"මහාවංශය" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
19 පේළිය:
මහාවංශය [[සේද මාවත]] දිගේ බොහෝ බෞද්ධ රටවල්වලට ගෙන යන ලදී. එහි කොටස් වෙනත් භාෂාවලට එක්කෝ පරිවර්තනය කර නැතහොත් එහි අඩංගු කාරණා වෙනත් භාෂාවලින් නැවත කියා ඇත. [[බුරුමය|බුරුමයේ]] හා [[තායිලන්තය|තායිලන්තයේ]] එහි අගනා පිටපත් තිබේ. වෙනත් වංශ කථා වර්ගයේ පාලි කෘතීන්වල දියුණුව කෙරෙහි මහාවංශය බොහෝ සේ බලපෑවේය. එහි ප්‍රථිපලයක් වශයෙන් එකල පාලි කාව්‍යය පිළිබඳ ලෝකයේ ප්‍රධාන මධ්‍යස්ථානය බවට සමහර විට ලංකාව පත් වන්නට ඇත.
 
== චූල වංශය ස‍හහෙවත් මහාවංශය II වන කාණ්ඩය ==
 
[[සිංහල ජනයා|සිංහල]] බෞද්ධ භික්ෂුන්වහන්සේලා විසින් සම්පාදිත, [[චූල වංශය]] (''සුළුතර වංශ කථාව'') නම් සාමායක වෙළුමක් ඇති බවට ගයිගර් නම් ජර්මන් ජාතික පඬිවරයා මත‍යක් ඉදිරිපත් කර ඇත. මේ සඳහා පාදක වී තිබෙනුයේ සිංහලයේ රජවරුන් පිළිබඳ ව පූජාවලියෙ හි එන යෙදුමකි. මහාවංශ I වන කාණ්ඩයේ එන රජවරු මහාවංශ රජවරු ලෙසත් ඉන් පසු කාණ්ඩ වල එන රජවරු චූලවංශ රජවරු ලෙසත් පූජාවලියෙ හි සඳහන් වී තිබේ. ගයිගර් පඬිවරයා මහාවංශයේ II වන කාණ්ඩයේ සිට චූල වංශය යන නාමය භාවිතා කර ඇත්තේ මේ නිසයි. ඒ හැරෙන්න‍ට චූල වංශය නමින් ග්‍රන්ථයක් සම්පාදනය වූ බවට වෙනත් සාක්ෂියක් හමු වී නැත.
"https://si.wikipedia.org/wiki/මහාවංශය" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි