"අනුරාධපුර යුගයේ සිංහල සාහිත්‍යය" හි සංශෝධන අතර වෙනස්කම්

[[Image:Anuradhapura stupa.jpg|right|400px|thumb|අනුරාධපුර ස්ථූප]]
==ඉගෙනීමේ ප්‍රධාන අංගය==
 
ස්මරණ ශක්තිය එවක උගත්කමෙ විශේෂ වරප්‍රසාදය විය.කටපාඩම් කිරීම ඉගෙනීමේ ප්‍රධාන අංගය විය.කටපාඩමින් පරපුරෙන් පරපුරට ධර්මය රැගෙන ගියේ ග්‍රන්ථධර භික්ෂූන් වහන්සේලාය.
 
ඉන්පසුව පාලි සාහිත්‍යයේ හා සංස්කෘත සාහිත්‍යයේ වර්ධනයක්ද ඇතිවිය.
 
===සෙල්ලිපි හා පොත්පත්===
අනුරාධපුර කාලයට අයත් මුල් යුගයේ ලියැවුණු පොත්පත් මෙකල නැත.එවක ලියැවුණු දේ පිරික්සන විට ලිවීමෙ තතු සඳහා අපට පිහිට කර ගත හැක්කේ සෙල්ලිපිත් හෙළ අටුවා වදන් යයි සළකනු ලබන වාක්‍ය කිහිපයකුත් පමණි.
 
===පොත්පත්===
මිහිදුමාහිමියන් වචන මාර්ගයෙන් ගෙන ආ පෙළඅටුවා මෙරට භික්ෂූන් හෙළ බසින් උගත් බව සඳහන් වේ.එද පෙළදහම සෙයින් රැකගත් භික්ෂූහු පොත්ලිවීම ආරම්භ කලාට පසු ග්‍රන්ථාරුඪ කළහ.සිංහල සාහිත්‍යයේ චිරන්තන ග්‍රන්ථ වූ මේ පොත්පෙළ හෙළ අටුවා ලෙස හැඳින්වේ.මේ හෙළ අටුවා තිබුණේ පාලි අටුවා වලිනි.බුදුගොස් හිමියන් පස්වන සියවසේ ලක්දිවට පැමිණ පාලි අටුවා කරන ලද්දේ මෙම හෙළ අටුවා උපකාර කර ගෙනයි.
 
 
===සීගිරි ගී===
 
අනුරාධපුර යුගයේ ඉතා අනුස්මරණීය වූ සාහිත්‍යය සටහනක් නම් සීගිරි ගී පෙළයි.දැනට ප්‍රකාශිත ශිලාලිපි හැරුණු කොට මෙතෙක් සොයාගෙන ඇති සිංහල සාහිත්‍යයේ ඉතාම පැරණි සටහන හැටියට ඇත්තේ මේ ගී වැලයි.
 
සීගිරී ගී පිරික්සන විට එහි සාහිත්‍යමය අගය,එවක කවියේ විචාරශීලී අගය සොයා ගත හැකිය.
 
===ගැටපද, සන්‍ය, පිටපොත්, වණ්‍ර්‍ණනා===
 
අපේ පුරාතන සාහිත්‍යයේ හා හා පුරා කියා අපට හමුවන්නේ ගැටපද,සන්‍ය,පිටපොත්,වණ්‍ර්‍ණනා යන නම් වලින් යුත් පොත් ගණයකි.සාහිත්‍යයට මේ පොත් බෙහෙවින් පිහිට වන්නේ භාෂාවේ වර්ධනය ඇති වූ සැටි පෙන්වා දීමටයි.
 
====ගැටපද====
 
පාලි අටුවාවල ඇතැම් වචන තව දුරටත් ලිහිල් කර දැක්වීමේ උපායක් වශයෙන් ගැටපද හෙවත් ගණ්ඨී පද ලියැවී තිබේ.
උදා- විසුද්දි මග්ගයට ලියූ ගැටපදය, අභිධම්මට්ඨ කතාවට ලියූ ගැටපදය
 
====සන්‍ය====
 
"තේරුම"යන සාමාන්‍ය අරුත දෙයි.
 
#වෙසතුරු දා ගාථා සන්‍යය
 
====සියබස්ලකර (පද්‍ය)====
සීගිරි ගී හැරුණු විට ඊළඟ ඉතා පැරණි ගී ඇති සිංහල පොත සියබස්ලකරයි.එය ලියැවී තිබෙන්නේ නවවන සියවසේ මධ්‍ය කාලයේදීය.සකු අලංකාර ග්‍රන්ථයක ඇසුර ලබමින් ලියන ලද්දකි.සංස්කෘත අලංකාර ශාස්ත්‍රයේ ප්‍රසිද්ධ කාව්‍යාදර්ශය ඇසුරෙන් සිංහල සියබස්ලකර ලියන ලද්දේ සලමෙවන් රජකෙනෙකුන් විසින් බව පොතේ අග සඳහන් වේ.
 
====සිඛවළඳ හා සිඛවළඳ විනිස(ගද්‍ය)====
 
සිංහල සාහිත්‍යය ඉතිහාසයේ පුරාතන අවධියට අයත් ඉතා පැරණි ගද්‍ය කෘතියකි.සිඛවළඳ විනිස උපසපන් භික්ෂූන් සඳහා පිළියෙළ කළ ශාසනික විනය නීති සංග්‍රහයකි.සිඛවළඳ වඩාත් පැහැදිලි කිරීමේ අරමුණින් සිඛවළඳ විනිස ලියා තිබේ.
 
 
====දම්පියා අටුවා ගැටපදය====
 
පුරාතන සන්‍ය ගැටපද පොත් අතර පැරණිම ග්‍රන්ථයයි.බෞද්ධාගමික ස්වරූපය ගත් කතා එහි දක්නට ලැබේ.දම්මපදට්ඨ කතාව සිංහලයන්ට වඩාත් පහසුවෙන් දැන ගැනීමට දම්පියා අටුවා ගැටපදය ලියා තිබේ.
 

සංස්කරණ

19,667

ක්

"https://si.wikipedia.org/wiki/විශේෂ:MobileDiff/356769" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි