"බැබිලෝනියාව" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
 
31 පේළිය:
 
==බැබිලෝනියාවේ එල්ලෙන උයන==
{{main|බැබිලෝනියාවේ එල්ලෙන උයන}}
බැබි‍ලෝනියාවේ එල්ලෙන උයන, සෙමිරමිස් හි එල්ලෙන උයන යනුවෙන්ද හඳුන්වයි. එය අතීත ලෝක පුදුම හතෙන් එකක් ලෙස ද සැලකිණි. ක්‍රි.පූ. 600 ට ආසන්න කාලයේ දී ගොඩනැගුනු එය ඉදිකරන ලද්දේ දෙවන නෙබුකැඩ්නෙසර් රජතුමා විසිනි. ඓතිහාසික තොරතුරුවල සඳහන් වන පරිදි එය ඉදිකර ඇත්තේ ඔහුගේ බිරිඳ වන මිඩියා හී ඇමිටිස් රුජිනගේ තෘප්තිය සඳහාය. එම උයන් සමුහය ක්‍රි.පූ. දෙවන ශතවර්ෂයේ ඇති වූ භූමිකම්පාවක් හේතුවෙන් විනාශයට පත්විය. එම එල්ලෙන උයන් පිළිබඳ සවිස්තරාත්මක වාර්තා ග්‍රීක ඉතිහාසඥයන් වන, ස්ට්‍රෝබෝ හා ඩ්‍රයඩෝරස් සික්සුලස් විසින් ඉදිරිපත් කරනු ලැබීය. කල්යත්ම එම උයන්වල සැබෑ පිහිටීම, නයින්වේ(Nineveh) ප්‍රදේශයේ පිහිටි උයන් සමූහයෙන් වෙන්කර හඳුනාගැනීමට අපහසු වී ඇත. මන්දයත් එම ප්‍රදේශයේ තිබු සෙල්ලිපි වලත්, උයන් සමුහය පිළිබඳව සඳහන් වී තිබිණි. එම උයන් නිර්මාණයේදී ජලය ඉහළ තැනකට එසවීම සඳහා ආකිමිඩිස් ඉස්කුරුප්පු මුලධර්මයට සමාන වූ ක්‍රමවේදයක් භාවිතා කළ බව එම සෙල්ලිපි වල තවදුරටත් විස්තර වේ.
 
"https://si.wikipedia.org/wiki/බැබිලෝනියාව" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි