"අර්ධ සන්නායක" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
No edit summary
ටැගය: ජංගම සංස්කරණය
41 පේළිය:
මාත්‍රක
 
සුදුසු මාත්‍රක ලෙස තෝරන ද්‍රව්‍යය , මාත්‍රක හා මාත්‍රණය කිරීමට ඇති ද්‍රව්‍ය යන දෙකෙහිම පරමාණුක ගුණ මත රඳා පවතී. පොදුවේ ,,, අවශ්‍ය ලෙස පාලනය කළ වෙනස්කම් ඇති කරන මාත්‍රක ඉලෙක්ට්‍රෝන ප්‍රතිග්‍රාහක හෝ දායක ලෙස වර්ගීකරණය කරයි. දායක පරමාණු එහි දුර්වලව බන්ධිත සංයුජතා ඉලෙක්ට්‍රෝන ද්‍රව්‍යයට දායක කර අතිරේක සෘණාරෝපිත වාහක සාදයි. මෙම දුර්වලව බන්ධිත සංයුජතා ඉලෙක්ට්‍රෝනවල‍ට ස්ඵටික දැලිසෙහි සාපේක්ෂව නිදහස් ලෙස චලනය විය හැකි අතර විද්‍යුත් ක්ෂේත්‍රයක් ඉදිරියේ සන්නායකතාවට පහසුකම් සැලසිය හැක. (දායක පරමාණු සන්නායක කලාපය මායිමට යටින් නමුත් එයට ඉතා ආසන්නව සමහරක් තත්ව ඇති කරයි. මෙම තත්ව යටතේ පවතින ඉලෙක්ට්‍රෝන කාමර උෂ්ණත්වයේ දී නිදහස් ඉලෙක්ට්‍රෝන බවට පත්වෙමින් පහසුවෙන් සන්නායක කලාපයට උත්තේජනය කළ හැක. විලෝමීයව , ක්‍රියාකාරී ප්‍රතිගාහක කුහර නිපදවයි. දායක අශුද්ධ ද්‍රව්‍යවලින් මාත්‍රණය කළ අර්ධ සන්නායක n - වර්ගයේ යැයි කියනු ලබන අතර ප්‍රතිග්‍රාහක අශුද්ධ ද්‍රව්‍යවලින් මාත්‍රණය කළ අර්ධ සන්නායක p - වර්ගයේ යැයි කියනු ලැබේ. මෙම n හා p වර්ග නාමය මගින් බහුතර වාහක වන්නේ කුමන ආරෝපිත වාහක වන්නේ ද යැයි දක්වයි. එවිට ප්‍රතිවිරුද්ධ වාහක සුළුතර වාහක ලෙස හඳුන්වන අතර ඒවා තාප උත්තේජනය නිසා ඇතිවන බහුතර වාහක හා සසඳන විට අඩු සාන්ද්‍රණයකින් යුක්ත වේ.
 
නිදසුනක් ලෙස ශුද්ධ සිලිකන් අර්ධ සන්නායකයකට සංයුජතා ඉලෙක්ට්‍රෝන හතරක් ඇත. සිලිකන්වලදී වඩාත් බහුලව භාවිතා කරන මාත්‍රක වන්නේ ආවර්තිතා වගුවේ IUPAC ක්‍රමයට 13 වන කාණ්ඩයේ (සාමන්‍යයෙන් III වන කාණ්ඩය ලෙස හඳුන්වන) සහ 15 වන කාණ්ඩයේ (සාමාන්‍යයෙන් V වන කාණ්ඩය ලෙස හඳුන්වන) මූලද්‍රව්‍යයි. 13වන කාණ්ඩයේ මූලද්‍රව්‍යවල සංයුජතා ඉලෙක්ට්‍රෝන තුනක් ඇති අතර එය සිලිකන් මාත්‍රණය කිරීමේදී ප්‍රතිග්‍රාහක ලෙස හැසිරීමට හේතු වේ. 15 වන කාණ්ඩයේ මූලද්‍රව්‍යවලට දායක ලෙස හැසිරීමට හේතුවන සංයුජතා ඉලෙක්ට්‍රෝන පහක් ඇත. එමනිසා බෝරෝන් සමග මාත්‍රණය කළ සිලිකන් දැලිසක් p වර්ගයේ අර්ධ සන්නායකයක් නිර්මාණය කරන අතර පොස්පරස් සමග මාත්‍රණය කළ විට ප්‍රතිඵල n - වර්ගයේ අර්ධ සන්නායකයකි.
 
වාහක සාන්ද්‍රණය
"https://si.wikipedia.org/wiki/අර්ධ_සන්නායක" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි