"මනෝ විශ්ලේෂණවාදය" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
146 පේළිය:
ප්‍රොයිඩ් විසින් විස්තර කරන ලද '''ප්‍රධාන සංරක්‍ෂණ ප්‍රයෝග''' රාශියකි. ඒවා නම්,
 
'''* අවරෝධනය'''Repression
මෙහිදී සිදුවන්නේ කාංසාමය අත්දැකීම් අවිඥානයට නෙරපා හැරීමයි. පුද්ගලයාට තමන් ලද අත්දැකීම අමතක වූ බවක් පෙනුන ද එම අත්දැකීම අවිඥානය තුල සුරක්‍ෂිතව තැන්පත් වී ඇති බැවින් එය කිසිසේත්ම අමතක වීමක් නොවේ. උදා: කුඩා කාලයේ දඩුවම් කරමින් උගන්වන ලද ගුරුවරයා පිළිබඳව පසුකාලීනව මතකයක් තිබුන ද ඔහුගේ නම අමතක වීම. එයට හේතුව ගුරුවරයා පිළිබඳ කාංසාජනක අත්දැකීම් හේතුවෙන් නම අභිප්‍රේරිතව අමතක වී යාමකි. මෙය ගුරුවරයා ප්‍රතික්‍ෂේප කිරීම හා සමානය.
 
'''* ප්‍රක්‍ෂේපණය'''Projection
මෙහිදී සිදුවන්නේ තමන්ගේ කාංසාජනක අත්දැකීම සමාජයේ වෙනත් පුද්ගලයන්ගේ වගකීමක් ලෙස ප්‍රකාශ කිරීමයි. උදා: තම මිතුරන් සමග කළහයකට මුල පිරූ ළමයෙකු තමන් එසේ සිදු කළේ අන් අය රණ්ඩු කිරීම‍ට සූදානම් වූ නිසා යැයි පැවසීම.
 
'''* විස්ථාපනය'''Displacement
කාංසාව ජනනය කරන සැබෑ විෂය හෝ අත්දැකීම අතහැර එයට දැක්විය යුතු ප්‍රතිචාරය වෙනත් මධ්‍යස්ථ විෂයකට හෝ අත්දැකීමකට සම්බන්ධ කිරීම මේ නම් වේ. උදා: තම පියා සමග කෝප වන පුතෙකු අසල ඇති පු‍ටුවකට පහර දීම.
 
'''* ප්‍රතික්‍ෂේප කිරීම'''Denial
මෙහි අර්ථය නම් පැහැදිලිව ප්‍රකට වන යථාර්තය ප්‍රති‍ක්‍ෂේප කරමින් එහි ප්‍රතිපක්ෂ මිත්‍යා ව පිළිගැනීමයි. උදා: සැමියා මිය ගිය කාංසාව දරා ගත නොහැකි බිරිද තම සැමියා මිය ගියේ නැතැයි පැවසීම.
 
'''* ප්‍රතික්‍රියා සාධනය'''Reaction Formation
මෙහිදී පුද්ගලයා උත්සුක වන්නේ තමන්ට කාංසාව දනවන සිදුවීමට ප්‍රතිවිරුද්ධ දේ සිදු කිරීමටයි. උදා: කිසියම් නීති විරෝධී ක්‍රියාවක් සිදු කළ පුද්ගලයෙකු ඉන් පසු ධර්මිෂ්ඨ තත්වයට පත් වීම.
 
'''* යුක්ති ප්‍රතිපාදනය'''Rationalization
තමන් මුහුණ පෑ කිසියම් අප්‍රසන්න අත්දැකීමකින් මතුවන කාංසාව තුනී කරනු වස් යථාර්තවාදී නොවන අයුරින් හේතු දක්වමින් තර්ක කිරීමයි. උදා: විභාගය අසමත් වූ ශිෂ්‍යයෙකු තමන්ගේ අසමත්වීම සම්බන්ධයෙන් ඉගැන්වූ ගුරුවරයාට දොස් පැවරීම.
 
'''* උත්කර්ෂනය'''Sublimation
තමන්ගේ බලවත් ප්‍රේරණයක‍ට සමාජයෙන් අනුමැතියක් නොලැබෙන්නේ නම් පුද්ගලයා දැඩි කාංසාවට පත් වෙයි. මෙවැනි ප්‍රේරණයන් සමාජය විසින් අනුමත චර්යාවක් කෙරෙහි යොමු කිරීමට අවිඥානිකවම පෙළ‍ඹීම මේ නම් වේ. උදා: ආක්‍රමණකාරී ප්‍රේරණ සහිත පුද්ගලයෙකු දක්‍ෂ ශල්‍ය වෛද්‍යවරයෙකු වීම. මෙම මාධ්‍ය මගින් තමන්ගේ ප්‍රේරණ සමාජය‍ට හානියක් නොවන අයුරින් මුදා හරී.
"https://si.wikipedia.org/wiki/මනෝ_විශ්ලේෂණවාදය" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි