන මධ්‍යස්ථානය බවට සමහර විට ලංකාව පත් වන්නට ඇත.
 
== චූල වංශය හෙවත් මහාවංශය II වන කාණ්ඩය ==
 
[[සිංහල ජනයා|සිංහල]] බෞද්ධ භික්ෂුන්වහන්සේලා විසින් සම්පාදිත, [[චූල වංශය]] (''සුළුතර වංශ කථාව'') නම් සාමායක වෙළුමක් ඇති බවට ගයිගර් නම් ජර්මන් ජාතික පඬිවරයා මත‍යක් ඉදිරිපත් කර ඇත. මේ සඳහා පාදක වී තිබෙනුයේ සිංහලයේ රජවරුන් පිළිබඳ ව පූජාවලියෙ හි එන යෙදුමකි. මහාවංශ I වන කාණ්ඩයේ එන රජවරු මහාවංශ රජවරු ලෙසත් ඉන් පසු කාණ්ඩ වල එන රජවරු චූලවංශ රජවරු ලෙසත් පූජාවලියෙ හි සඳහන් වී තිබේ. ගයිගර් පඬිවරයා මහාවංශයේ II වන කාණ්ඩයේ සිට චූල වංශය යන නාමය භාවිතා කර ඇත්තේ මේ නිසයි. ඒ හැරෙන්න‍ට චූල වංශය නමින් ග්‍රන්ථයක් සම්පාදනය වූ බවට වෙනත් සාක්ෂියක් හමු වී නැත.
 
== දේශපාලනික වැදගත්කම ==
"https://si.wikipedia.org/wiki/මහාවංශය" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි